The Leader News
BREAKING
Top Ad
Opinion

''කොරෝනා උවදුරෙන් බැට කන බොහෝමයක් රටවල් මනුෂ්‍ය ජීවිතවලට වඩා හිතුවේ ආර්ථිකය ගැන'' - බන්දුල චන්ද්‍රසේකර

T

The Leader Desk

March 26, 2020 • 7:52 AM

 ''කොරෝනා උවදුරෙන් බැට කන බොහෝමයක් රටවල් මනුෂ්‍ය ජීවිතවලට වඩා හිතුවේ ආර්ථිකය ගැන'' - බන්දුල චන්ද්‍රසේකර 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොරෝනා වසංගතය ගැන දැන් මුළු ලෝකයම දන්නවා. මුලින් චීනය දැන් ඉතාලිය, දරුණු ව්‍යාසනයකට මුහුණ දෙමින් ඉන්නවා. මුළු යුරෝපයම හැරුණු කොට ඇමෙරිකාවෙත් වසංන්ගත තත්වය නරක අතට යනවා. ලංකාවෙත් අවදානම් කලාපයක් ලෙස බස්නාහිර පළාත නම් කරලා.... මේ සියල්ල මැද මනුෂ්‍ය ජීවිතය හා සමාජය ගැන අමුතු දේවල් හිතෙනවා...
  • කෙනෙක් කියයි මේක දුර දිග බැලීමක් කියලා...ඒත් ඇත්ත මනුෂ්‍ය ජීවිතවලට වඩා ධනය, බලය ගැන හිතන්න වුණා කියලයි හිතෙන්නේ...ඒකයි අදත් ලොක්ඩවුන් ද විටින් විට පණවන ඇදිරි නිතීය ද කියලා සැකයක් තියෙන්නේ..
  • ඒ රටක් - රාජ්‍යයක් ලෙස සමස්ත සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවට ඇති හැකියාව මත රදා පවතිනවා යන කාරණය...සරලව කිව්වොත් රටේ පොදු සෞඛ්‍ය පහසුකම්වල දියුණුව මත කියන එක...
  • ඒ කියන්නේ රජයට ඇති හැකියාව, දරා ගැනීමේ ශක්තිය මත...මේ නිසා සෞඛ්‍ය සේවයේ රජයේ මැදිහත් වීම සමාජීය වශයෙන් අඩු ලංසුවෙන් මනින්න බැරි බව..
අකුරු ප්‍රමාණය (Font Size):


''කොරෝනා මුලිකවම මනුෂ්‍ය ජීවිතයට එල්ලකල තර්ජනයක්...ඒත් මේ උවදුරෙන් බැට කන බොහෝමයක් රටවල්..ඒ කියන්නේ ආණ්ඩු කියමු... මනුෂ්‍ය ජීවිතවලට වඩා හිතුවේ ආර්ථිකය ගැන.. ඒ කියන්නේ ආර්ථිකය කඩාවැටෙන්නේ නැතුව කොහොමද මේ උවදුරෙන් බේරෙන්නේ කියලා... ''

WhatsApp Image 2020 03 26 at 1.07.08 PM

තවත් ආණ්ඩු තම පාලන බලය... වසංගතය දොරට තට්ටු කරනකොටත් කොහොමද මැතිවරණ තියලා තවත් බලය ශක්තිමත් කරගන්නේ කියලා... කෙනෙක් කියයි මේක දුර දිග බැලීමක් කියලා...ඒත් ඇත්ත මනුෂ්‍ය ජීවිතවලට වඩා ධනය, බලය ගැන හිතන්න වුණා කියලයි හිතෙන්නේ...ඒකයි අදත් ලොක්ඩවුන් ද විටින් විට පණවන ඇදිරි නිතීය ද කියලා සැකයක් තියෙන්නේ..

ආර්ථිකයයි, බලයයි ගැන නොසිතා වහා මනුෂ්‍ය ජීවිත රැකගත යුතුයි කියලා හිතුණා නම් බොහෝ රටවල තත්වය මෙතරම් දරුණු නොවෙන්න තිබුණා..ඒ කියන්නේ විශාල අර්බුදයක දී වුවත් මනුෂ්‍යත්වය දෙවැනි තැනට වැටෙනවා කියලා හිතන්න තියෙන්නේ....

