The Leader News
BREAKING
Top Ad
පුවත්

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන දිලිත් තැබූ X සටහන

T

The Leader Desk

February 25, 2026 • 4:39 PM

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන දිලිත් තැබූ X සටහන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සඳහා අත්අඩංගුවට ගෙන පැය 72ක් රඳවා තැබීමට කටයුතු කිරීම දැඩි සේ හෙළා දකිමින් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර X අවකාශයේ සටහනක් තබා තිබේ.
  • එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කීර්තිමත් අතිදක්ෂ හමුදා නිලධාරියෙකු වන අතර දශක 3ක් තිස්සේ ශ්‍රී ලංකාවේ පැවැති කුරිරු ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ රණවිරුවෙකු බවය.
  • එවැනි විශිෂ්ට නිලධාරියෙකු මේ ආකාරයෙන් ප්‍රශ්න කිරීමට ලක්කිරීම දේශපාලන අරමුණක් සහිතව සිදුකළ බවක් පෙනීයන බවත් එහි සාධාරණත්වය සහ අභිලාෂය මෙන්ම රාජ්‍ය බලය අයුතු ලෙස යොදාගත් පියවරක්ද යන සැකය මතුවෙන බවත් දිලිත් ජයවීර පෙන්වා දෙයි.
  • ජාතියේ ආරක්ෂාව උදෙසා දිවිහිමියෙන් කටයුතු කරන මිනිසුන් සහ කාන්තාවන් දේශපාලන ක්‍රියාවලියේ ගොදුරු බවට පත්නොවිය යුතු බවද ඔහු අවධාරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සඳහා අත්අඩංගුවට ගෙන පැය 72ක් රඳවා තැබීමට කටයුතු කිරීම දැඩි සේ හෙළා දකිමින් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර X අවකාශයේ සටහනක් තබා තිබේ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කීර්තිමත් අතිදක්ෂ හමුදා නිලධාරියෙකු වන අතර දශක 3ක් තිස්සේ ශ්‍රී ලංකාවේ පැවැති කුරිරු ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ රණවිරුවෙකු බවය.

එවැනි විශිෂ්ට නිලධාරියෙකු මේ ආකාරයෙන් ප්‍රශ්න කිරීමට ලක්කිරීම දේශපාලන අරමුණක් සහිතව සිදුකළ බවක් පෙනීයන බවත් එහි සාධාරණත්වය සහ අභිලාෂය මෙන්ම රාජ්‍ය බලය අයුතු ලෙස යොදාගත් පියවරක්ද යන සැකය මතුවෙන බවත් දිලිත් ජයවීර පෙන්වා දෙයි.

සන්නද්ධ හමුදාවල චිත්ත ශක්තියට සිදුකරන බරපතළ හානියක්

මෙම පියවර විශ්වසනීය සාක්ෂි මත පදනම් නොවී හුදෙක් පටු දේශපාලන අරමුණු මත සිදුකර ඇත්නම් එය යුක්තිය හෑල්ලුවට ලක් කිරීමක් පමණක් නොව, අපේ සන්නද්ධ හමුදාවල චිත්ත ශක්තියට සිදුකරන බරපතළ හානියක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සඳහන් කරයි.

ජාතියේ ආරක්ෂාව උදෙසා දිවිහිමියෙන් කටයුතු කරන මිනිසුන් සහ කාන්තාවන් දේශපාලන ක්‍රියාවලියේ ගොදුරු බවට පත්නොවිය යුතු බවද ඔහු අවධාරණය කරයි.

යුක්තිය පාරදෘශ්‍ය, අපක්ෂපාතී සහ විකෘති කිරීම්වලින් තොර වියයුතු බවත් එයින් තොර ඕනෑම පියවරක් ඊට වගකිව යුත්තන්ට නොමැකෙන අඳුරු පැල්ලමක් පමණක් ඉතිරි කරනු ඇති බවත් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර වැඩිදුරටත් සඳහන් කර තිබේ.

vsds

සුරේෂ් සලේ පැය 72ක් රඳවා ගනී

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ ව අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ බවත් ඒ අනුව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පොලීසිය පවසයි.

සුරේෂ් සලේ ව අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තිබූ සාක්ෂි මත පදනම්ව බව ද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත කියා සිටියේය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකළ යුතුව ඇති බැවින් ඒ පිළිබඳ තොරතුරු ඉදිරියේ දී අනාවරණය කරන බවය.

එම හේතුව පැය කිහිපයක් තුළ අනාවරණය කිරීම අපහසු බවද සඳහන් කර සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, පොලීසියේ කාර්ය නිසි ලෙස ඉටුකර ඇති බවත් කියා සිටියේය.

''ඔහුව අත්අඩංගුවට නොගෙන සිටියේ නම් පොලීසියට විරුද්ධව කැම්පේන් සිදුවීමට ඉඩ තිබුන''

අත්අඩංගුවට ගත් හේතුව නිසි ලෙස අනාවරණය නොකර විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ ව අත්අඩංගුවට ගැනීම හේතුවෙන් පොලීසියට එරෙහිව කැම්පේන් එකක් සිදුව ඇති බවට මාධ්‍යවේදීන් අසන ලද පැනයට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ඔහුව අත්අඩංගුවට නොගෙන සිටියේ නම් පොලීසියට විරුද්ධව කැම්පේන් සිදුවිය යුතුව තිබූ බවය.

එමෙන්ම විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ ගෙන් ඉදිරියේ දී සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම්වලදී පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පැවසීය.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වු නීති දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න පවසා සිටියේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ දී දින 3ක් රඳවා ගැනීමේ හැකියාව හිමිවෙන බවය.

ඉන් අනතුරුව සාක්ෂි මත පදනම්ව රඳවා ගැනීමේ නියෝගයක් ලබාගැනීමට කටයුතු කළ හැකි බවද පැවසු ඔහු, ඒ සඳහා නෛතික ප්‍රතිපාදන ඇති බවත් කියා සිටියේය.

සුරේෂ් සලේ ව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මහජනතාව දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුවත් කරන බවද නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න පැවසීය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...