රජයේ මැදිහත්වීමෙන් ප්‍රසූත නිවාඩු දීමනා ලබාදීමේ අවශ්‍යතාව Verité Research ආයතනය අවධාරණය කරයි.
අද දින නිකුත් කළ කාන්තා දින පණිවිඩය මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක ද සඳහන් කර සිටියේ කාන්තාවන් ආර්ථික ක්‍රියාවලියට සක්‍රීයව සහ ඵලදායීව සහභාගී කරවා ගැනීමේ සැලසුම් රජය මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
ලෝකයේ රටවල් 97ක් මේ වන විටත් රජයේ පූර්ණ මැදිහත්වීමෙන් ප්‍රසූත නිවාඩු දීමනා ලබා දෙන අතර, තවත් රටවල් 33ක් අර්ධ වශයෙන් එම වගකීම දරනු ලබයි. ශ්‍රී ලංකාව තුළ ද පෞද්ගලික අංශයේ සේවය කරන කාන්තාවන් වෙනුවෙන් රජයේ අනුග්‍රහයෙන් මෙවැනි දීමනා ක්‍රමයක් හඳුන්වා දීම හරහා ක්ෂේත්‍රයේ පවතින රැකියා අසමානතාවයන් අවම කළ හැකි බව Verité Research ආයතනය පෙන්වා දෙයි.
විශේෂයෙන්ම ප්‍රසූත නිවාඩු සඳහා වැයවන පිරිවැය සේවා යෝජකයාගෙන් ඉවත් කර රජය විසින් දරනු ලබන්නේ නම්, පෞද්ගලික අංශය තුළ කාන්තාවන්ට හිමිවන රැකියා අවස්ථා සහතික වනවා සේම ඔවුන්ට වඩාත් සුරක්ෂිත වෘත්තීය වටපිටාවක් නිර්මාණය වනු ඇත.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් ජනගහනයෙන් බහුතරයක් වූ කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය උපරිමයෙන් ලබාගත යුතු අතර, එවැනි පසුබිමක් තුළ රජය විසින් ගන්නා වූ මෙවැනි තීන්දු තීරණ මෙරට කාන්තා පරපුරේ අනාගතය වෙනුවෙන් තබන සුවිශේෂී පියවරක් වනු ඇති බවද එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
රජයේ අනුග්‍රහයෙන් ප්‍රසූත නිවාඩු දීමනා ලබාදීමේ වැදගත්කම Verité Research පෙන්වා දෙයි
T
The Leader Desk
March 9, 2026 • 12:16 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- රජයේ මැදිහත්වීමෙන් ප්‍රසූත නිවාඩු දීමනා ලබාදීමේ අවශ්‍යතාව Verité Research ආයතනය අවධාරණය කරයි.
- අද දින නිකුත් කළ කාන්තා දින පණිවිඩය මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක ද සඳහන් කර සිටියේ කාන්තාවන් ආර්ථික ක්‍රියාවලියට සක්‍රීයව සහ ඵලදායීව සහභාගී කරවා ගැනීමේ සැලසුම් රජය මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
- ලෝකයේ රටවල් 97ක් මේ වන විටත් රජයේ පූර්ණ මැදිහත්වීමෙන් ප්‍රසූත නිවාඩු දීමනා ලබා දෙන අතර, තවත් රටවල් 33ක් අර්ධ වශයෙන් එම වගකීම දරනු ලබයි.
- ශ්‍රී ලංකාව තුළ ද පෞද්ගලික අංශයේ සේවය කරන කාන්තාවන් වෙනුවෙන් රජයේ අනුග්‍රහයෙන් මෙවැනි දීමනා ක්‍රමයක් හඳුන්වා දීම හරහා ක්ෂේත්‍රයේ පවතින රැකියා අසමානතාවයන් අවම කළ හැකි බව Verité Research ආයතනය පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



