The Leader News
BREAKING
Top Ad
පුවත්

සනත් බාලසූරියගේ 'Who is Lasantha' කෘතිය ජනගත කිරීම ජනවාරි 27

T

The Leader Desk

January 23, 2026 • 4:26 PM

සනත් බාලසූරියගේ 'Who is Lasantha' කෘතිය ජනගත කිරීම ජනවාරි 27

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඝාතනය සහ ඒහා බැදුණු මිග් -27 ගනුදෙනුව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සනත් බාලසූරිය විසින් රචිත ගවේෂණාත්මක කෘතිය ජනවාරි 27 අගහරුවාදා පස්වරු 3 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී ජනගත කෙරේ.
  • ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ඒහා බැඳුණු මිග් -27 ගනුදෙනුව පිළිබඳව සනත් බාලසූරිය අප සහෝදර මාධ්‍යවේදියා විසින් දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද ගැඹුරු ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙස "රාජ්‍ය අපරාධකාරීත්වයේ අක්මුල් සොයා" Who is Lasantha කෘතිය නිමවා තිබේ.
  • යුද්ධයට මුවාවී රටේ මහජන බදු මුදල් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් ගසාකා ඇති අයථා ගනුදෙනු රැසකින් එක් බරපතල වංචනික ගනුදෙනුවක් වන්නේ මිග් - 27 ගනුදෙනුවයි.
  • Sunday Leeder පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහමගදී කුරිරු ලෙස ඝාතනය කරනු ලබන්නේ මෙකී දූෂීත ගනුදෙනුව මුළුමණින්ම රටට හෙළිදරව් කිරීම නිසාම බව අප කව්රුත් දන්නා සත්‍යයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඝාතනය සහ ඒහා බැදුණු  මිග් -27 ගනුදෙනුව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සනත් බාලසූරිය විසින් රචිත ගවේෂණාත්මක කෘතිය ජනවාරි 27 අගහරුවාදා පස්වරු 3 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී ජනගත කෙරේ.

මෙහිදී ආචාර්ය දීපිකා උඩගම , සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ , ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමීර් නික්සන් , ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ දෙසුම් පැවැත්වීමට නියමිත ය. උළෙල මෙහෙයවීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුමාර අලගියවන්න විසිනි. කෘතිය ජනගත කිරීම සංවිධානය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය යි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ඒහා බැඳුණු මිග් -27 ගනුදෙනුව පිළිබඳව සනත් බාලසූරිය අප සහෝදර මාධ්‍යවේදියා විසින් දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද ගැඹුරු ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙස "රාජ්‍ය අපරාධකාරීත්වයේ අක්මුල් සොයා" Who is Lasantha කෘතිය නිමවා තිබේ.

xbgsg
යුද්ධයට මුවාවී රටේ මහජන බදු මුදල් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් ගසාකා ඇති අයථා ගනුදෙනු රැසකින් එක් බරපතල වංචනික ගනුදෙනුවක් වන්නේ මිග් - 27 ගනුදෙනුවයි. Sunday Leeder පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහමගදී කුරිරු ලෙස ඝාතනය කරනු ලබන්නේ මෙකී දූෂීත ගනුදෙනුව මුළුමණින්ම රටට හෙළිදරව් කිරීම නිසාම බව අප කව්රුත් දන්නා සත්‍යයකි.

එකී ඝාතනය වසන් කිරීම පිණිස තවත් කී දෙනකු ඝාතනය කර තිබේද ? ශ්‍රීපති සූරියආරච්චි මිය යාමට පෙර අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලට සිදුවූයේ කුමක් ද ? එම පැමිණිල්ල විභාගයට ගත් එවකට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්ට සිදුවූයේ කුමක්ද ? අවසානයේ Sunday Leeder පුවත්පත මිලට ගත්තේ කව්ද ? ඊට මුදල් වැය කළේ කව්ද ? ඉන්පසු එම පුවත්පතින් රටට කිව්වේ මොනවාද ? මේ සියලු  තොරතුරු සනත් බාලසූරියගේ දීර්ඝ ගවේෂණයට නතුවී තිබේ.


ආදරණීය සහෘදයිනි..!
27 වැනි අගහරුවාදා සවස 3 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයට ගොඩවැදී මාධ්‍ය මිතුර මිතුරියන්, සමාජ ක්‍රියාධරයන් සම්මුඛවන ලෙස ඉල්ලා සිටිමු

(සහෝදරත්වයෙන් පෝද්දල ජයන්ත)

උපුටා ගැනීම - Poddala Jayantha ගේ ෆේස්බුක් පිටුවෙන් ..

jfkhdf

 xvfgdf

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සනත් බාලසූරියගේ 'Who is Lasantha' කෘතිය ජනගත කිරීම ජනවාරි 27 | The Leader