පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කමිටු වාර්තාව පසුගිය බදාදා ප්‍රසිද්ධියට පත් විය.  

මෙම ලිපියෙහි අරමුණ බුද්ධි අංශවල කාර්යභාරය, විශේෂයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) කාර්යභාරය පිළිබඳ තේරීම් කාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ පිළිබඳව අදහස් දැක්වීම ය.

 අමෙරිකානු CIA බුද්ධි සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ සාමාජික ෆ්‍රෙඩ්රික් එෆ්. මැන්ගෙට් පැවසුවේ “බුද්ධි අංශ සහ නීතිය බලාත්මක කිරීම සමාන්තර ලෝක දෙකක් වන නමුත්, ඒවා වෙනස් ලෝක දෙකක් වන බවයි. මැන්ගෙට්ගේ උත්සාහය වූයේ බුද්ධි අංශ සහ නීතිය බලාත්මක කරන ආයතනවලට වෙනස් භූමිකාවන් දෙකක් ඇති බව අවධාරණය කිරීමයි.

 එසේම, CIA හි හිටපු බුද්ධි විශ්ලේෂකයෙකු වන ජෝන් ඒ. ජෙන්ට්‍රි නිරීක්ෂණය කරන්නේ සාර්ථක බුද්ධි අංශ, බුද්ධි සංවිධානවල ක්‍රියාකාරකම් මත රඳා පවතිනවා සේම, බුද්ධි සේවාවල පාලනයෙන් ඔබ්බට ඇති විදේශ හා ආරක්ෂක අමාත්‍යාංශ සහ භූමියේ සිටින හමුදා වැනි රජයේ බුද්ධි අංශ නොවන ආයතන වල තීරණ සහ ක්‍රියා මත ද රඳා සිටින බවයි.

 ඒ අනුව පෙනෙන්නේ බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන්නන් විසින් ඉටු කරනු ලබන භූමිකාවන් හි වෙනස නොසලකා, බුද්ධි අංශ කාර්ය සාධනය නිවැරදිව තක්සේරු කළ නොහැකිය යන්නයි.

 තේරීම් කාරක සභා වාර්තාව:

තේරීම් කාරක සභාවේ වාර්තාවෙන් නිරීක්ෂණය වන්නේ, “රාජ්‍ය බුද්ධි සේවාවෙහි අසාර්ථකත්වය හේතුවෙන් සිය ගණනක් මරණයට පත්ව, තවත් බොහෝ දෙනෙක් තුවාල ලබා ඇති බවත්, test 51එමගින් ශ්‍රී ලංකාවට හා ශ්‍රී ලාංකිකයන්ට විශාල විනාශයක් සිදු වී ඇති අතර, එය සැහැල්ලුවට නොගත යුතු බවත්ය.” මෙය රාජ්‍ය බුද්ධි සේවාවට එරෙහිව එල්ල වී ඇති බරපතල චෝදනාවකි.

 එසේම එම වාර්තාවේ  සඳහන් වන්නේ ලබාගත හැකි වූ පූර්ව ‘බුද්ධි තොරතුරු’ මත ‘ක්‍රියා කිරීමට අපොහොසත් වීම’ සහ අධ්‍යක්ෂවරයා විසින් ‘අදාළ අනෙකුත් බුද්ධි අංශ’ සහ ආරක්ෂක නිලධාරීන් සමඟ බුද්ධි තොරතුරු බෙදා ගැනීමට ප්‍රමාද වීම ද රාජ්‍ය බුද්ධි සේවාවෙහි අසාර්ථකත්වයට හේතු වූ බවයි. රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා ඒ සම්බන්ධයෙන් 'විශාලතම වගකීමට' යටත් වන බවද වාර්තාව කියයි.

 අප කලින් සඳහන් කළ පරිදි, ඔත්තු මත ‘ක්‍රියා කිරීමේ වගකීම’ පවතින්නේ නීතිය බලාත්මක කිරීමේ ආයතන මත මිස බුද්ධි අංශ මත නොවේ.  එහෙත්, තේරීම් කාරක සභා වාර්තාව බුද්ධි අංශ සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන අතර ඇති භූමිකාවන්හි වෙනස සලකා බලා නැති බව පෙනේ.

