සුරතලයට ඇතිකරන සිංහ පැටවෙක් මෝටර් රථයක නංවාගෙන තායිලන්තයේ පතායා නුවර වීදි සංචාරයේ යෙදවූ කතක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

සමාජ මාධ්‍යයේ වයිරල් වූ වීඩියෝවේ දැක්වෙන්නේ දම්වැලකින් ගැටගැසූ සිංහ පැටවෙක්, වහලය විවෘත සුදු පැහැති බෙන්ට්ලි වර්ගයේ මෝටර් රථයක පිටුපස ආසනයේ වාඩි කරවා කාන්තාවක් සහ පුරුෂයෙක් එම මෝටර් රථයේ ඉදිරිපස ආසනවල ගමන් කරන ආකාරය යි.

 

මෙම මෝටර් රථය රථය ධාවනය කර ඇත්තේ ලාංකිකයෙක් බවත් සිදුවීමෙන් පසුව ඔහු රටින් පිටව ගොස් ඇති බවත් BBC පුවත් සේවය වාර්තා කරයි. ඔහු අත්අඩංගුවට පත්වූ කාන්තාවගේ මිතුරකු බවට විශ්වාස කෙරේ. 

තායිලන්තය තුළ සිංහයකු ඇතිකිරීම නීති විරෝධී නොවන නමුත් නිළ ලියාපදිංචියක් තිබිය යුතුය.  

cfeafbf7886dcd45037bcb234dce84bf
අදාළ කාන්තාවට මෙම සිංහ පැටවා තායි පුද්ගලයෙක් ගෙන් මිලදී ගෙන ඇති බවත් ඒ අනුව, ඔහු සිංහ පැටවා පතායා නුවරට ගෙනවිත් දී ඇති නමුත් ඊට ප්‍රථම නීතිමය අවසරය ලබාගැනීමට අපොහොසත්ව ඇති බැවින් මෙම සත්වයා ප්‍රවාහනය සහ හිමිකාරිත්වය නීති විරෝධීව සිදුව ඇති බවට බලධාරීහු පවසති. ඒ අනුව, අවසරයකින් තොරව වන සතෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත බාත් ලක්ෂයක දඩයකට සහ වසරක සිර දඬුවමක් ඇයට නියම වී ඇත. 

එසේම, කුලියට ගත් නිවාඩු නිකේතනයේ සිංහ පැටවා රඳවා ගෙන සිටි බවට පැවසෙන ශ්‍රී ලාංකිකයා සොයා ද පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ඔහුට මාස 6ක සිර දඬුවම් සහ බාත් පනස් දහසක දඩ මුදලකට යටත් වීමට සිදුවනු ඇති බවත් වාර්තා වේ.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්