The Leader News
BREAKING
සිවුරක සිටිය යුත්තේ කවුද? | කුසල් පෙරේරා●EXCLUSIVE: පාස්කු මහ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ අභියෝගයට●ලංකා පොස්පේට් සමාගමේ වියදම් පාලනයට දැඩි පියවර●‘දැන් ජයකොඩිට මොකද කරන්නේ?’ - ගල් අඟුරු වාර්තාවක් පෙන්නමින් මරික්කාර් අසයි●නව ත්‍රස්ත පනත සහ මර්දනයේ ඉතිහාසය: භාෂණගේ මතක්කිරීම●සඟරුවන රඳවන නීති වෙනසට ජනපති අනුර මැදිහත්වෙයි●ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට●ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●
Top Ad
පුවත්

උතුරේ ඉඩම් අයිතිය නිරවුල් කිරීමට බැරි වීම ගැන ආණ්ඩුකාරයා UN එකට තොරතුරු දෙයි

T

The Leader Desk

March 28, 2026 • 3:41 AM

උතුරේ ඉඩම් අයිතිය නිරවුල් කිරීමට බැරි වීම ගැන ආණ්ඩුකාරයා UN එකට තොරතුරු දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ සඳහා රජය දැනටමත් ‘හිමිකම්’ වැඩසටහන ද ආරම්භ කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩෲ ෆ්‍රැන්චේ ට දැනුම් දුන් බව උතුරු පළාත් සභාව නිවේදනය කර තිබේ.
  • කෙසේ වෙතත්, හරිත දේශගුණික අරමුදල, හානි සහ අලාභ අරමුදල (Loss and Damage Fund), ණය හුවමාරු (Debt Swaps) සහ පුද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගත හැකි සංවර්ධන බැඳුම්කර වැනි නව මූල්‍ය ක්‍රමවේද හරහා උතුරු පළාතට උපරිම සහයෝගය ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බව ඔහු එහිදි පවසා තිබේ.
  • ආයෝජකයන් උතුරු පළාතට ආකර්ෂණය කර ගැනීමට බාධාවක් වී ඇති දැඩි නිලධාරිවාදී ක්‍රියාපටිපාටීන් සහ අනුමැතිය ලබා ගැනීමේ ප්‍රමාදයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.
  • එමෙන්ම, රජයට සහ පළාත් සභාවට වෙන් කරනු ලබන ප්‍රතිපාදන කඩිනමින් වැය කිරීමට සහ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් වේගවත් කිරීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීමට ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බව මාර්ක්-ඇන්ඩෲ ෆ්‍රැන්චේ අවධාරණය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩෲ ෆ්‍රැන්චේ උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් හා දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු පිරිසක් සමග මාර්තු 24 වැනි අඟහරුවාදා පෙරවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ආණ්ඩුකාරවරයා දැනුම් දී ඇත්තේ, මෙම ගැටළුවලට විසඳුම් පතා දිගින් දිගටම ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ආණ්ඩුකාර ලේකම් කාර්යාල වෙත පැමිණෙන ජනතාවගේ ඉඩම් ආරාවුල් කඩිනමින් විසඳා අදාළ ඉඩම් හිමිකම් ලබා දීම ප්‍රධානතම අවශ්‍යතාවයක් බවයි.

මේ සඳහා රජය දැනටමත් ‘හිමිකම්’ වැඩසටහන ද ආරම්භ කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩෲ ෆ්‍රැන්චේ ට දැනුම් දුන් බව උතුරු පළාත් සභාව නිවේදනය කර තිබේ.

උතුරු පළාත් සභාව වැඩි දුරටත් නිවේදනය කර ඇත්තේ සාකච්ඡාව ආරම්භයේදී ආණ්ඩුකාරවරයා විසින් පළාතේ වත්මන් තත්වය සහ ප්‍රමුඛතා අවශ්‍යතා පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අතර ආර්ථික සංවර්ධනය, ඉඩම් ගැටළු, පරිසරය සහ දේශගුණික විපර්යාස මෙන්ම තිරසාර ජීවනෝපායන් යන ප්‍රධාන කරුණු හතරක් පදනම් කර ගනිමින් ඔහු එම අදහස් දැක්විම සිදු කළ බවයි.

එමෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නංවාලීම, විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ‘ඒකල කවුළු’ (Single Window) ක්‍රමවේදයක් සකස් කිරීම, ඉඩම් නිදහස් කිරීම සහ ආරවුල් විසඳීම සඳහා තාක්ෂණික සහාය ලබා ගැනීම සහ හරිත දේශගුණික අරමුදල (Green Climate Fund) වැනි ජාත්‍යන්තර අරමුදල් ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සහයෝගය පළාතට අත්‍යවශ්‍ය බව ද ආණ්ඩුකාරවරයා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩෲ ෆ්‍රැන්චේට දැනුම් දී තිබේ.

