The Leader News
BREAKING
Top Ad
පුවත්

UK පශ්චාත් උපාධි සඳහා යන ශ්‍රී ලාංකික සිසුන් 36%කින් පහළට !

T

The Leader Desk

February 12, 2026 • 5:27 AM

UK පශ්චාත් උපාධි සඳහා යන ශ්‍රී ලාංකික සිසුන් 36%කින් පහළට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ සම්බන්ධයෙන් Apply Board Inc විසින් කරන ලද අධ්‍යයනයක දී අනාවරණය වී ඇත්තේ 2024/25 අධ්‍යයන වර්ෂයේ දී පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා ජාත්‍යන්තර සිසුන්ගේ බඳවා ගැනීම් සමස්තයක් ලෙස 10%කින් පහත වැටී ඇති බවයි.
  • එය එක්සත් රාජධානිය තුළ මුළු ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව 6%කින් පහත වැටීමට ද ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව සඳහන් වේ.
  • එහි දී එක්සත් රාජධානිය තුළ පශ්චාත් උපාධි වැඩසටහන් හැදැරීම සඳහා ඇතුළත් වූ ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව වාර්ෂිකව 36% ක අඩුවීමක් පෙන්නුම් කරයි.
  • එය නයිජීරියානු සිසුන්ගෙන් වාර්තා වන 39%ක පහළ යාම හැරුණු විට දෙවැනියට වැඩිම පහළ යාම වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ සම්බන්ධයෙන් Apply Board Inc විසින් කරන ලද අධ්‍යයනයක දී අනාවරණය වී ඇත්තේ 2024/25 අධ්‍යයන වර්ෂයේ දී පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා ජාත්‍යන්තර සිසුන්ගේ බඳවා ගැනීම් සමස්තයක් ලෙස 10%කින් පහත වැටී ඇති බවයි. එය එක්සත් රාජධානිය තුළ මුළු ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව 6%කින් පහත වැටීමට ද ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව සඳහන් වේ.

මේ හේතුවෙන් ඉහළම බලපෑමකට ලක් වූ රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටීම විශේෂත්වයකි.

Apply Board1
එහි දී එක්සත් රාජධානිය තුළ පශ්චාත් උපාධි වැඩසටහන් හැදැරීම සඳහා ඇතුළත් වූ ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව වාර්ෂිකව 36% ක අඩුවීමක් පෙන්නුම් කරයි. එය නයිජීරියානු සිසුන්ගෙන් වාර්තා වන 39%ක පහළ යාම හැරුණු විට දෙවැනියට වැඩිම පහළ යාම වේ.

මෙම තියුණු පසුබෑමට එක්සත් රාජධානියේ ආගමන සහ ශිෂ්‍ය වීසා ප්‍රතිපත්තිවල වෙනස්කම් හේතු වී ඇති බවට මේ වන විට වාර්තා වී ඇති අතර විශේෂයෙන් 2023 වසරේ දී ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර ශිෂ්‍ය යැපෙන්නන් පාලනය කිරීමේ නීති දැඩි කිරීම ද මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවට වාර්තා වෙයි.

කෙසේවෙතත් එක්සත් රාජධානිය තුළ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාව ඓතිහාසිකව ඉහළම යැපෙන්නන්ගෙන් ප්‍රධාන අයදුම්කරු වීසා තුළ ඇති අතර, එයින් අදහස් වන්නේ බොහෝ ශ්‍රී ලාංකික සිසුන් මීට පෙර එක්සත් රාජධානියේ අධ්‍යාපනය ලබන අතරතුර පවුලේ සාමාජිකයන් ඔවුන් සමඟ රැගෙන යාමට සැලසුම් කර ඇති බවයි.

අධ්‍යාපන උපදේශකයින් සහ ශිෂ්‍ය උපදේශකයින් පවසා ඇත්තේ දැඩි නීතිරීති යටතේ සිසුන් සමඟ සිය යැපෙන්නන් රට තුළට ගෙන ඒමට නොහැකි වීමත් සමඟ බොහෝ දෙනෙකු සාම්ප්‍රදායික පශ්චාත් උපාධි හැදෑරීමට අධෛර්යමත් වී ඇති බවයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඇතැම් සිසුන් සිය අනාගත අධ්‍යයන සැලසුම්වලින් බැහැර වී ජාත්‍යන්තර ශිෂ්‍ය යැපෙන්නන් පාලනය කිරීමේ නීති වලින් නිදහස්ව පවතින පර්යේෂණ-නැඹුරු පාඨමාලා හාදැරීමට නැඹුරු වී ඇති අතර එසේත් නොමැතිනම් විකල්ප ගමනාන්ත තෝරා ගැනීමට කටයුතු කර ඇත.

එක්සත් රාජධානියේ ජාත්‍යන්තර ශිෂ්‍ය ප්‍රජාවෙන් බහුතරයක් පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා එරටට පැමිණෙන අතර එය 2024/25 අධ්‍යන වර්ෂයේ දී එරට සියලුම ජාත්‍යන්තර බඳවා ගැනීම් වලින් 57% ක් පමණ නිරූපනය කර ඇත. නමුත් මෙම අංශයේ පහත වැටීම උපාධි මට්ටමට වඩා දැඩි වී තිබේ.

මෙම කාලය තුළ ජාත්‍යන්තර සිසුන් 389,000 ක් පමණ පශ්චාත් උපාධි වැඩසටහන් සඳහා බඳවාගෙන ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 10%ක පහත වැටීමක් පෙන්නුම් කර ඇත. මෙය 2022/23 කාල සීමාවට සාපේක්ෂව 15% ක පහත වැටීමකි.
Apply Board 1

| adaderana

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...