ලන්ඩන් මැරතන් ධාවනයේ යෙදෙන අතරතුර වයින් සාම්පල 25ක රස බැලූ වයින් රසඥයෙක් පවුම් 14,000කට වැඩි පුණ්‍යායතන ආධාර මුදලක්

රැස් කිරීමට සමත් වුනා.

 
52 හැවිරිදි ටොම් ගිල්බි (Tom Gilbey) ලන්ඩන් මැරතන් තරගය අවසන් කළේ එකිනෙකට වෙනස් වයින් වර්ගයක් සෑම සැතපුමකදීම රස බලමින්.

සිය ධාවන බඳපටියේ තබා ගත් වීදුර දෙකකින් සන්නද්ධව සිටි මේ වයින් රස විශේෂඥයා ඒ ඒ වයින් නිපදවූ වසර, මිදි වර්ගය සහ එහි නිෂ්පාදකයා නම් කිරීමේ අභියෝගය බාර ගෙන සිටියා.
 
WhatsApp Image 2024 04 24 at 15.06.29

2018 Burgundy pinot noir වයින් වර්ගය හඳුනා ගනිමින් සාර්ථකව සිය පළමු සැතපුම ආරම්භ කළ ඔහු වයින් 21ක් බොහෝ දුරට නිවැරදිව නම් කළේ වැරදි හතරක් පමණක් සිදු කරමින්.

නමුත් තරගයේ අවසාන රේඛාව ළංවෙද්දී, ඔහුගේ තීරණවල නොපැහැදිලිකමක් දිස්වුනා.

මේ පළපුරුදු වයින් රස පරීක්ෂකවරයා මත්වීමෙන් වැළකී සිටීමට සමත් වූයේ වයින් කුඩා උගුරක් බීමෙන් හෝ සමහර අවස්ථාවන්හිදී කොහෙත්ම වයින් ගිලින්නේ නැතිව සිටිමින්.

“ඒවා හොඳ නම්, මම ගිලින්න ඉඩ තියෙනවා. නැත්නම් ඒවා පාරට හලනවා” යනුවෙන් පැවසූ ඔහු වැඩිදුරටත් කියා සිටියේ සමහර වයින් එතරම් හොඳ ඒවා නොවූ බව.
 
 
6036d72d dd3a 4a9b a98c 16a242e8569b

මේ ක්‍රියාව සංවිධානය කර තිබුනේ ගිල්බිගේ මේ වයින් අත්දැකීමේ ව්‍යාපාර ඉසව්වේ වෙළඳ කළමනාකරු වන ඔහුගේ 26 හැවිරිදි පුත් ෆ්‍රෙඩී විසින්.

සෑම වයින් සාම්පලයකින් ම පසුව ඒවායේ රස පිළිබඳව ගිල්බි ප්‍රකාශ කරන අයුරු දැක්වෙන TikTok වීඩියෝවක් වේග‌යෙන් පැතිර ගොස් තිබුනා.

මේ මැරතන් තරගයට පෙර, ඔහුගේ දීර්ඝතම දිවීම වී තිබුනේ 1996 වසරේ පැවති මැරතන් ඉසව්වක්.

 
වයින් පිළිබඳව සිය මතයන් ‘ටික්ටොක්’ සහ ‘ඉන්ස්ටග්‍රෑම්’ වේදිකාවලින් බෙදා ගන්නා පුද්ගලයෙකු ලෙසින් ප්‍රසිද්ධ ගිල්බි මෙවර ලන්ඩන් මැරතන් තරගයට ඉදිරිපත්ව සිටියේ තම මවගේ ජීවිතයේ අවසන් කාලයේදී ඇයව හොඳින් රැක බලා ගත් ඔක්ස්ෆර්ඩ් නගරයේ තිබෙන Sobell House Hospice Charity නමැති ගිලන් නිවහනට මුදල් රැස් කිරීම පිණිස.
 
 
london
 
 
“තරගය පුරාම ඇය මට සිනාසෙමින් සිටියා විය හැකියි” ඔහු කීවා.

සිය ඉලක්කය වූ පවුම් 2,000 පමණටත් වඩා ඉක්මවා යාමට සමත් වූ ඔහුගේ උත්සාහය අවසන් වන විට පවුම් 14,000කට වැඩි මුදලක් එකතු වී තිබුනා.

 
ටොම් ගිල්බි ඇතුළුව මේ ගිලන් නිවසට ආධාර පිණිස ධාවනයේ යෙදුනු අනෙකුත් සියළු මැරතන් ක්‍රීඩකයන් පවුම් 51,000කට වැඩි මුදල් ආධාර රැස්කර ගත්තා.
 

 

සටහන :
warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්