''වෛරසය වගේම පැතිරිලා යන බොහෝ මිත්‍යාවන් තිබෙනවා..ඒ කියන්නේ මෙවන් උවදුරකදී වුවද, නිවැරදිව සංනිවේදනය වෙන්න ඕනේ මොකද්ද කියලා පැහැදිලි අදහසක් නැහැ..හරියට මුහුණු ආවරණ ගැන අපේ සෞඛ්‍ය බලධාරින් අතරත් නිශ්චිත අදහසක්, නිගමනයක් නැහැ වගේ...බෙහෙත් -හේත් ගැන වුණත් එහෙමයි...''


සමාජ මාධ්‍යය වුණත් වගකීමක් නැති තොරතෝංචි-මත ගොඩක්.. කොරෝනා අත්දැකීම් කොපමණ ලෝකයට තිබුණත් එහි නව මාදිලියක් මේ තරම් ව්‍යාසනයක් මේ තරම් කෙටි කාලයකදී කරයි කියලා කව්රුත් හිතුවේ නැහැ..වයිරසයේ ආරම්භය, පැතිරීම හා එහි තීර්‍වරතාවය ගැන ඇති විවිධ කතා වලින් හැගෙන්නේ අහම්බයකින් වුණත් කොයිතරම් සමාජ අර්බුදයක්, කම්පනයක් හා අස්ථාවර බවක් නිර්මාණය කළ හැකිද යන්නයි...

ඉහත අදහසින් තව දෙයක් කියවෙනවා..එනම් ජ්‍යෝතිෂය, ඇදහිලි හා විශ්වාසයන් පමණක් නොවේ සුපිරි කියලා හිතන විද්‍යාවෙත් කොතරම් සීමා තියෙනවද කියන එක.. ඒ විතරක් ද? නැහැ..! ලෝක ආර්ථිකයම කොයිතරම් අවදානමක තියෙනවද කියලා...!! මේ අතරේ සමහරෙක් නැවත අතීතකාමය ගැන කතා කරනව..

තවත් අය තම තමන්ගේ ෆැන්ටසි වර්ණනා කරන්න පටන් අරගෙන....මේවා බොහොම ඉක්මන් තීරණ..හැබැයි ලෝකය අර්බුද ගණනාවක ඉන්නවා කියන එක නම් පැහැදිලියි...ඒ නිසා වසංගතය එක එක විදියට එක එක කලාපයටත් බලපානවා කියලා හිතන්න පුළුවන් ලෝක පරිමාණ සාධක තියෙනවා..

දේශගුණ විපර්යාස, වැරදි දේශපාලන න්‍යායපත්‍ර, මානක්කාරී බලහැසිරීම, තොරතුරු වසංකිරීම, සම්පත් බෙදීයාමේ අසමතුලිතතාවය, අසීමිත පාරිභෝගිකරණය හා වානිජකරණය, අවම සමාජ වගකීම හා උපරිම පුද්ගල නිදහසත් ඒ අතර ප්‍රධාන වෙනවා...මේ ගැන අලුත් ලෝක සංවාදයක් නැවත ඇති වෙයි කියලා හිතෙනවා..ඒ අර්බුදයට අවංක වුණොත් ..! සංහතිය ඉතුරු වුණොත්...!!


වසංගතය පාලනය කිරීම ගැන පොදුවේ ලෝකයම එක නිගමනයකට එළඹෙමින් පවතිනවා. ඒ රටක් - රාජ්‍යයක් ලෙස සමස්ත සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවට ඇති හැකියාව මත රදා පවතිනවා යන කාරණය...සරලව කිව්වොත් රටේ පොදු සෞඛ්‍ය පහසුකම්වල දියුණුව මත කියන එක... ඒ කියන්නේ රජයට ඇති හැකියාව, දරා ගැනීමේ ශක්තිය මත...මේ නිසා සෞඛ්‍ය සේවයේ රජයේ මැදිහත් වීම සමාජීය වශයෙන් අඩු ලංසුවෙන් මනින්න බැරි බව..

මේ වගේමයි වසංගතය නිසා ඇතිවන වෙනත් ගැටළු සදහාත් රාජ්‍ය යාන්ත්‍රණයකට තරම් වෙන කිසිම යාන්ත්‍රණයක් මේ වෙලාවේ ක්‍රියාත්මක නොවන වග...ඒ කියන්නේ රටක් රාජ්‍යයක රජය වැදගත් කාර්යය භාරයක් ඉටුකරනවා යන්න.. 

