සමාජ ක්‍රමය හා ආර්ථිකය තිබුනේ කඩා බිද වැටෙන්නට යමින් තිබෙන අර්බුදයක ය. වසංගතය තිබුන එම අර්බුදය මත කඩා වැටීම නිසා අර්බුදයේ පරිමාව හා සංකීර්ණතාව අති විශාල වී යැයි කිව හැකිය.
මෙම අර්බුදය විසින් ලංකාව වැදගත් කොට සලකනු ලබන සියලු දේවල් ද ඒවා අතරින් ප්‍රධාන කොට ආණ්ඩු ක්‍රමය, රාජ්‍යය, රාජ්‍ය නායකයා, ආණ්ඩු පක්ෂය හා විරුද්ද පක්ෂය ද, රාජ්‍යයේ ආයතන ක්‍රමද, ඒවා අතරින් ද ප්‍රදාන කොට ස්ව සේවය, මැතිවරන කොමිෂම, අධිකරණය හා පොදුවේ නිලධාරී තන්ත්‍රය ද, ජනමාධ්‍ය, බුද්ධිමතුන් හා ආගමීක නායකයින්ද තියුනු උරගා බැලීමකට ලක්කිරීමකට නියමිතය.
එම උරගා බැලීමෙන් සමත් වන පුද්ගලයින් හා ආයතන ක්‍රම මහජන පිලිගැනීමට හේතු වනු ඇති අතර එසේ නොවන සියල්ල ඉතිහාසයේ කුනු කූඩයට එකතු වීමට නියමිතය.
වසංගතය කරන්නේ ද උරගා බැලීමකි:
සාර්ථක එන්නතක් සොයා ගන්නා තෙක් එයට ලගා විය හැකි හැම පුද්ගලයෙක්ම එම පුද්ගලයාගේ තරාතිරම, වරගය, කුලය, ආගම නොසලකා උරගා බැලීමකට ලක්කරයි.
බරපතල අඩු පාඩුකම් ඇති ඔරොත්තු දීමේ ශක්තියක් නැති සියලු දෙනා පීඩාවට පත් කොට සමහර අයගේ පැවැත්මද අහිමි කරයි.
වසංගතය සමග එකට ගැට ගැසුනු ලංකාවේ අර්බුදය ද ඉහත සදහන් පුද්ගලයින් හා ආයතන ක්‍රම ඒ සමාන ආකාරයකින්ම තියුනු උරගා බැලීමකට ලක්කෙරෙනු ඇත.
ජනපති ප්‍රතිරූපය:
ප්‍රචාරක සමාගම් ජනාධිපතිගේ ප්‍රතිරූපය ගොඩනගා තිබෙන්නේ සැබෑ රනින්ද ව්‍යාජ රනින්ද යන්න උරගා බැලෙන මොහොතක්...
නිලතල දරන පුද්ගලයින් අතුරෙන් වැඩිම උරගා බැලීමකට ලක්වනු ඇත්තේ ලංකාවේ වාර්තමාන දේශපාලනයේ චන්ද්‍රයා බවට පත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාය.
ප්‍රචාරක සමාගම් ජනාධිපතිගේ ප්‍රති රූපය ගොඩනගා තිබෙන්නේ සැබෑ රනින්ද ව්‍යාජ රනින්ද යන්න අවසාන වශයෙන් උරගා බලා තීරනය කරනු ඇත්තේ මේ අර්බුදය විසිනි.
දේශපාලන අර්ථයෙන් සලකා බලනවිට ජනාධිපතිවරයා එක විට ලොකු වාසනාවන්තයෙකු සේම ලොකු අවාසනාවන්තයෙකු ලෙස සැලකිය හැකිය.
''දේශපාලන අර්ථයෙන් සලකා බලනවිට ජනාධිපතිවරයා එක විට ලොකු වාසනාවන්තයෙකු සේම ලොකු අවාසනාවන්තයෙකු ලෙස සැලකිය හැකිය.''
ලිස්සන ගසේ මුදුනතට නැග ගත්තේ දීර්ග කාලීන ආයසයකින් තොරවය. පිලිගත් සාමාන්‍ය විස්වාසයන්ට පටහැනිව සුලු ජන සහායක් නැතිව තනි සිංහල -බෞද්ධ ඡන්ද මත පදනම් වී ජනාධිපතිවරණය ජය ගැනීමට සමත් වූ පලවැනියා ලෙසද සැලකිය හැකිය.
අවාසනාවන්තභාවය කෙරෙහිද සාදක දෙකක් බලපා තිබෙන බව පෙනේ. ලංකාව ම තනි ඡන්ද කොට්ටාසයක් ලෙස සලකා පවත්වන ලද ජනාධිපතිවරණයකින් ජයගැනීමට සමත් වුවත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නනිසා හිමි වූයේ විධායක බලය නැති නාම මාත්‍රික ජනාධිපති ධුරයකි.
