මෙක්සිකෝ කොංග්‍රස් සැසියක් අතරතුර වසර දහසක් පමණ පැරණි පිටසක්වල ජීවින්

දෙදෙනෙක්ගේ යැයි සැළකෙන මමීකරණය වූ මළසිරුරු දෙකක් ප්‍රදර්ශනය කර තිබෙනවා.

ඉතාම කුඩා ප්‍රමාණයේ සිරුරු දෙකක් වූ මෙය වීදුරු සහිත කුඩා පෙට්ටිවල අසුරා තිබෙනු දැකගත හැකි වුණා. මේවා පේරු වල කුස්කෝ ප්‍රදේශයෙන් (යුනෙස්කෝ සංරක්ෂිත ප්‍රදේශයක්) හමුවූ බවට පිටසක්වල යානා ගැන විශේෂඥයෙක් වූ ජයිමි මුසාන් (Jaime Maussan) පවසා තිබෙනවා.

මිනිස් ෆොසිලයක් ගෙන් මෙම ෆොසිල වෙනස් වන්නේ සියයට තිහකින් (30%) පමණ යැයි ද පවසනු ලබනවා. මේ ජීවින් යැයි කියන මමීකරණය වූ පොසිල සතුව දත් නොමැති අතර අතේ ඇත්තේ ඇඟිලි තුනක් පමණයි.

සැසිය අතරතුර මුසාන් මෙසේ පවසා තිබෙනවා. ''මේ ජීවින් පිටසක්වළ වුණත් නැතත් මොවුන් අපේ පෘතුවියේ ජීවින්ගේ පරිණාමය එක්ක සැසදෙන්නේ නැහැ. ඒ වගේම මොවුන් එක්තරා කාලයක අප සමඟ ජිවත්ව තිබෙනවා''.

මෙම ප්‍රදර්ශනය සඳහා පිටසක්වළ ජීවින්ට ආදරය කරන ගවේෂකයින් වගේම ඇමෙරිකන් අභ්‍යාවකාශ විධායක නිලධාරියෙක් සහ එක්සත් ජනපද නාවික නිලධාරියෙක් පැමිණ තිබුණා.

පිටසක්වල ජීවින් ගැන තොරතුරු සොයන බොහෝ අය මේ ගැන අවධානය යොමුකර තිබෙනවා.

මෙහි සත්‍ය අසත්‍ය බව දැනට තහවුරු කිරීමේ හැකියාවක් නැහැ.

ජයිමි මුසාන් මිට පෙරද ව්‍යාජ පිටසක්වළ තොරතුරු සපයා පසුව එම පර්යේෂණ අත්හැර දැමූ අයෙක් ලෙස සැලකෙනවා. 

 

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image