මුල්‍ය හිඟයට හේතු

ආර්ථික අර්බුදය සහ ගෝලීය තත්වයන්  පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩෲ ෆ්‍රැන්චේ අවධාරණය  කර ඇත්තේ ශ්‍රී ලංකාව වැනි මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන සෘජු මූල්‍ය ආධාර දැනට බෙහෙවින් සීමා වී ඇති බවයි. කෙසේ වෙතත්, හරිත දේශගුණික අරමුදල, හානි සහ අලාභ අරමුදල (Loss and Damage Fund), ණය හුවමාරු (Debt Swaps) සහ පුද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගත හැකි සංවර්ධන බැඳුම්කර වැනි නව මූල්‍ය ක්‍රමවේද හරහා උතුරු පළාතට උපරිම සහයෝගය ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බව ඔහු එහිදි පවසා තිබේ.

“කොළඹ සිටින උතුරු පළාතේ තානාපතිවරයකු ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය තමන්ව හඳුනා ගන්නා” බව පැවසූ මාර්ක්-ඇන්ඩෲ ෆ්‍රැන්චේ , ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර ආයතනවල ආයෝජන උතුරට ආකර්ෂණය කර ගැනීමට දිගටම පෙනී සිටින බවට ද පොරොන්දු වු බව උතුරු පළාත් සභාව නිවේදනය කර තිබේ.

ආයෝජකයන් උතුරු පළාතට ආකර්ෂණය කර ගැනීමට බාධාවක් වී ඇති දැඩි නිලධාරිවාදී ක්‍රියාපටිපාටීන් සහ අනුමැතිය ලබා ගැනීමේ ප්‍රමාදයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

එමෙන්ම, රජයට සහ පළාත් සභාවට වෙන් කරනු ලබන ප්‍රතිපාදන කඩිනමින් වැය කිරීමට සහ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් වේගවත් කිරීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීමට ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බව මාර්ක්-ඇන්ඩෲ ෆ්‍රැන්චේ අවධාරණය කර තිබේ.

උතුරු පළාත් සභාව වැඩි දුරටත් නිවේදනය කර ඇත්තේ එහිදි  යාපනය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරු, තම දිස්ත්‍රික්කවල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටලු පිළිබඳව විස්තරාත්මකව කරුණු දැක්වූ බවයි. කිලිනොච්චි අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය ද තම දිස්ත්‍රික්කයේ පවතින විවිධ ඉඩම් ආරවුල් පිළිබඳව පැහැදිලි කර ඇත.

පළාත තුළ ඉඩම් ලේඛන ලක්ෂ දෙකක් පමණ හැසිරවීමට සිදුව ඇති බව පෙන්වා දුන් උතුරු පළාත් ඉඩම් කොමසාරිස්වරයා, දැනට සිටින සීමිත කාර්ය මණ්ඩලය යොදා ගනිමින් නියමිත කාල සීමාවක් තුළ මෙම කාර්යය නිම කිරීම සඳහා සේවයේ නියුතු නිලධාරීන්ට විශේෂ දිරිගැන්වීමේ දීමනා ලබා දීමේ අවශ්‍යතාව ද අවධාරණය කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පරිපාලන), දිස්ත්‍රික් ලේකම්වරු, පළාත් ඉඩම් කොමසාරිස් සහ එක්සත් ජාතීන්ගේ විවිධ නියෝජිතායතනවල නියෝජිතයෝ රැසක් සහභාගී වී තිබේ.

එම සාකච්ඡා හමාරයේ සිය X ගිනුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩෲ ෆ්‍රැන්චේ සදහන් කර ඇත්තේ ‘උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, පළාත් ඉඩම් කොමසාරිස්වරයා සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාධනීය හමුවක්. නොවිසඳුණු ඉඩම් ගැටළු, සේවා සැපයීම් සහ ප්‍රජාවන් මුහුණ දෙන වත්මන් අභියෝග ඇතුළුව උතුරු පළාතේ ප්‍රමුඛතා පිළිබඳ වැදගත් අදහස් හුවමාරුවක්.’ යනුවෙනි. 

3L3FI9d ezremove

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

උතුරේ ඉඩම් අයිතිය නිරවුල් කිරීමට බැරි වීම ගැන ආණ්ඩුකාරයා UN එකට තොරතුරු දෙයි | The Leader