The Leader News
BREAKING
Top Ad
පුවත්

UAE රාජ්‍යයට එල්ලූ ප්‍රහාරවලින් තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයෙක් !

T

The Leader Desk

March 2, 2026 • 4:06 AM

 UAE රාජ්‍යයට එල්ලූ ප්‍රහාරවලින් තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයෙක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු විවිධ රටවලට අයත් පුද්ගලයින් 58 දෙනෙකු මෙලෙස සුළු තුවාල ලබා ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
  • විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක් මේ අතර හදිසි අවශ්‍යතාවයකදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද තානාපති කාර්යාල නිලධාරීන් දැනුවත් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
  • කාර්යාංශය මැද පෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙන්නේ ශ්‍රමිකයන්ට යම් අවශ්‍යතාවයක් මතුවුවහොත් කඩිනමින් තමන් වෙසෙන රටේ තානාපති කාර්යාලය අමතා තොරතුරු දැනුම් දෙන ලෙසය.
  • යන වට්සප් අංකය හරහා පැය 24 පුරා කාර්යාංශය ඇමතීමට මෙන්ම තොරතුරු ලබා දීමටද හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු විවිධ රටවලට අයත් පුද්ගලයින් 58 දෙනෙකු මෙලෙස සුළු තුවාල ලබා ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම අදාළ ප්‍රහාරවලින් පාකිස්තාන, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයෙකු මේ වනවිට මියගොස් සිටිති.


 විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්


මේ අතර හදිසි අවශ්‍යතාවයකදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද තානාපති කාර්යාල නිලධාරීන් දැනුවත් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කාර්යාංශය මැද පෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙන්නේ ශ්‍රමිකයන්ට යම් අවශ්‍යතාවයක් මතුවුවහොත් කඩිනමින් තමන් වෙසෙන රටේ තානාපති කාර්යාලය අමතා තොරතුරු දැනුම් දෙන ලෙසය.

 0094 704776008  යන වට්සප් අංකය හරහා පැය 24 පුරා කාර්යාංශය ඇමතීමට මෙන්ම  තොරතුරු ලබා දීමටද හැකිය.

කාර්යාංශයේ හදිසි ඇමතුම් අංකය වන 1989 හරහාද තොරතුරු දැනුම් දිය හැකි වේ.

 
කලාපයේ පවතින අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන ලෙසත්, අදාළ තානාපති කාර්යාල වල උපදෙස් පිළිපදින ලෙසත් මැදපෙරදිග සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී.

මේ අතර එම කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබේ.

ඒ අනුව,

 * විශ්වාසදායක දේශීය මාධ්‍ය හා සත්කාරක රටේ නිල නිවේදන අනුව කටයුතු කිරීම.

* අත්‍යාවශ්‍ය නොවන සංචාර හා විශාල මහජන රැස්වීම් වලට සහභාගී වීමෙන් වැළකීම.

* ළගම ඇති ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය සමග නිරන්තරයෙන් සම්බන්ධතා පැවැත්වීම.

* ජංගම දුරකථන අරෝපනය කර තබා ගැනීම

* සෑම විටම වලංගු හැදුනුම්පත් හා ලේඛන රැගෙන යාමෙ යන උපදෙස් ඒ අතර පවතී.

මේ අතර ශ්‍රී ලංකාවේ ඥාතීන් සිදු කරනු ලබන විමසීම් සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක වන හදිසි ඇමතුම් අංකයද ක්‍රියාත්මකය.

HCVXg5FbcAEMdiP 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...