සති තුනක් වැනි කෙටි කාලයක් තුළ ගාසා තීරයේ යුද්ධයෙන් මරුමුවට පත්වී ඇති ළමුන්

සංඛ්‍යාව, 2019 වසරේ සිට ලෝකයේ ගැටුම් කලාපවල අවුරුද්දක් පාසා මරා දමන ලද සමස්ත ළමුන් සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇති බව දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධානයක් පවසයි.

ගාසා සහ ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශ වලට අනුව, ඔක්තෝබර් 7 වැනිදා සිට, අවම වශයෙන් ගාසා තීරයේ දී ළමුන් 3195ක්, බටහිර ඉවුරේ දී ළමුන් 33ක් සහ ඊශ්‍රායලය තුළ ළමුන් 29ක් ඇතුළුව 3,257කට වැඩි ළමුන් ප්‍රමාණයක් මරා දමා තිබෙන බව සේව් ද චිල්ඩ්රන් (Save the Children) සංවිධානය පෙන්වා දෙයි.

මෙම කම්පා කරවන සුලු තොරතුරුවලින් හෙලිවන පරිදි ගාසා තීරයේ සති තුනක දී ඝාතනයට ලක් වූ ළමුන් සංඛ්‍යාව, පසුගිය වසර තුනක කාලය තුළ, ගෝලීය වශයෙන්, රටවල් 20 කට වැඩි ප්‍රමාණයක් පුරා පැවති සන්නද්ධ ගැටුම්වලින් මිය ගිය සංඛ්‍යාවට වඩා ඉහල ප්‍රමාණයකි.


ගාසා තීරයේ මියගිය පුද්ගලයන් 7703 න් 40% කට වඩා දරුවන් වන අතර ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන සිටින පලස්තීන භූමිය සහ ඊශ්‍රායලය තුළ සිදුවන මරණ වලින් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් දරුවන් වේ. තවත් ළමුන් 1000ක ප්‍රමාණයක් ගාසා තීරයේ සුන්බුන් යට වැළලී අතුරුදහන්ව ඇතැයි වාර්තා වන අතර, ඒ අනුව මියගිය සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩි වීමට ඉඩකඩක් පවතී.


පසුගිය සිකුරාදා, ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේ “පුළුල් ගොඩබිම් මෙහෙයුම්” (expanded ground operations) සිදුකරන බවට නිවේදනය කළ අතර, එමඟින් මරණ, තුවාලවීම් සහ පීඩාවන් තවදුරටත් ඉහල යනු ඇතැයි අනතුරු අඟවන සේව් ද චිල්ඩ්‍රන් සංවිධානය, වහාම සටන් විරාමයක් ඉල්ලා සිටී.

මේ වන විට ගාසා තීරය තුළ අවම වශයෙන් ළමුන් 6360 ක් තුවාල ලබා ඇති අතර බටහිර ඉවුරේ අවම වශයෙන් ළමුන් 180 ක් සහ ඊශ්‍රායලය තුළ අවම වශයෙන් ළමුන් 74 ක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. එසේම දරුවන් ඇතුළු පුද්ගලයන් 200 කට වැඩි පිරිසක් දැනට ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස සිරවී සිටිති.

ඊශ්‍රායල්  බන්ධනාගාරවල සිරකොටගෙන සිටින පලස්තීන  දරුවන් ගණන 174 කි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image