 වෘත්තීමයභාවය නොමැති වීම

ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කර ඇති එම කාරක සභා වාර්තාව මගින් නියමිත වේලාවට ‘intelligence information’ යනුවෙන් කමිටුව හදුන්වන 'යමක්' බෙදා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාව වෙත එල්ල වී ඇති චෝදනාව තේරීම් කාරක සභාවේ තවත් වැරදි නිරීක්‍ෂණයකි.  

ඉංග්‍රීසි භාෂාවෙන් 'intelligence' යන වචනය 'intelligence information' ලෙස තේරීම් කාරක සභාව යොදා ඇති අතර, එය තාක්‍ෂණිකව වැරදිය. Information හා intelligence යන වචන වලට වෙනස් පාරිභාෂික අර්ථයන් ඇති බව මෙහිදී අවධානයට යොමු කිරීම වටී.

 Information යන්න අමු දත්ත ලෙස විස්තර කර ඇති අතර, intelligence යනු තොරතුරු විශ්ලේෂණයේ ප්‍රතිඵලයකි.  මෙම නොසැලකිලිමත් වචන භාවිතයෙන්  ඇඟවෙන්නේ නිල වාර්තාවක් සඳහා බුද්ධි අංශ කාර්ය සාධනය තක්සේරු කිරීමේදී හා ලේඛනගත කිරීමේදී තිබිය යුතු වෘත්තීය මට්ටම තේරීම් කාරක සභාව සතුව නොතිබූ බවයි.

 බුද්ධි ඒජන්සියක වගකීම:

ප්‍රහාරයක් පිළිබඳව වාචිකව හා සංක්ෂිප්තව  රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයාව 2019 අප්‍රේල් 4 වන දින සිය මූලාශ්‍ර මාර්ගයෙන් දැනුවත් කර ඇති අතර, අප්‍රේල් 5 වන දින ඔහුගේ මූලාශ්‍රය මගින් ඔහුට ලිඛිතව ඒ බව දැනුම් දෙන ලදී.  අමු දත්ත වන ‘තොරතුරු’ ලැබීමෙන් පසු, එම තොරතුරු ක්‍රමානුකූලව විශ්ලේෂණය කිරීමකි.

 පසුදා, එනම් අප්‍රේල් 6 වන දින රාජ්‍ය බුද්ධි සේවා හි අධ්‍යක්ෂකවරයා ඔහුගේ වාර්තා කිරීමේ ඉහළ අධිකාරිය වන ආරක්ෂක ලේකම් සමඟ 'ඔත්තු' බෙදා ගත් අතර, අප්‍රේල් 7 වන දින අධ්‍යක්ෂවරයා රටේ බුද්ධි අංශ ප්‍රධානයා වන ජාතික බුද්ධි අංශ ප්‍රධානී (CNI) වෙතින් මේ පිළිබඳ වැඩිදුර උපදෙස් ලිඛිතව ඉල්ලා සිටියේය.  

ජාතික බුද්ධි ප්‍රධානයා විවිධ ආයතනයන්හි ඇති බුද්ධි අංශ සම්බන්ධීකරණය කිරීමේ වගකීම දරයි.  රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ විසින් පොලිස්පතිවරයාව අප්‍රේල් 7 වන දින ලිඛිතව දැනුවත් කර තිබූ අතර, මීට අමතරව, අප්‍රේල් 8 වන දින ජාතික බුද්ධි ප්‍රධානයා විසින් ද පොලිස්පතිවරයාව ලිපියක් මගින් දැනුවත් කරන ලදී.

test 52අප්‍රේල් 9 වන දින බුද්ධි කමිටු රැස්වීම (ICM) රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ විසින් දැනුවත් කළ අතර, එදිනම සවස් වන විට තවත් වැඩිදුර වාර්තාවක් ලිඛිතව ඉදිරිපත් කරන බව දන්වා සිටියේය.  

