ඉන්දියාවේ ප්‍රසිද්ධ බොලිවුඩ් නළුවෙකු වන දලිප් තහිල්ට එරට අධිකරණයක් විසින් මාස දෙකක සිර දඬුවමක් නියම කර තිබේ.

ඒ 2018 වසරේ දිනයක දී බීමත් ව රිය පැදවීම සහ කාන්තාවක් අනතුරට පත් කිරීම හේතුවෙනි.

එහි දී අධිකරණය නියමකර ඇත්තේ, අගතියට පත් වූ කාන්තාවට ද ඉන්දීය රුපියල් 5,000ක වන්දි මුදලක් ද ගෙවන ලෙසටය.  

කෙසේ වෙතත් දිලිප් තහිල් පවසා අත්තේ, තමන් මෙම නඩු තීන්දුවට එරෙහි ව ඉහළ අධිකරණයකට නඩුවක් ගොනු කරන බවයි.

මේ වන විට 70 වැනි වියේ පසු වන දලිප් තහිල්, ඉන්දීය සිනමාවේ හතුරා ගේ චරිතයට බොහෝ අවස්තාවල දී රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.


(adaderana.lk

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්