ජනාධිපතිවරණය ජයගෙන පාර්ලිමේන්තු මැතිවරනයකට පෙරවසංගතයක් කඩා වැටීම මුහුන දෙන්නට සිදුවූ ඊලග අවාසනාව ලෙස සැලකිය හැකිය.
දෙවැනි ට සදහන් කල අවාසනාවන්ත කාරනය ජනාධිපතිවරයාගේ පාලනයෙන් පරිබාහිර දෙයක් ලෙස සැලකිය හැකි වුවත් පලමු වැන්න එසේ සැලකිය නොහැකිය. එය ජනාධිපතිවරයාගේ දූර දර්ශිබාවයේ සීමාසහිත කම් පෙන්වන අවස්තාවක් ලෙස සැලකිය හැකිය.
දෘෂ්ටිමය සීමා සහිත කම් !
19 වැනි සංශෝධනය නීති ගත කෙරුනු ආකාරය විවාදයට හේතු විය හැකි වුවත් එය ආණ්ඩු පක්ෂයේ පමනක් නොව ජනාධිපති නියෝජනය කරන පක්ෂයේද පුර්ණ සහාය ඇතිව සම්ම්ත කරගන්නා ලද ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. ඊට විරුද්දව ඡන්දය පාව්චි කලේ එක පුද්ගලයෙකු පමනය.
එම සංශෝධනය ඇතිකල ලොකුම විපර්යාසය ලෙස සැලකිය හැක්කේ ජනාධිපතිට තිබූ විධායක බලය අහෝසි කොට ඔහු නාමමාත්‍රික ජනාධිපතිවරයෙකු ගේ තත්වයට පත් කොට රාජ්‍යයේ විධායක බලය නැවත පාර්ලිමේන්තු වෙන් තේරී පත්වන අගමැති ඇතුලු කැබිනට් මණ්ඩලය අතට පත් කිරීමය.
ඒ නිසා ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිට හිමි වූයේ ජනාධිපති ජයවර්ධන ගෙන් ආරම්බ වී, මහින්ද රාජපක්ෂගෙන් අවසන්වන ජනාධිපති වරයෙකුට හා ඊට පසු බලයට පත්වන ජනාධිපති සිරිසේනට හිමිව තිබු බලයටත් වඩා අඩු බලයක් සහිත නාම මාත්‍රික බලයකි.
රාජ්‍යය පාලනයට සම්බන්ද බලවත් තනතුරකට තරග කරන පුද්ගලයෙකු ට තමන් තරග කරන නිලයට හිමි බලතල පිළිබඳව යථා අවබෝධයක් තිබිය යුතුය. ඒ දරම තාව ගෝටාබය රාජපක්ෂටද අදාලය.ඒ ගැන යතා අවබෝදයක් තිබුනේ නම් තමන් තරග කරන්නේ විදායක බලයක් නැති නාම මාත්‍රික ජනාදි පති දූරයක් සදහා බව කල් තියා දැන ගත යුතුව තිබුනි.ඒ ගැන තමන් වෙනුවෙන් වැඩ කරන අයටද අවබෝදයක් ලබා දිය යුතුව තිබුනි.ලොකු පොරොන්දු දීමෙන් වැලකී තමන් තරග කරන දූරයට විදායක බලයක් නැති නිසා තමන්ට කල හැකි දේ ඉතාමත් සීමා සහිත බව ජනතාවට පැහැදිලි කල යුතුව තිබුනි.
එක්කෝ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට තරග කරන අවස්තාව වන විට තනතුරට හිමි බලය ගැන හරියාකාරව දැන නොසිටියේය. දැන සිටියේ නම් ඒ ගැන තමන්ට වැඩ කල ජනතාව දැනුවත් කිරීමෙන් වැලකී සිටියේය.
මහජන ඡන්දයකින් කිසියම් තනතුරකට පත්වන කවර පුද්ගල යෙකු වුවද ඔහු ජය ගන්නේ කවර තරම් ඡන්ද ප්‍රමානයකින් වුවද එම තනතුරට නීතියෙන් නියම කර තිබෙන බලයට වැඩි බලයක් හිමි වන්නේ නැත. සුලු ඡන්ද ප්‍රමානය කින් ජයගන්නා පුද්ගලයෙකුට හිමි බලය හා ලොකු ඡන්ද ප්‍රමානය කින් ජයගන්නා පුද්ගල්‍යෙකුට හිමි බලයේ ප්‍රමානය එක සමානය.
''මහජන ඡන්දයකින් කිසියම් තනතුරකට පත්වන කවර පුද්ගල යෙකු වුවද ඔහු ජය ගන්නේ කවර තරම් ඡන්ද ප්‍රමානයකින් වුවද එම තනතුරට නීතියෙන් නියම කර තිබෙන බලයට වැඩි බලයක් හිමි වන්නේ නැත. සුලු ඡන්ද ප්‍රමානය කින් ජයගන්නා පුද්ගලයෙකුට හිමි බලය හා ලොකු ඡන්ද ප්‍රමානය කින් ජයගන්නා පුද්ගල්‍යෙකුට හිමි බලයේ ප්‍රමානය එක සමානය.''
