පිලිපීනයේ මින්දනාවෝ ප්‍රදේශයේ අද (3) උදෑසන පැවති කතෝලික දේව මෙහෙයක් අතරතුර සිදුවූ පිපිරීමකින් සිව්දෙනකු මියගොස් තිබේ.


පිපිරීමෙන් 49 දෙනකු තුවාල ලබා ඇති බවත් තත්වය මේ වනවිට පාලනය කර ඇති බවත් එරට බලධාරීහු පවසති.

පිලිපීනයේ මින්දනාවෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ව්‍යායාම් ශාලාවක පැවති මෙම කතෝලික දේවමෙහෙය අතරතුරේ සිදුවූ පිපිරීමෙන් සුළු තුවාල ලබා රෝහල් ගත කළ බොහොමයක් දෙනා මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇති බව පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත.   

විශ්වවිද්‍යාල පරිශ්‍රයට අතිරේක ආරක්ෂක කාර්ය මණ්ඩලයක් යොදවා ඇති අතර නැවත දැනුම් දෙන තුරු විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කරයි.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්