කෙසේ වෙතත්, රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ විසින් සපයන ලද තොරතුරු අතැතිව සිටියද, ජාතික බුද්ධි ප්‍රධානයා විසින් ප්‍රහාරය පිළිබඳව බුද්ධි කමිටුව  දැනුවත් කර නැත.

 අවශ්‍ය ඔත්තු සපයා ඇත

 තේරීම් කාරක සභා වාර්තාව තවදුරටත් මෙසේ දක්වයි.

 “2019 අප්‍රේල් 20 වන දින SIS හි අධ්‍යක්ෂවරයාට ඔහුගේ මූලාශ්‍රයෙන් පණිවිඩයක් වට්ස්ඇප් හරහා ලැබුණි.  SIS හි අධ්‍යක්ෂවරයා තේරීම් කාරක සභාවට දන්වා සිටියේ පණිවුඩය, ආරක්ෂක ලේකම්, පොලිස්පති, ජාතික බුද්ධි ප්‍රධානයා වෙත යොමුකොට, පසු විපරම් කරන ලෙස ඉල්ලා සිටි බවයි.

ඊට අමතරව, මේ සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර දිසාව) යන අයවද රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ විසින් දැනුවත් කර ඇත.  

2019 අප්‍රියෙල් 21 වන දින උදෑසන ද SIS අධ්‍යක්ෂකවෙත ලැබුණු තොරතුරු අනුව මේ අවස්ථාවේ දී ද වහාම පොලිස්පති සහ ආරක්ෂක ලේකම්, නියෝජ්‍ය පොලිස්පති (බටහිර දිසාව) යන අයවළුන්දදැනුවත් කරන ලදී."

 'ආරක්ෂා කිරීම' සහ 'සූදානම් කිරීම'

 බ්‍රිතාන්‍ය ප්‍රති-ත්‍රස්ත උපාය මාර්ගයවන CONTEST ට අනුව ප්‍රහාරයක් පිළිබඳ බුද්ධි තොරතුරු ලැබීමෙන් පසු නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් යම් පියවර ගත යුතුව තිබේ.  ඒවා නම්, 'ආරක්ෂා කිරීම' සහ 'සූදානම් කිරීම' යි.

 ත්‍රස්ත ප්‍රහාරවලට ඇති අවදානම අවම කිරීම සදහා අවදානම ඇති ස්ථාන සහ පුද්ගලයන්ගේ ආරක්ෂාව දැඩි කිරීම 'ආරක්‍ෂාව' යනුවෙන් සැලකෙන අතර, 'සූදානම් කිරීම' යනු අවසාන ස්ථරයයි. එමගින් සෑම ත්‍රස්ත ප්‍රහාරයක්ම වළක්වා ගත නොහැකි බව උපකල්පනය කොට, ප්‍රහාරයක් එල්ල වුවහොත් ඒ සදහා ප්‍රතිචාර දැක්වීමේ ජාතියේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා සැලසුම් කිරීම අදහස් කෙරේ.

 අවශ්‍ය බුද්ධි තොරතුරු SIS විසින් බෙදාගෙන තිබුණද, නීතිය බලාත්මක කරන ආයතන 'ආරක්ෂා කිරීමට' සහ 'සූදානම් කිරීමට' අවශ්‍ය පියවර ගෙන නොතිබිණි. නියමිත වේලාවට ‘බුද්ධි තොරතුරු’ බෙදා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයට එරෙහිව තේරීම් කාරක සභාව විසින් එල්ල කරන චෝදනාව නොමඟ යවන සුළු එකක් වන අතර, අසාර්ථකත්වයට හේතුව නීතිය බලාත්මක කරන ආයතනවල අක්‍රියාකාරීත්වයයි.

 වැරදි තොරතුරු !

