80 දශකයේ තරගත වුණු, සිල්වෙස්ටර් ස්ටැලෝන් ප්‍රධාන චරිතය නිරූපණය කළ, රොකී චිත්‍රපට මාලාවේ, ඇපලෝ ක්‍රීඩ් බොක්සිං

ශූරයාගේ චරිතයට පණ දුන් කාල් වෙදර්ස් දිවි ගමනට සමුදුන්නේය.

විදෙස් වාර්තා සඳහන් කළේ, 1970 දශකයේ මැද භාගයේ රංගන ජීවිතය ආරම්භ කළ කාල් වෙදර්ස් මිය යන විට 76 වැනි වියේ පසු වූ

බවයි.

ඔහු නින්දේදී අවසන් සුසුම් හෙලූ බව කාල් වෙදර්සගේ පවුලේ අය මාධ්‍ය වෙත පවසා තිබිණ.

කාල් වෙදර්ස තෙවරක් විවාහ වී සිටි අයෙකි. ඔහුට දරුවන් දෙදෙනෙකි.
 Carl Weathers Predator 2017 03 30 at 151618ආනොල්ඩ් ෂ්වොට්ස්නෙගර් ප්‍රධාන චරිතය නිරූපණය කළ ප්‍රෙඩෙටර් චිත්‍රපට ද කාල් වෙදර්ස රංගනයෙන් දායක විය. ඒ, කර්නල් ඩිලන් ලෙසය. එම චරිතය ද හොලිවුඩ් සිනමාවේ සදා අමරණීය චතිරයක් බවට පත්වී තිබේ.

කාල් වෙදර්ස, අවසන් වරට ස්ටාර් වෝර්ස් චිත්‍රපට හා සම්බන්ධ 'ද මැන්ඩලෝරියන්' රූපවාහිනී කතාමාලාවට ද රංගනයෙන් දායක විය

චිත්‍රපට, රූපවාහිනිය, කලාව සහ ක්‍රීඩා සඳහා දායකත්වය තුළින් ඔහු නොමැකෙන සලකුණක් තබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

      


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්