The Leader News
BREAKING
Top Ad
පුවත්

තවත් පිම්මක් පනී ! එජාප - සජබ නායකයින් අතර අදත් තීරණාත්මක සාකච්ජාවක්

T

The Leader Desk

January 24, 2026 • 10:04 AM

තවත් පිම්මක් පනී ! එජාප - සජබ නායකයින් අතර අදත් තීරණාත්මක සාකච්ජාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පක්ෂ දෙකෙහි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි මෙම සාකච්ජාවේදී පක්ෂ දෙකෙහි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පලදායී තීන්දු තීරණ කිහිපයක්ම ගෙන ඇත.
  • එක්සත් ජාතික පක්ෂය සමග දේශපාලනික එකඟතාවය ඇතිකර ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස සහ එජාප නායකයින් අතර පළමු සාකච්ජාව පැවතියේ පසුගිය (2025) දෙසැම්බර් 30 දාය.
  • අද පැවති හමුව සම්බන්ධයෙන් X පණිවුඩයත් තබමින් සජිත් ප්‍රේමදාස සදහන් කොට ඇත්තේ සාකච්ඡා ඉතා සාර්ථක බවත්, ජයග්‍රාහී අවසානයක් දක්වා සාකච්ඡා රැගෙන යා හැකි බවට බලාපොරොත්තු විය හැකි බවත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ 'කලම්බෝ ක්ලබ්' හි දී 'දිවා භෝජන සාකච්ජාවක් (lunch meeting) ලෙස පැවති එම සාකච්ජාව සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් එම පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර සහ විපක්ෂ නායක ජ්‍යෙෂ්ඨ උපදේශක ලක්ෂ්මන් ෆොන්සේකා සහභාගී වී ඇති අතර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහ ලේකම් තලතා අතුකෝරල, උප නායක අඛිල විරාජ් කාරියවසම්, උප සභාපති නවින් දිසානායක සහ ජාතික සංවිධායක සාගල රත්නායක සහභාගී ඇත.

පක්ෂ දෙකෙහි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි මෙම සාකච්ජාවේදී  පක්ෂ දෙකෙහි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පලදායී තීන්දු තීරණ කිහිපයක්ම ගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂය සමග දේශපාලනික එකඟතාවය ඇතිකර ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස සහ එජාප නායකයින් අතර පළමු සාකච්ජාව පැවතියේ පසුගිය (2025) දෙසැම්බර් 30 දාය.

අද පැවති හමුව සම්බන්ධයෙන් X පණිවුඩයත් තබමින් සජිත් ප්‍රේමදාස සදහන් කොට ඇත්තේ සාකච්ඡා ඉතා සාර්ථක බවත්, ජයග්‍රාහී අවසානයක් දක්වා සාකච්ඡා රැගෙන යා හැකි බවට බලාපොරොත්තු විය හැකි බවත්ය.

Screenshot 2026 01 24 152927

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...