සීතල යුද සමයේ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ, ලෝ ප්‍රකට රාජ්‍යතාන්ත්‍රිකයකු වූ හිටපු ඇමරිකානු රාජ්‍ය

ලේකම් හෙන්රි කිසිංජර් අභාවප්‍රාප්ත වී තිබේ.


1923 මැයි 27 වනදා ජර්මනියේ යුදෙව් පවුලක උපන් කිසිංජර් මියයන විට ඔහුගේ වයස වසර සියයකි.

2007 sum nixon

හෙන්රි කිසිංජර්, ඇමරිකා එක්සත් ජනපද ජනපති රිචඩ් නික්සන් හා ජනපති ජෙරල්ඩ් ෆෝර්ඩ් යටතේ රාජ්‍ය ලේකම් ධුරය සහ ජාතික ආරක්ෂක උපදේශක ධුරය දැරූ අතර ඇමරිකානු ඉතිහාසය තුළ ජාතික ආරක්ෂක උපදේශක සහ රාජ්‍ය ලේකම් තනතුරු දෙකම එකවිට දැරූ එකම තැනැත්තා ඔහුයි.

henry kissinger gettyimages 515575050

ඔහු ඇමරිකාව සහ චීනය අතර මෙන්ම ඇමරිකාව සහ සෝවියට් දේශය අතර සබඳතා පුළුල් කිරීමට දායක වූ අතර වියට්නාම යුද්ධය අවසන් කිරීමේදී ද වැදගත් කාර්යයභාරයක් ඉටු කළේ ය.

1970 දශකයේ මැද භාගයේදී රාජ්‍ය සේවයෙන් ඉවත්ව ගියද, බලයට පත්වූ සෑම ඇමරිකානු ජනාධිපතිවරයකුම පාහේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල දී කිසිංජර් ගේ උපදෙස් පැතීම සිදුවිය.

ඉකුත් ජූලි මාසයේ දී ද කිසිංජර් චීනයේ සංචාරයක නිරත වූ අතර එය චීනය හා ඇමරිකාව අතර උණුසුම්කාරී තත්ත්වයක් පැවති අවස්ථාවක සිදු වූ සංචාරයක් ලෙස සැලකිය හැකි ය.

හිටපු රාජ්‍ය ලේකම්වරයාගේ අභාවය ගැන ලොව පුරා රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් සිය ශෝකය පළ කර තිබේ.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්