ඉන්දුනීසියාවේ මරාපි ගිනිකන්ද විදාරණය වීමෙන් මියගිය ගණන 13 දක්වා ඉහළ ගොස් තිබේ.

 

ආරක්‍ෂිත හේතුන් මත නවතා දමා තිබූ, අතුරුදහන් කඳු නගින්නන් 10 දෙනකු සොයා කළ මෙහෙයුම් අද (5) දින නැවත ආරම්භ කර ඇති බවත් මුදවා ගැනීමේ කණ්ඩායම් තවමත් විධාරණය වන ගිනි කන්ද ආශ්‍රිතව මෙහෙයුම්වල නිරත වන බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් ඉරිදා (3) කිලෝමීටර් 3 (අඩි 9,800) පමණ දුරට අළු වලා විහිදුවමින් මරාපි පුපුරා ගොස් තිබුණේ අවට ගම්මාන අළුවලින් වසා දමමිණි.

යමහල විදාරණය වන අවස්ථාවේ දී කඳු නගින්නන් 75 දෙනකු පමණ ඒ අවට සිට ඇති අතර ඒ අතුරින් බොහොමයක් දෙනා මුදවාගෙන පිළිස්සුම් තුවාලවලට ප්‍රතිකාර සිදු කර ඇත.

 131915796 mount marapi volcano eruption 2x nc
"ගින්නේ කන්ද" යන අරුත ඇති මරාපි යමහල ඉන්දුනීසියාවේ ගිනිකඳු 127න් වඩාත් සක්‍රිය මෙන්ම කඳු නගින්නන් අතර ප්‍රකට ගිනි කන්දකි. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්