*පිල්ලෙයාන්ට ඇඬුණේ හතර විලිලැජ්ජාවටද?
‘දේශප්‍රමී පිල්ලෙයාන්ගේ’ ඇසින් වැටුණු කඳුළු මාධ්‍ය පුරා තවරමින් කිඹුල් කඳුළු හෙලූ ගම්මන්පිල සිය මාධ්‍ය සාකච්ඡාවේ දී කියාසිටියේ “පාස්කු ප්‍රහාරය පිළිබඳ එක වචනයක් පිල්ලෙයාන් කතා කරලා නෑ. එහෙම ප්‍රකාශයක් කරන්න පාස්කු ප්‍රහාරය ගැන මෙලෝ දෙයක් පිල්ලෙයාන් දන්නෙත් නෑ.” කියා ය.

එහෙත් ගම්මන්පිලට අනුව ‘පාස්කුදින ප්‍රහාරය ගැන මෙලෝ දෙයක් නොදැන සිටි’ පිල්ලෙයාන් පාස්කුදින ප්‍රහාරය ගැන ම දෙමළ භාෂාවෙන් පොතකුත් ලියා ඇත.
දෙමළ බසින් ලිවීමෙන් පමණක් නොනැවතී එය සිංහල භාෂාවට ද පරිවර්තනය කර, රාජගිරියේ දී පිටපත් 1000ක් ද මුද්‍රණය කර, රුපියල් 1950කට මිල නියමකර ප්‍රකාශයට පත්කර තිබේ.
පිල්ලෙයාන්ගේ පෙතේ සිංහල පරිවර්තනයේ නම වන්නේ “පාස්කු සංහාරය – ජාති හා ආගම් අතර සමගිය – වැටහීම හා අවබෝධය” යන්න යි.
සිංහල මුද්‍රණය ප්‍රකාශයට පත්වී ඇත්තේ 2024 ජුනි මාසයේ ය.
ඒ අනුව ගම්මන්පිලගේ තවත් කෙබරයක් දැන් අතේ පත්තුවී තිබේ.
ගම්මන්පිලගේ හාවාගේ තරම!

ගම්මන්පිල කියාසිටියේ, “සීඅයිඩීය හාවෙක් අල්ලාගෙන, ඒ හාවා තමන් නරියකු බව පිළිගන්නා තුරු පහරදෙන න්‍යාය අනුගමනය කරන්නට යන" බව යි.
එහෙත් පිල්ලෙයාන් නම් හාවාගේ තරම හෙළිවන්නේ, ඔහු ප්‍රකාශයට පත්කර ඇති පොතේ පාස්කුදින ප්‍රහාරය හා ඊට සූදානම් වූ අයුරු ආදිය ගැන ඇති ඇතැම් කරුණු පමණක් නොව ඡායාරූප පවා දකින විට ය.
ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ පටන් ඒ ගැන විමර්ශන සිදුකළ තමන් සතුවවත් නොමැති තොරතුරු හා ඡායාරූප මේ පොතේ ඇති බව, පසුගිය වසර අග භාගයේ දී එහි පිටපතක් තමන් අත පත්වූ විට විමර්ශන නිලධාරීන්ට ම පෙනීගොස් ඇත.
හාවා ගම්මන්පිලට කළ නරි වැඩේ!
අනෙක් අතට, ගම්මන්පිලගේ හාවා ගම්මන්පිලටම කර ඇත්තේ අන්තිම නරි වැඩකි.

