සංචාරකයින් රැගත් බස් රථයක්, ඉතාලියේ වැනිස් නුවර ගුවන් පාලමකින් පහළට පෙරලී ගිනි ගැනීමෙන්, අවම වශයෙන් ළමුන් ඇතුළු 21 දෙනකු මියගොස් ඇතැයි එරට බලධාරීහු පවසති.


බස් රථය මාර්ග බාධකයක් කඩා ගෙන මීටර් 15ක් (අඩි 50ක්) පමණ පහළට ඇද වැටි ඇත.

යුක්රේන ජාතිකයින් පස් දෙනකු, ජර්මානු ජාතිකයකු, සහ ඉතාලි ජාතිකයකු වන රියදුරා මියගිය පිරිස අතර වන බව නගර පාලක මිචෙල් දී බැරි පවසයි. වැනිස් නගරාධිපති අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ "විශාල ඛේදවාචකයක්" සිදුව ඇති බවයි.

"අනතුර ගැන කියන්න වචන නැහැ," යනුවෙන් සමාජ මාධ්‍යයෙහි ඔහු සටහනක් පළ කර තිබේ.  

මියගිය පිරිස අතර දරුවන් තිදෙනෙකු මෙන්ම ළදරුවකු ද සිටින බව හදිසි අනතුරු සේවා අංශය ප්‍රකාශ කරයි.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මටියෝ පියන්තෙදොසි සඳහන් කරන්නේ මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

පහළොස් දෙනෙකු අනතුරින් තුවාල ලබා ඇති අතර ඉන් පස් දෙනකු ගේ තත්වය බරපතල බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. ඒ අතර යුක්රේන, ඔස්ට්‍රියානු ඇතුළු තවත් විදෙස් ජාතිකයින් සිටින බව වැනිස් බලධාරීහු පවසති. 

39 දෙනකු රැගෙන ගමන් කරමින් සිටි බස් රථය අනතුරට ලක්ව ඇත්තේ එරට වේලාවෙන් අඟහරුවාදා රාත්‍රී 7.45ට පමණ ය.

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්