 තවත් චෝදනාවක් වූයේ, සිද්ධියට වසරකට පෙර, 2018 අප්‍රියෙල් 8 වන දින, සහරාන් පිළිබඳ වෙනත් අයගේ පරීක්ෂණ නතර කරන ලෙස රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ, පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස සහරාන් පිළිබඳ එකම විමර්ශකයා බවට රාජ්‍ය බුද්ධි අංශය පමණක් බවට පත්වූ බවට එල්ල වන චෝදනාවයි.

 මෙය සත්‍යයක් නොවේ, මෙම ඉල්ලීම 'අල්කයිඩා' සංවිධානයට සම්බන්ධ පුද්ගලයෙකු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ විසින් කරන ලද බවත්, සහරාන් පිළිබඳව එම ඉල්ලීමට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් මෙම ලේඛකයා වෙත වාර්තා වෙයි.

 2019 අප්‍රියෙල් 16 වන දින කාත්තන්කුඩි හි පිපිරීමෙන් පසු ලැබුණු ‘බුද්ධි තොරතුරු’ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය ක්‍රියා කිරීමට අපොහොසත් වූ බව තේරීම් කාරක සභාව සඳහන් කරයි.  තේරීම් කාරක සභාව නිගමනය කරන්නේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක එම නොකර හැරීමේ ‘විශාලතම වගකීම’ දරන බවයි.

කෙසේ වෙතත්, තේරීම් කාරක සභාවේ වාර්තාවේම මෙසේ සඳහන් වේ. 

පෙරහුරුව :

 “2019 අප්‍රේල් 16 වන දින කාත්තන්කුඩි හි පිපිරීම පිළිබඳ බුද්ධි තොරතුරු ලැබීමෙන් පසු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක වනතාවිල්ලුවෙන් සොයාගත් පුපුරණ ද්‍රව්‍ය සමඟ එහි ඇති සම්බන්ධය වටහාගෙන, එය සහරාන්ගේ'පෙරහුරුවක්' බව වටහා ගනී.  

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා එම පිපිරුමේ පින්තූර වට්ස්ඇප් හරහා ආරක්ෂක ලේකම් වෙත යවා ඇති අතර, පසුව ඔහු දැනුවත් කිරීම සඳහා ඇමතුමක් ලබා දුන්නේය. 2019 අප්‍රියෙල් 18 වන දින රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක පොලිස්පතිවරයාට සහ රහස් පොලිසියට විශේෂ වාර්තාවක් යවමින් කියා සිටියේ, පිපිරීම සහරාන් සමඟ සම්බන්ධ බවත්, එය ‘පෙරහුරුවක්' බවත්ය.  

2019 අප්‍රියෙල් 19 වන දින රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ පොලිස්පතිවරයා අමතා “සර්, මේකා ප්‍රශ්නයක්”යැයි පවසයි.  පොලිස්පති පසුව පවසා තිබුණේ මේ කාරණය රහස් පොලිසියට ලබා දිය යුතු බවයි.  එදිනම, රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, රවී සෙනෙවිරත්න අමතා, “ඔබට අවශ්‍ය පිරිස් සිටින බැවින්... මේ ගැන ඔබට පැවසීමට පොලිස්පති මට දැන්වූ බව" කියා ඇත.

2019 අප්‍රේල් 19 වන දින රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ හමුදා බුද්ධි අධ්‍යක්ෂ වෙත දැනුම් දුන්නේ “මෙවැනි සිදුවීමක් තිබේ.  ඔබ වේගයෙන් ක්‍රියා කළ යුතුයි.  ඔබේ පිරිස්වලට මේ ගැන කියන්න ”.  එදිනම, රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා ත්‍රස්ත විමර්ශන ට අධ්‍යක්ෂකවරයා අමතා, "ඔබ මෙය බැරෑරුම් ලෙස සැලකිය යුතුයි, මන්ද මෙය අනිවාර්යයෙන්ම පිපිරීමක්.  මෙය සහරාන්ගේ ක්‍රියාකාරකමක්.  අපට එය සැහැල්ලුවට ගත නොහැක." යනුවෙන් පවසා ඇත."

