ඉන්දියානු මැතිවරණ ව්‍යාපාරයන්හි හින්දු ඡන්ද බහුතරය වෙනුවෙන් වෛරී වාර්ගික ප්‍රකාශ කරන්නේ යැයි අගමැති නරේන්ද්‍ර මෝඩිට

එරෙහිව ඉන්දීය මැතිවරණ කොමිසම හමුවේ පැමිණිල්ලක් සඳහා සහ පොලීසිය විසින් පළමු තොරතුරු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ යුතු යැයි වන ඉල්ලීමට ඉන්දියානු මානව හිමිකම් හා යුක්තිය වෙනුවෙන් බිම් මට්ටමේ ජනතා ව්‍යාපාර සමග කටයුතු කරන ''සිවිල් නිදහස වෙනුවෙන් වන ජනතා සංවිධානය'' (PUCL) කරුණු ඉදිරිපත් කර ඇතැයි ඔවුන්ගේ මැයි 01 වන දිනැති ප්‍රවෘත්ති පත්‍රිකාවෙහි සඳහන් කෙරෙන්නේය.


''මුස්ලිම් ලීගයෙහි සහ වාමාංශකියෙහි වර්ණ කොන්ග්‍රස් මැතිවරණ ප්‍රකාශනයෙහි ඇතැයිද එම මැතිවරණ ප්‍රකාශනය රට කැබලි කිරීමේ ශක්‍යතාවක් සහිත යැයිද කොන්ග්‍රස් ප්‍රකාශනයට අගමැති පහර ගැසීය. රත්තරං එකතු කර ගැනීමට කොන්ග්‍රසය හින්දු කාන්තාවන්ගේ මංගල්සූත්‍රය අත ගා ගැනීමටද මාන බලන්නේ යැයි අගමැති කොන්ග්‍රසයට චෝදනා කළේය. එම කතාවෙහිම ඔහු සුළු වාර්ගික මුස්ලිම් ජනතාව නොනිල ආගමනිකයින් යැයි දෝසාරෝපණ ස්වරයෙන් පැවසීම මුස්ලිම් ජනයාට එරෙහිව හින්දු ජාතිකයින් උසිගැන්වීමක් වන අතර, ඉදිරි මැතිවරණ කාලයේ සුළු වාර්ගිකයින් වඩා දරුණු ප්‍රහාර වලට ලක් කිරීමේ පසුබිම සකස් කිරීමක්ද ඉන් සිදු කෙරෙන්නේය'' යනුවෙන් PUCL සංවිධානය ඔවුන්ගේ සංස්කාරක සටහනෙන් කියා තිබිණ.


සමානාත්මතාව හා සියල්ලන්ගේ එකතුවක් සඳහා ව්‍යවස්ථාව ගැන ඇති විශ්වාසය බීජේ.පී මැතිවරණ ප්‍රකාශනයෙහි නොසළකා හැර ඇත. ඒ වෙනුවෙන් ''හින්දු සංස්කෘතික අභිමානය ජාතිකත්වයෙන් සරසා ඇත'' යැයි PUCL සංවිධානය කියන්නේය.

එවගේම, ''අයෝද්යාහි රාම් මන්දිරය දැකීමේ සියවස් 05 ක ජනතා සිහිනය දැන් යතාර්ථයක්ව ඇත'' යැයි කීමෙන් ඔහු ව්‍යවස්ථාව මගින් ඉවත්කර තැබූ ඒ සාධකයද නොකඩවා උල්ලංඝණය කරන්නේය.

BJP Election Manifesto
''මෝඩි සහතිකය'' මැයෙන් නම්කර ඇති බී.ජේ.පී මැතිවරණ ප්‍රකාශනය නියත වශයෙන් ඉන්දියානු ව්‍යවස්ථාව උල්ලංඝණය කරනු ඇතැයි සියලූ දේශපාලන පක්ෂ විසින් නම් කර ඇත. එබැවින් බී.ජේ.පී ආණ්ඩුවක් පත් වුනහොත් ඉන්දියානු ව්‍යවස්ථාව තර්ජනයකට නතු වනු ඇතැයි PUCL සංවිධානය විශ්වාස කරන්නේය.


දෙවරක් බලය ලබා ගත් මෝඩිගේ බී.ජේ.පී ආණ්ඩු පාලන අවසානයෙහි නීතිය ක්‍රියාත්මක කිරීම දැනටමත් දේශපාලන හැරවුමකට යටත්ව ඇති සෙයකි.

''අවාසනාවකට, පොදු ආචාර ධර්ම සංග්‍රහය බරපතල ලෙස උල්ලංඝණය කිරීමද ජනතා නියෝජන පනතෙහි ප්‍රතිපාදන හා ඉන්දීය අපරාධ නීතිය පැහැර හැරීමද නොතකා, කිසිදු ව්‍යවස්ථාමය බලාධිකාරයකින් පියවර ගැනීමක් දැකිය නොහැක'' යැයි PUCL සංවිධානය කියන්නේය.


''මෝඩිගේ සහතිකය'' න්‍යායිකව ව්‍යවස්ථාව මග හරින අතර ප්‍රායෝගිකව ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නේ යැයි සඳහන් කරන PUCL සංවිධානය, ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ''ව්‍යවස්ථාවෙහි අන්තර්ගත දෘෂ්ඨිවාදයද නැතිනම් ව්‍යවස්ථාව විනාශ කිරීමේ අවකාශයක් ඇති දෘෂ්ඨිවාදයද'' යන දෙකෙන් ඔවුන්ට අවශ්‍ය කුමක්දැයි ඔවුන් තෝරා ගත යුතුයැයි කියා ය.


පූර්ණ සංස්කාරක සටහන කියවන්න -
The Constitution under Threat: A tale of manifestoes


 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්