2023 නොබෙල් සාම ත්‍යාගය මීට සුළු මොහොතකට පෙර ඉරාන  මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නර්ගීස් මොහොමඩිට හිමිවිය. 


ඉරානයේ කාන්තා හිංසනයට එරෙහිව නර්ගීස් කළ සටන මෙන්ම මානව හිමිකම් සහ නිදහස ප්‍රවර්ධනය උදෙසා ඇය ගත් උත්සාහය වෙනුවෙන් මෙම ත්‍යාගය හිමිවන බව නොබෙල් කමිටුව අද (6) දින නිවේදනය කළේ ය.

ඇය "නිදහස් සටන්කාමියෙකු" බව පැවසූ නොබෙල් කමිටුවේ ප්‍රධානියා ඉරාන කාන්තාවන් කෙරෙහි එල්ල කෙරෙන පීඩනයට එරෙහි ඇයගේ සටන පැසසුමට ලක් කළේය

51 හැවිරිදි මානව හිමිකම් ක්‍රියාකාරිනිය මේ වන විට ටෙහෙරානයේ කුප්‍රකට එවින් බන්ධනාගාරයේ වසර 10ක දීර්ඝ කාලින සිර දඬුවමක් විඳින අතර ඉරාන රජය ඇය ඉක්මනින් නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කරන බව නොබෙල් කමිටුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.  

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image