ලසන්ත අපට අවසන් වරට මුණගැසුණේ මෙයින් වසර 17කට පෙර, එනම් 2009 ජනවාරි 12වැනි සඳුදා සවස් වරුවේ ය.
එදින ඔහු සිටියේ සිය අවසන් සයනයේ සැතැපීගෙන ය.
සිතිවිලි සංවේදනා තවදුරටත් නොදැනෙන තරම් හිරිවැටී, මිදී ගල් වූ හදවත් සහිතව අපි ඔහු බොරැල්ල පොදු සුසානභූමියට ඇරලවා, අප පසුපසින් කිසිවකු ලුහුබඳින්නාක් බඳුව ඇසෙන අපේ ම පියවර හඬට තිගැස්සෙමින් අන්ධකාරය මැද්දෙන් ආපසු පැමිණියෙමු.
ඉන් සති දෙකක් ඉක්ම යන්නට මත්තෙන් එතෙක් අප වටකරගෙන සහයෝගීතාවද, සහෝදරත්වයද, මිත්‍රත්වයද, ආදරයද වගුරුවමින් පමණක් නොව අපේ ජීවිත සුරක්ෂිතාව ගැන වදවෙමින් ද සිටි සහෝදර කැලක් හැරදමා අපට රටින් පලාඑන්නට සිදුවිය. ලසන්තට අත් වූ ඉරණම අප පසුපස ළං ළංව ලුහුබැඳ එන බව ඉතාම පැහැදිළිව දැන සිටි බැවින් හා ලසන්ත වැන්නකුට එවැනි ඉරණමක් අත්කර දුන්නා නම්, අපේ ඉරණම ගැන අප සැක සංකා තබාගත නොයුතු බව දැනසිටි බැවිනි, ඒ.
දැන්, වසර 17කට පසු, සාමූහික ප්‍රයත්නයක ප්‍රතිපලයක් වශයෙන්, අපි නැවත වතාවක් එදා සුසානයක මිහිදන් කර ආ ලසන්ත ඔබට මුණගස්වන්නට සූදානම් වී සිටිමු.
ඒ ලබන 27වැනිදා, අඟහරුවාදා සවස 3.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ය.
ලාංකේය ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රධානතම වෘත්තීය සංගමය වූ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ Sri Lanka Working Journalists' Association මූලිකත්වයෙනි.
Gamini Viyangoda, ආචාර්ය දීපිකා උඩගම, Amirthanayagam Nixon, Lasantha Ruhunage සහ Kumara Alagiyawanna යන සහෝදර සහෝදරියෝ ලසන්ත වික්‍රමතුංග ඔබට සම්මුඛ කරවන්නට අපට උපකාර කරති.
ලසන්ත වික්‍රමතුංග ඔබට සම්මුඛ කරවීමේ කර්තව්‍යයේ කර්තෘකාරකයා වශයෙන් මගේ නම සඳහන්ව ඇතත්, ඇත්තටම එය හුදෙකලා වික්‍රමයක් නොව සමූහයක් වශයෙන් ගත් දැවැන්ත පරිශ්‍රමයක ප්‍රතිපලයකි. ඇතැම්හු එහි නමින් ම පෙනීසිටිති. එහෙත් ඊට වඩා විශාල පිරිසක් එහි නිර්නාමිකව ද පෙනී සිටිති. ඒ කොහොමින් හෝ ඔබ මෙතෙක් නෑසූ-නොදුටු තොරතුරු සම්භාරයක් තමන් වටා ගොඩනැඟෙන්නට ඉඩහරිමින් ලසන්ත ඒ මැදින් නැඟීසිටින බව ඒ සමූහයේ ප්‍රකාශකයා වශයෙන් මම ඔබට කියමි.
පොතේ පෙරවදනේ මම මෙවැනි වැකියක් ලීවෙමි.
“ඉතිහාස කතාවේ හිඩැස් තබා ගියවිට ඒ හිඩැස් කුස්තූරවල පදිංචි වන්නේ ගෙවලයන් හා කුම්භාණ්ඩයන් ය. ඌරුමීයන් හා වවුලන් ය. නයි-පොළඟුන් හා උරුලෑවන් ය.”
කරුණුමය නිරවද්‍යතාවක් සහිතව ඇත්තටම සිදුවූයේ කුමක්ද යන්න ගවේෂණය කිරීමට උත්සාහ දරමින් ඉතිහාසයේ හිඩැස් හැකි තරම් පුරවාදැමීමට අප වෙහෙසවිය යුත්තේ එබැවිනි.
ඉතිහාසයේ එක් අන්ධකාර පරිච්ඡේදයකුත්, සමස්ත අදහස් මර්දනයේ හා දණඩ මුක්තියේ නිරුවතත්, වසර 17කට පසු ලසන්ත වික්‍රමතුංග නම් ඒ සංඛේතීය මිනිසාත් සමඟින් සම්මුඛ වීමට ඔබ සියල්ලන්ට මෙයින් ආරාධනා කර සිටිමු!
සාක්ෂිකරුවන්ගෙන් අතලොස්සක් -
! Upali Tennakoon,
! Namal Damayantha Perera,
! Dinindu Siriwardene,
! Anil Jayaweera,
! Sanjeeva Wadigamangawa,
! Poddala Jayantha,
! Kasun Yapa Karunaratne,
! Ajith Senevirathne,
! Kurulu Koojana Kariyakarawana,
! Sunanda Deshapriya,
! Buddhika Weerasinghe,
! Ameen Nm,
! Sampath Deshapriya,
! Sampath Samarakoon,
! Kanchane Marasinghe,
! Chanaka Krishantha,
! Athula Shan Fereira,
! Gagani Vidwa Weerakoon,
! Rushangan Kodeeswaran,
! Udaya Kalupathirana,
! Dilrukshi Handunnetti,
! Duminda Sampath,
! Ranga Bandaranayake,
! Devika Wadigamangawa
(සටහන | සනත් බාලසුරිය)
මාධ්‍යවේදී
sanathbalas@gmail.com
උපුටා ගැනීම - Sanath Balasooriya ගේ FB පිටුවෙන්...




