''ගංවතුර සුළි සුළං එයි කියලා ආරංචි වුණා. මෙහෙම ගලයි කියලා හිතුවේ නෑ.''
- 2025 ගංවතුර
ආගමට උඩින් බලයට ඉහළින් විද්‍යාව විශ්වාස කරපල්ලා.
පරිසර විද්‍යාව ගැන කාලීන බණක් දේශනා කරපල්ලා.
12, 13, 14 ශ්‍රී ලංකා ඩේ එක දැම්ම ම කල් දාපල්ලා.
ඒකේ වියදම මිලියන් 300 ක්. මිලියන් 500 ක් දාල ඒක පස්සේ කරපල්ලා.
පාංශුකූලේ වෙලාවේ ජෝගි නටන්න එපා.
හත් දොහේ දානේ දෙනකල් හිටපල්ලා.
මූණ බලාගෙන උපදෙස් දෙන්න නියෝජිතයෝ කොළඹ ගේන්න එපා. තාක්ෂණය භාවිත කරපල්ලා.
බදුල්ලේ ඉදලා මන්ත්‍රී කොළඹ එන්න පැය 8 යි.
බදුල්ලට යන්න පැය 8 යි.
මීටිං එක පැය 2 යි.
පැය 24 ක් ඉවරයි.
බදුල්ල යටවෙලා දැන් පැය 20 යි.
ආපදාව කලමනාකාරණය කරන්න ඉස්සෙල්ලා කාලය කලමණාකරණය කර ගනිල්ලා.
රජයේ සේවකයන්ට නිවාඩු වෙනුවට අත්‍යවශ්‍ය සේවා ගැසට් කරපල්ලා.
බේබිලා සෙට් එක ලොකු ළමයි වගේ පොළොවට බැහැපල්ලා.
හැබැයි රඟන්න එපා.
කොල්ලෝ වීඩියෝ කරයි.
උපදෙස් දෙන්නේ තොට පාන්ද කියලා මගෙන් අහපල්ලා.
මිත්‍රවරුනි; බිග් කුච්චන් අප්පා..!

(සටහන | උපුල් ශාන්ත සන්නස්ගල)
SPEAKER | WRITER | LYRICS WRITER | SOCIAL INFLUENCER | YOUTUBER
sannasgala5@gmail.com
උපුටා ගැනීම - Upul Shantha Sannasgala ෆේස්බුක් පිටුවෙන්..