 මෙම සියලු තොරතුරු තිබියදීත්, නීතිය බලාත්මක කරන ආයතන මෙම අවස්ථාවෙහිදී ද ක්‍රියා කිරීමට අසමත් විය.  ලේඛකයාගේ මතය වන්නේ එක්කෝ තේරීම් කාරක සභාවේ සාමාජිකයින්ට ‘පෙරහුරුව' යන වචනයේ තේරුම නොතේරෙන බව හෝ එම සිද්ධියට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ විසින් ලබා දී ඇති වැදගත්කම නොසලකා හැර ඇති බවයි.

 නඩු පවරන නීතිඥයෙකුගේ ලිඛිත දේශනයක්

ලිපියේ දීර්ඝ බව තවදුරටත් කරුණු සාකච්ඡා කිරීමේ හැකියාව සීමා කරයි.  කෙසේ වෙතත්, ඉහත සාකච්ඡා කළ කරුණු වලින් පවා, තේරීම් කාරක සභාවේ වාර්තාව නිසි පරිදි හා සාධාරණ ලෙස test 53තමන් සතු සාක්ෂි තක්සේරු නොකර, රාජ්‍ය බුද්ධි අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව නිෂේධාත්මක නිගමනවලට එළඹ ඇති බව නිගමනය කළ හැකිය.

 මෙය බරපතල දෝෂයක් වන අතර එය රාජ්‍ය බුද්ධි සේවාව කෙරෙහි නිෂේධාත්මක හැඟීමක් ජනනය කරනවා පමණක් නොව, එයින් ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු සැපයූ එකම ආයතනය වූ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රජාව අධෛර්යමත් විය හැකිය.

 එසේම, තේරීම් කාරක සභා වාර්තාව, නීතිය බලාත්මක කරන ආයතනවල අසාර්ථකත්වයන් කෙරෙහි අවධානය යොමු කිරීමේදී, රාජ්‍ය බුද්ධි අංශය සහ එහි අධ්‍යක්ෂවරයා විවේචනය කිරීමේදී පෙන්නුම් කරන උද්යෝගය පෙන්න්නුම් නොකරයි.

 එබැවින්, පුරවැසියෙකු ලෙස, මෙම ලේඛකයාට නිගමනය කළ හැක්කේ, රාජ්‍ය බුද්ධි සේවාවෙහි අසාර්ථකත්වය හේතුවෙන් සිය ගණනක් මරණ හා ශ්‍රී ලංකාවට හා ශ්‍රී ලංකාකිකයන්ට විශාල විනාශයක් සිදු වී නොමැති බවත්, එය නීතිය බලාත්මක කිරීමේ බලධාරීන්ගේ අසාර්ථකත්වය මත සිදු වූවක් බවත් ය.  

 එසේම, මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව, අපක්ෂපාතී විනිසුරුවරයෙකුගේ ලිඛිත නඩු තීන්දුවකට වඩා, නඩු පවරන නීතිඥයෙකු තම සේවාදායකයා වෙනුවෙන් සැකසූ ලිඛිත දේශනයකට වැඩි දෙයක් නොවන බව සදහන් කළ යුතුය.

 (දිනේෂ් දොඩන්ගොඩ)

(2019-10-27 ඉරිදා 'සන්ඩේ ටයිම්ස්' හි පළවූ Walking on an unknown terrain: The State Intelligence Service and the PSC report  ලිපියේ සිංහල පරිවර්තනය)

dinesh d 100px[වෘත්තියෙන් නීතිඥයෙකු වන මෙම ලේඛකයා , එක්සත් රාජධානියේ රාජකීය හමුදා විද්‍යා විද්‍යාලයෙන් ‘ගෝලීය ආරක්ෂාව’ පිළිබඳ විද්‍යාපති උපාධිධරයෙකු වන අතර, ‘ජාතික ආරක්ෂාව’ පිළිබඳ ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභියෙකි.]

subscribeYT

කාටුන්

නවතම පුවත්