තමන්ට නීති ආධාර දෙන්නට ආ, එපමණක් නොව තමන් එක රැයෙන් ‘දේශප්‍රමියකු’ බවට පවා රූපාන්තරණය කළ උගත් නීතීඥයාට, තමන් පාස්කුදින ප්‍රහාරය ගැන පොතක් ම ලියා, ඒක සිංහලයටත් පරිවර්තනය කළ බවට කටේ කෙළ බිඳක් නොහෙලා හෙමිජ්ජකු සේ ‘මං පාස්කුදින ප්‍රහාරය ගැන කිසිම දෙය් දන්නෑ’ කියා ගම්මන්පිල රවට්ටා, අන්තිම අමාරුවක දමා තිබේ.
ගම්මන්පිලගේ හාවාගේ තරම කොහොමද?
එක වචනයක්වත් කීවේ නෑ කී පිල්ලෙයාන්, දවස් දෙකක් සීඅයිඩීයට ප්‍රකාශ දීලා
![]()
තමන් ප්‍රහාරය ගැන එක වචනයක් කීවේ නැතැයි ගම්මන්පිල ගොනාට ඇන්දුවත්, සීඅයිඩීය මුලින්ම පිල්ලෙයාන්ගෙන් පාස්කුදින ප්‍රහාරය ගැන දීර්ඝ වශයෙන් කටඋත්තර ගෙන ඇත්තේ පසුගිය නොවැම්බර් 20 සහ 23 යන දිනවලදී ය.
එහිදී මෙම පොතේ අඩංගු කරුණුවලට අමතරව, ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කළ බව කියන හන්සීර් අසාද් මවුලානා විසින් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවට කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පිල්ලෙයාන්ගෙන් ප්‍රශ්නකර ඇත.
මීට අමතරව අසාද් මවුලානා පාස්කුදින ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දිවුරුම් ප්‍රකාශ සාක්ෂියක් ද ලබාදී ඇත.
සහරාන්ගේ සහෝදරයා හමුවීමේ ඉතිහාසය
ඒ අවස්ථාවේ පිල්ලෙයාන් රඳවාගැනීමක් සිදු නොකළ නමුත්, ඔහු විසින් ලබාදෙන ලද කටඋත්තරවල සඳහන් කාරණා සම්බන්ධයෙන් පසුබිම් විමර්ශන දිගින් දිගටම සිදුවෙමින් පැවැති බව අපට වාර්තා වේ.
ඒ අනුව පිල්ලෙයාන් මඩකලපුව බන්ධනාගාරයේ සිටි සමයේ ම එම බන්ධනාගාරයේම රඳවා සිටි, සහරාන්ගේ සහෝදරයකු වන ෂයිනී (මොහොමදු කාසිම් මොහොමදු ෂයිනී) ඇතුළු සහරාන්ගේ කණ්ඩායමේ සාමාජිකයන් සමඟ පිල්ලෙයාන් කිසියම් ඇසුරක් පවත්වා ඇති බවට හෙළිවන බන්ධනාගාර නිලධාරීන්ගේ සාක්ෂි ලබාගැනීම වැනි විමර්ශන පසුගිය කාලයේ සිදුවී ඇති බව අපට වාර්තා වේ.
අසාද් මවුලානා
පිල්ලෙයාන්ගේ කැඳවීමට අනුව තමන් මේ කියන ෂයිනී ඇතුළු සහරාන්ගේ පිරිස මඩකලපුව බන්ධනාගාරයේ දී හමුවී සාකච්ඡා කළ බවක් ද අසාද් මවුලානා කියා ඇත.
වෘත්තීය වරප්‍රසාද අවභාවිත කිරීමකි
පිල්ලෙයාන්ගේ නීතීඥයා වශයෙන් මෙතරම් ආන්දෝලනාත්මක අවස්ථාවක දී ඉදිරිපත් වූ ගම්මන්පිල, පිල්ලෙයාන් පාස්කුදින ප්‍රහාරය ගැන දුර්ලභ විස්තර සහ ඡායාරූප පවා අඩංගු කෘතියක් සිංහලෙන්මත් පළකර ඇති බව හෝ නොදැන සිටීමෙන් සහ අඩුම තරමින් පිල්ලෙයාන් සමඟ කතාකිරීමේදී හෝ ඒ ගැන දැනුවත් නොවීමෙන් පෙනීයන්නේ, ඔහු ගියේ පිල්ලෙයාන්ට නීති උපදෙස් සැපයීමට නොව දේශපාලන වාසියක් ලබාගැනීමට බව යි.
ඒ සඳහා ඔහු සිය වෘත්තීය වරප්‍රසාද අවභාවිත කර ඇතිද යන්න ගැන අදාළ අංශ වෙතින් වෙනම විමර්ශනයක් සිදුවිය යුතු බව අපි නැවත අවධාරණය කරමු.
පිල්ලෙයාන්ට ඇඬුණේ හතර විලිලැජ්ජාවටද?
පිල්ලෙයාන් හොඳින් කතාකරන්නට දන්නේ දෙමළ බස ය. ඔහුගේ සිංහල හා ඉංග්‍රීසි භාවිතය දුර්වල බව කියැවේ. ඒ අනුව ‘පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන එක වචනයක් හෝ පිටකර නැතිය’ වැනි බොරු ගම්මන්පිලට කියන්නට සිදුවන ප්‍රධාන හේතුව නිරවුල් අදහස් හුවමාරුවකට එක පොදු බසක් නීතීඥයා හා සේවාදායකයා යන දෙදෙනාම කතානොකිරීම වීමට ද ඉඩ ඇත.