නමුත් ඒ ගැන විශ්වාස තබා කටයුතු කිරීම අවශ්‍යයි..එහි පැවැත්ම රදා ඇත්තේ එහි වගවීම, විනිවිදභාවය මත..ඒ නිසා පක්ෂ-විපක්ෂ දේශපාලනය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අත්‍යවශ්‍යම කරුණක් කියන එක වැදගත් නිගමනයක්..

WhatsApp Image 2020 03 26 at 1.07.09 PM
අනික ''වසංගතයේ පැතිරීම සීමා කිරීමට සමාජ දුරස්ථභාවය තීරණාත්මක උත්තරයක් කියලා දැන් ප්‍රත්‍යක්ෂ වෙනවා...ඒකටත් සමාජ විනය උපරියෙන් තිබිය යුතුයි...විනය පහළින් ගොඩ නැගෙන දෙයක් කියලා හිතන්න අමාරුයි. ඉහළ නායකත්වයෙන්ම ඒ විනය සෑම අංශයක් පුරාවටම ගොඩනැගුවොත් එය පහළට ගලා යාවී..''

පුද්ගල සාධක මත නොවී ක්‍රමවේද මත ඒ විනය අත්‍යන්තයෙන්ම ගොඩනැගීමේ වැදගත්කම මෙවන් දැවැන්ත අර්බුදයක දී තමයි දැනෙන්නේ....

කොරෝනා මනුෂ්‍යසංහතියට දුන් දඩුවමක් ද...? ඒ මිනිසා විසින් මිහිතලයට කළ හානියට දුන් දඩුවමක් විදියට..සාපයක් විදියට. වසංගතය නිසා මුළු මිහිතලයම දැන් මනා විවේකයක් ගනිමින් සමතුලිතතාවයට පත්වන බව.. බැලු බැල්මට එය අදෘශ්‍යමාන දේව වාක්කියක් සේ තහවුරු කරන්න යෑම විද්‍යාවට වඩා මිත්‍යාවට සමීප වීමක්.. 

එහෙත්, ඇත්ත, අපි ජීවත්වන ලෝකය මනුෂ්‍යවාසයට නුසුදුසු එකක් බවට දිනෙන් දින පත්වෙන බවට ඇති විද්‍යාත්මක තොරතුරුවලට අනුව මෙය “සාපයක්” සේ සැලකීමෙන් අපි අපේම අධ්‍යාත්මික වෙනසකට, පරිශෝධණයකට පත්වීම නම් සාධනීයයි....ඔව් පුළුල් වෙනසකට..වංකත්වයෙන්, දුෂණයෙන් හා බලපුළුවන්කාරකමෙන් තොර පුද්ගල හා සමාජීය වෙනසකට මෙම “සාපය” සංවාදයක් කර ගන්න ඇත්නම්....

මේ ලිවීම බොහොම සරල සිතුවිල්ලක්..කෙනෙක් මෙම ව්‍යාසනය හමුවේ, සිතුවිලිවලින් තොර විඤාඥයක් වෙත වුවත් ළගාවීම සුදුසු විමුක්ති මාර්ගයක් යැයි සිතනු ඇති...නමුත් මෙහි අභ්‍යන්තරය සරල නොවන සංකීර්ණ ක්‍රියාවලියක ආරම්භයක් සේ දැකිය හැකිනම් එයත් වැදගත් ආරම්භයක්...

අවසානය... කොවෙඩ් -19 වැනි කොරොනා වැනි කොරොනා වසංගතද වෙනත් වසංගතද මේ ලෝකය මීට පෙරත් ව්‍යාසනයන් වෙත කැදවා ගෙනගොස් ඇත. විවිධ ශිෂ්ඨාචාර, මානව සමාජ අර්බුදයන්ට ගොදුරු කොට ගෙන ඇත... මෙහි අනාගත ප්‍රතිඵලය කුමක් විය හැකිදැයි තවම කිව නොහැක...

නමුත් අතීතයෙන් පාඩම් ඉගෙනගෙන, මිනිසා මිනිසාගේ කෑදරකම අඩුකරගත් බවට නම් ඉතිහාසය සාක්ෂි නො කියනු ඇත.....


(බන්දුල චන්ද්‍රෙස්කර)
2020-03-25

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

''කොරෝනා උවදුරෙන් බැට කන බොහෝමයක් රටවල් මනුෂ්‍ය ජීවිතවලට වඩා හිතුවේ ආර්ථිකය ගැන'' - බන්දුල චන්ද්‍රසේකර | The Leader