ඉරානයේ කාන්තා හිංසනයට එරෙහිව සටන් කළ මානව හිමිකම් ක්‍රියාකාරිනියක මෙන්ම, 2023 නොබෙල් සාම ත්‍යාගලාභිනිය වන නර්ගීස්

මොහොමඩිට ගේ සිර දඬුවම තවත් මාස 15කින් දීර්ඝ කිරීමට ඉරාන අධිකරණයක් තීන්දු කර තිබේ.

51 හැවිරිදි මානව හිමිකම් ක්‍රියාකාරිනිය මේ වන විට ටෙහෙරානයේ කුප්‍රකට එවින් බන්ධනාගාරයේ වසර 12ක් සිර දඬුවම් ගෙවමින් සිටියි. දීර්ඝ සිර දඬුවම මෙන් ම, නර්ගීස් 13 වතාවක් අත්අඩංගුවට ගෙන, පස් වතාවක් වරදකාරිය කර ඇති අතර වසර 31 ක සිරදඬුවම්වලට බඳුන්ව තිබේ.

සිරගතව සිටියදී ඉස්ලාමීය ජනරජයට එරෙහිව මත පළ කිරීම සම්බන්ධයෙන් ද ඇයට චෝදනා එල්ල වී තිබේ.

නර්ගේස් මොහොමඩි දශක ගණනාවක් තිස්සේ ඉරානයේ මානව හිමිකම් වෙනුවෙන් සටන් වදින්නී ය. පසුගිය වසරේ, ඇය ලොව පුරා සිටින බලපෑමක් ඇති කළ කාන්තාවන් 100 දෙනෙකු ඇතුළත් ලැයිස්තුවක් වන බීබීසිය විසින් නම් කරන ලද 'වසරේ කාන්තාවන් 100 දෙනා (BBC's 100 Women)' අතර සිටියා ය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image