ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැවසුවේ අපිට අවශ්‍යව ඇත්තේ අපගේ පරිපූර්ණත්වය හුවා දක්වන වැඩපිළිවෙලක් නොව අපගේ අඩු පාඩු පෙන්වා දෙන දාර්ශනික සංවාදයක් බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ 1977 වන විට රටෙහි පැවති 25%ක් පමණ වූ විරැකියා ප්‍රශ්නය ජේ. ආර්. ජයවර්ධන මුහුණ පෑ ප්‍රධාන අභියෝගයක් බවයි.
ඉක්මනින් අවසන් කිරීමට සැලසුම් කර නොතිබූ මහවැලි ව්‍යාපෘතිය ''කඩිනම් මහවැලි ව්‍යාපෘතිය'' ලෙස නම් කර ක්‍රියාත්මක කිරීමට සිදු වූයේ ද එම අභියෝගයට මුහුණ දිම සඳහා යැයි විපුල වැඩි දුරටත් පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)



