ඇෆ්ගනිස්ථානය අභිබවමින් මියන්මාරය ලොව විශාලතම ඕපියම් (අබිං) නිෂ්පාදකයා බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පෙන්වා දෙයි.  


මෙම වසරේ දී මියන්මාරය, ඕපියම් (අබිං) නිෂ්පාදනය 36% කින් ඉහල දමා ඇතැයි එම වාර්තාව මගින් ඇස්තමේන්තු ගත කර තිබේ.

නීත්‍යානුකූල ආර්ථික අවස්ථා සීමිත වීම, වෙලඳපොලවල් සහ රාජ්‍ය යටිතල පහසුකම් සඳහා ප්‍රවේශය සීමා සහිත වීම, උද්ධමනය, මුදලේ අගය අවප්‍රමාණ වීම නිසා නරක අතට හැරෙන ආර්ථිකය වැනි හේතු ඉකුත් වසරේ දී පොපි වගාව ඉහල දැමීමට මියන්මාර ගොවීන් ගත් තීරණයට සැලකිය යුතු බලපෑමක් කර ඇති බව වාර්තාව පෙන්වා දෙයි.  

2023 දී මියන්මාරයේ පොපි වගා කරන ප්‍රදේශ හෙක්ටයාර 47,000 (අක්කර 116,140) ලෙස ගණන් බලා ඇත - එය පසුගිය වසරට සාපේක්ෂව 18%ක වැඩිවීමකි.

.

2022 අප්‍රේල් මාසයේ දී, ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් පාලනය විසින් පොපි වගාව රට තුල (හෙරොයින් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍යය වන ඕපියම් මෙයින් නිස්සාරණය කෙරෙයි) මුළුමනින්ම තහනම් කිරීමෙන් පසු එම වගාව 95%කින් පහත වැටීම ද, මියන්මාරය ලොව විශාලතම ඕපියම් (අබිං) නිෂ්පාදකයා බවට පත්වීමට මූලික වී ඇති බව වාර්තාවේ සඳහන් වෙයි.

ඒ අනුව, ඇෆ්ගනිස්ථානය මේ වසරේ ඕපියම් (අබිං) ටොන් 330ක් නිෂ්පාදනය කර ඇතැයි ගණන් බලා තිබේ. 

1200x900
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයට (UNODC) අනුව, 2021 වසරේ දී ලොව විශාලතම ඕපියම් නිෂ්පාදකයා ඇෆ්ඝනිස්ථානය වූ අතර ලොව ඕපියම් සැපයුමෙන් 80%කටත් වඩා වැඩි ප්‍රමාණයක් වගා කෙරුණේ එහි ය.

2018 වසරේ දී UNODC ඇස්තමේන්තුගත කළ අන්දමට, ඇෆ්ඝනිස්ථානයේ ආර්ථිකයට ඕපියම් වගාවෙන් ලබාදුන් දායකත්වය 11%ක් පමණ වේ. යුරෝපයේ මත්ද්‍රව්‍ය වෙළඳපොළේ ඇති හෙරොයින්වලින් 95%ක්ම ඇෆ්ඝන් ඕපියම්වලින් නිපදවූ ඒවා ය.

 120219519 gettyimages 520569398
ඕපියම් පොපි ශාකයේ කොටස් පිරිපහදු කිරීමෙන් හෙරොයින් ඇතුළු තදබල ඇබ්බැහිකාරක මත්ද්‍රව්‍ය කීපයක්ම නිපදවීමේ දී යොදාගැනෙන මූලික අමුද්‍රව්‍යය ලැබේ.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්