පිල්ලෙයාන්ට ඇඬුණේ, ඇතැම්විට ගම්මන්පිල වැනි උග්‍ර ජාතිවාදියෙක් තමන්ගේ නීතීඥයා වශයෙන් පැමිණීම ගැන විලිලජ්ජාවට හා දුකටත්, ඊට අමතරව තමන් කියන දෙයක් තේරුම් ගන්නටවත් බැරි පුද්ගලයෙක් තමන් වෙනුවෙන් පෙනීසිටින්නට ආ හෙයිනුත් වන්නට ද බැරි නැත.
ඒ අනුව පිල්ලෙයාන් කී මොනවා හෝ දෙයක් ගම්මන්පිලට වැටහී ඇත්තේ ඔය කියා ඇති විදියට වීමටත් ඉඩ තිබේ.
උපකුලපති ඝාතනය කළ බවට ඇසින්දුටු සාක්ෂි
පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනුණේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව මත ය.
ඒ සඳහා පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි තිබූ බවත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෙවණපිටිය නම් ප්‍රාද්ශයේ තිබූ පිල්ලෙයාන්ලාගේ පැරාමිලිටරි කණ්ඩායමට අයත් කඳවුරේ දී මහාචාර්යවරයා පහරදී ඝාතනය කර පුළුස්සා දැමූ බවට ඇසින් දුටු සාක්ෂි දෙකක් තිබෙන බවත් දැනගන්නට ඇත.
අපරාධ ඉතිහාසය බඩවැලක් සේ ඇදී එනවා
අපරාධ ඉතිහාසයක් ඇති පුද්ගලයකු කිසියම් එක් නිශ්චිත අපරාධයකට අත්අඩංගුවට ගත් විට, ඔහු විසින් සිදුකර ඇති අනෙකුත් අපරාධවලට අදාළ තොරතුරු හා සාක්ෂි බඩවැලක් සේ ඇදීඒම නොවැලැක්විය හැකි බවත්, තමන් අත්අඩංගුවට ගත්තේ එක් අපරාධයක් සම්බන්ධයෙන් නම්, තමන්ගෙන් ප්‍රශ්නකළ හැක්කේ ඒ අපරාධය ගැන පමණකැයි සැකකරුවකුට හෝ ඔහුගේ නීතීඥයාට විමර්ශකයන්ට එරෙහිව කොන්දේසි පැනවිමේ හැකියාවක් නොමැති බවත් අපේ සාමාන්‍ය අවබෝධයට නම් හොඳින් ම වැටහේ.
ඇතැම්විට තමන්ගේ සේවාදායකයා භාෂා දෙකකින් පොතක්ම ලියා ඇති සිද්දියක් ගැන ‘මෙලෝ දෙයක් දන්නේ නැතැ’යි විලිලැජ්ජාවක් නැතිව මාධ්‍ය හමුවේ බොරු කියන නීතීඥයකුට එවැනි තර්කන හැකියාවක් පිළිබඳ දිව්‍යඥානයක් තියෙනවා වන්නට පිළිවන.
විමර්ශනවලට එරෙහි ජනමතයක් ඇතිකිරීමේ දුෂ්ට තැතක්

කෙසේ වෙතත්, තමන්ගේ සේවාදායකයා ගැන කිසිදු තොරතුරක් නොදැන පමණක් නොව ඒ හමුවේදී පවා මෙවැනි අති මූලික තොරතුරක්වත් අනාවරණය කරගන්නට අසමත්ව මාධ්‍ය හමුවේ අමූලික බොරු කියමින් විමර්ශන කඩාකප්පල් කරන්නටත්, විමර්ශන ආයතන පිළිබඳ ජනතා විශ්වාසය පළුදු කරන්නටත්, විමර්ශනවලට එරෙහි මහජන මතයක් ඇතිකිරීමටත් කූට ලෙස කටයුතු කර ඇති ගම්මන්පිල සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකළ යුතු බව අපි අදාළ අංශවලට තරයේ කියාසිටිමු.

(සටහන | සනත් බාලසුරිය)
මාධ්‍යවේදී
sanathbalas@gmail.com
උපුටා ගැනීම -
Sanath Balasooriya ගේ FB පිටුවෙන්...
සබැඳි පුවත :
පිල්ලෙයාන් හමුවීමට ගියේ ඇයි ? - ගම්මන්පිල හෙළිකරයි



