සම්ප්‍රදායික ඇෆ්ගන් විවාහ උත්සවයක් සඳහා වැය වන අධික වියදම් සීමා කරගැනීම සඳහා ඇෆ්ගනිස්ථාන් ජාතික යුවල 50ක් සමූහ විවාහයක් සිදු කළ පුවතක් එරටින් වාර්තා වෙයි.


මෙවැනි සමූහ විවාහයන් අද වනවිට ඇෆ්ගනිස්තානය තුල සුලබව දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී මනාලියන් වෙනම ස්ථානයක තැබෙන අතර දිවා ආහාරයෙන් පසුව ඔවුහු පිටතට පැමිණෙති.

පුණ්‍ය ආයතනයක් විසින් කාබුල් නුවර දී සංවිධානය කරනු ලැබූ මෙම සමූහ විවාහයේ දී යුවලවලට සිය විවාහ ජීවිතය ආරම්භ කිරීමට අවැසි ගෘහ උපකරණ පිරිනැමීමක් ද සිදු කර ඇත.  

 132141824 gettyimages 1874577732
18 හැවිරිදි රෝහුල්ලා රෙසයි ප්‍රංශ පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබුණේ තමන්ට තනි විවාහයක් ගැනීමට තරම් වත්කමක් නොමැති බවයි.

"සම්ප්‍රදායික විවාහයකට ඇෆ්ගන් මුදලින් ලක්ෂ දෙකක් දෙකහමාරක් යනවා. ඒත් මේකට යන්නේ දහදාහක් පහළොස් දාහක් වගේ," ඔහු පැවසී ය.

 132141780 gettyimages 1874642533
සමහර පුද්ගලයින් මෙම දිනය එනතෙක් දීර්ඝ කාලයක් බලාසිටි බව ප්‍රංශ පුවත් සේවය සඳහන් කරයි.

"මම මේ දවස එනකන් අවුරුදු 3ක් හිටියා," යයි 23 හැවිරිදි ගොවියකු වන සමිඋල්ලා සමානි පැවසී ය.

"මට ඇය දකිනකන් ඉවසුමක් නැහැ."

 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්