The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

හෝම්ලෑන්ඩ් පෙන්ටාරා විරෝධී සමාජ මාධ්‍යයට එරෙහිව UDA පොලිසියට යයි

T

The Leader Desk

October 21, 2025 • 3:06 PM

හෝම්ලෑන්ඩ් පෙන්ටාරා විරෝධී සමාජ මාධ්‍යයට එරෙහිව UDA පොලිසියට යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසේ පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත්තේ, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.ටී.එච්.
  • තවද, ක්ලැසන් පෙදෙසේ ජීවත් වන නිවැසියන් පිරිසක් විසින් මෙම සංවර්ධනය සම්බන්ධයෙන් කොළඹ අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුවක් ද මේ වන විට විභාග වෙමින් පවතී.
  • ඒ අනුව මෙම ලිපිය රැගෙන එන කොළඹ මහ නාගරික ප්‍රදේශ අංශයේ වැ.
අකුරු ප්‍රමාණය (Font Size):

ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් විරෝධතා කරුවන් පිරිසක් විසින් සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය කරමින් පවතින අසත්‍ය තොරතුරු හා සංවර්ධන පරිශ්‍රය ආසන්නයේ පුවරු ප්‍රදර්ශනය කරමින් සිදුකරන ලද උද්ඝෝෂණ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය (UDA ) විසින් කුරුදුවත්ත පොලිසිය වෙත අද (21) පස්වරුවේ පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

එසේ පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත්තේ, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.ටී.එච්. රුචිර විතාන විසිනි.

මෙම උද්ඝෝෂණයන්ට සම්බන්ධ පිරිස විසින් ඉදිරිපත් කරන සාවද්‍ය තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන මෙන් නාගරික සංවර්ධන අධිකාරිය පොලිසියෙන් ඉල්ලා සිටියි.

එම පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ. 

5745ghfg

හෝම් ලැන්ඩ් ප්‍රොසට් ඉන්වෙස්ට්මන් ( පුද්ගලික) ආයතනය වෙත නාගරික සංවර්ධන අධිකාරිය විසින් රථ වාහන මහල් 09 ක් සහ නිවාස ඒකක මහල් 32 කින් යුත් සහාධිපත්‍ය ගොඩනැගිල්ලක් සඳහා කොළඹ නගර සංවර්ධන සැලැස්මේ ( 2022 - 2031) සංවර්ධන රෙගුලාසි ප්‍රකාරව සහ එම සංවර්ධනයන්ට අදාල අනෙකුත් ආයතන වල අනුමැතින්ට අනුව නීත්‍යානුකූල සංවර්ධන බලපත්‍රයක් ලබාදී ඇත.

තවද, ක්ලැසන් පෙදෙසේ ජීවත් වන නිවැසියන් පිරිසක් විසින් මෙම සංවර්ධනය සම්බන්ධයෙන් කොළඹ අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුවක් ද මේ වන විට විභාග වෙමින් පවතී.

එවැනි තත්වයක් යටතේ ප්‍රදේශ වාසීන් යැයි කියාගන්නා පිරිසක් විසින් කිසිම වග විභාගයකින් තොරව, මෙම සංවර්ධන බලපත්‍රය නිකුත් කිරීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ කීර්තිනාමයට සහ අධිකාරියේ සභාපති තුමාගේ නමටත් හානි වන පරිදි සංවර්ධන පරිශ්‍රය ආසන්නයේ පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයන් මෙහෙයවමින් මුහුණ පොක සමාජ මාධ්‍ය තුලද එවැනිම ආකාරයෙන් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් නාගරික සංවර්ධන අධිකාරිය කෙරෙහි අවිශ්වාසය ගොඩනගමින් නීත්‍යානුකූල සංවර්ධනයන් අඩපන කිරීමේ උත්සාහයක යෙදෙමින් සිටියි.

කිසිදු වග විභාගයකින් තොරව සිදු කරමින් පවතින මෙවැනි ක්‍රියාකාරකම් තුලින් යම් තැනැත්තෙකු විසින් ප්‍රදේශයේ හෝ ඉන් පිටතදී සාමය කඩ කරනු ලැබීමට හෝ සාමය කඩවීමක් සිදුවිය හැකි යම් වැරදි ක්‍රියාවක් කරනු ලැබීමේ අවදානමක් ඇති අතර එසේම මෙම සාවද්‍ය ප්‍රචාර සමාජගත වීම මගින් නාගරික සංවර්ධන අධිකාරියේ අභිමානයට කැළලක් සිදුවන අතර මෙරට තුල ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින දේශීය සහ විදේශීය සංවර්ධන කරුවන් අධෛර්යමත් වේ. 
 
එබැවින් මෙම උද්ඝෝෂණයන්ට සම්බන්ධ පිරිස විසින් ඉදිරිපත් කරන සාවද්‍ය තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන මෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ඉල්ලා සිටිමි.

ඒ අනුව මෙම ලිපිය රැගෙන එන කොළඹ මහ නාගරික ප්‍රදේශ අංශයේ වැ. බ. නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) එච්.ඒ.යසන්ත ප්‍රදීප් පෙරේරා (ජා. හැ. අ. 871090220 V) මහතා හට මෙම අධිකාරිය වෙනුවෙන් උක්ත කරුණ අතුලත් ලිඛිත පැමිණිල්ලක් සිදු කිරීම සම්බන්ධයෙන් මෙයින් බලය පවරමි.

(උපුටා ගැනීම අවසන්)

කොළඹ 05, තුම්මුල්ල, හැව්ලොක් පාරේ ඉදි කිරීමට යෝජිත තට්ටු 40කින් යුතු හෝම්ලෑන්ඩ් පෙන්ටාරා' නිවාස සංකීර්ණය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය නීතියට පටහැනිව අනුමැතිය ලබාදුන් බව පවසමින් ප්‍රදේශවාසීන් විසින් දැවැන්ත විරෝධතාවයක් පවත්වමින් සිටින අතර ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ ඊට පුළුල් ප්‍රචාරයක් ද ලබාදෙමින් සිටිති.
 


fhryey

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...