වර්ෂ 2040 වන විට සඳ මතට ගගනගාමියෙකු යැවීමට ඉන්දියාව අපේක්ෂා කරන බව එරට රජය පවසයි.


එසේම, 2035 වන විට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම සඳහා ද ඉන්දියාව සැලසුම් කරගෙන සිටියි.

එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී විසින් 17 අඟහරුවාදා දින මෙම සැලසුම් ප්‍රකාශයට පත්කළ අතර ඔහු වැඩිදුරටත් විද්‍යාඥයින්ට කියා සිටියේ සිකුරු සහ අඟහරු අභ්‍යවකාශ මෙහෙයුම්වලට අදාළ වැඩ කටයුතු ද ඉදිරියට කරගෙන යන ලෙස යි.    

චන්ද්‍රයාන්-3 යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබස්සවමින් අභ්‍යවකාශ යානයක් සාර්ථකව එම කලාපයට ගොඩ බැස්වූ ලොව පළමු රට බවට ඉන්දියාව අගෝස්තු 23 වැනිදා ඉතිහාසගත විය. එසේම, ඔවුන් සැප්තැම්බර් මාසයේදී සූර්යයා අධ්‍යයනය කිරීම සඳහා රොකට්ටුවක් ද දියත් කළේය.



ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (Isro) මේ වනවිට ගගන්යාන් ව්‍යාපෘතියේ වැඩ කටයුතු මෙහෙයවනු ලබයි.

සබැඳි පුවත් :

චන්ද්‍රයාන්-3: ඉන්දියාව ඉතිහාසගත වෙමින් චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට සාර්ථකව යානයක් ගොඩ බස්සවයි

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්