බලයේ යතාර්තය:
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හෝ ඔහු බලයට පත් කල යාන්ත්‍රනයේ නියමුවන්ට අවශ්‍ය වුයේ නාම මාත්‍රික බලයක් වෙනුවට රාජ්‍යය බලයේ සුක්කානම හැසිර වීමේ බලය නම් තරග කොට ජය ගත යුතුව තිබුනේ ජනාධිපති ධුරයට නොව අගමැති ධුරයටය.
19 යෙන් ඇතිකර තිබුන වෙනස් කම් දැනගෙන සිටිය යුතුව තිබුනි. නොදන සිටියේ නම් එය සරල වරදක් නොව බරපතල වරදකි.
කිසියම් තනතුරකට තරග කරන පුද්ගලයෙකු එම තනතුරට හිමි බලයේ තරම ගැන නිසි අවබෝදයක් නැතිව තනතුරට හිමි බලයට වැඩි බලයක් පාවිච්චිකරයි නම්, එම තැනැත්තා සැලකිය යුත්තේ තනතුරට නුසුදුසු තනතුරෙන් පහ කල යුතු පුද්ගලයෙකු ලෙසය.
''කිසියම් තනතුරකට තරග කරන පුද්ගලයෙකු එම තනතුරට හිමි බලයේ තරම ගැන නිසි අවබෝදයක් නැතිව තනතුරට හිමි බලයට වැඩි බලයක් පාවිච්චිකරයි නම්, එම තැනැත්තා සැලකිය යුත්තේ තනතුරට නුසුදුසු තනතුරෙන් පහ කල යුතු පුද්ගලයෙකු ලෙසය.''
කලු කපුටෙක් සුදු කිරීමට හැකියාව ඇති ඉතා බලවත් ප්‍රචාරක අංශයක් ජනාධිපතිවරයාට තිබුනේය
මේ වරදට ජනාධිපතිවරයාට වඩා වගකිවයුත්තේ, ජනාධිපතිවරයා බලයට පත්කල දේසපාලන යාන්ත්‍රනයේ ප්‍රචාරක අංශය බාරව ක්‍රියාකල නියමුවන් ය.
ජනාධිපතිවරයාගේ ජයග්‍රහනය වෙනුවෙන් වසර ගනනක් තිස්සේ එම ප්‍රචාරක අංශය ඉටුකල කාර්ය බාරය සුවිශාලය.
කලු කපුටෙක් සුදු කිරීමට හැකියාව ඇති ඉතා බලවත් ප්‍රචාරක අංශයක් ජනාධිපතිවරයාට තිබුනේය. තවදුරත් තිබෙන්නේ යිද කිව හැකිය.
බලවත් ප්‍රචාරක සමාගමකට සාමාන්‍ය මිනිසෙකු දෙවියකු බවට පත්කල හැකිය :
බලවත් ප්‍රචාරක සමාගමකට සාමාන්‍ය මිනිසෙකු දෙවියකු බවට පත්කල හැකිය. එවිට මහජනයා ඡන්දය දෙන්නේ සාමන්‍ය මිනිසාට නොව දෙව්යාටය. එවිට මහජනයා තමන් බලයට පුද්ගලයා දෙවියෙකු ලෙස සලකා දෙවියකු කරන ආශ්චර්යමත් දේවල් බලාපොරොතුවේ.
එසේ කිරීමට නොහැකිවූ විට 'වීරයා' මහජනයා ඉදිරියේ ලොකු අර්බුදයකට යන තත්වවයක් ඇතිවීම නොවැලැක්විය හැකිය.
මෙම තත්වයට ජනාධිපතිවරයාට වඩා ජනාධිපතිට අධි බලයක් ආරෝපනය කල ප්‍රචාරක අංශ වග කිවයුතුය.
ප්‍රචාරක ව්‍යාපාර මානසික තලයේ ඇතිකර තිබෙන මෙම වියවුල රටේ සියලු කටයුතු අවුල් කරන සාදකයක් ලෙස ක්‍රියා කරමින් තිබෙන බව පෙනේ.
''ජනාධිපතිවරයා ව්‍යවස්ථාව අනුව තාවකාලිකව පරන පාර්ලිමේන්තුව නොකැඳවන තත්වයක් තුල ව්‍යවස්ථාවෙන් ලබාදී නැති විධායක බලය අනීතික ලෙස තමන් වෙත හිමි කරගෙන තිබෙන බව පෙනේ.''
ව්‍යවස්ථාව අනුව ජනාධිපතිකල යුත්තේ නාමමාත්‍රික කාර්ය බාරයක් පමනය. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන තත්වය තුල ජනාධිපතිවරයා තමන් වෙත හිමිකරගෙන සිටින තත්වයක් ඇතිකිරීමට හේතුවූ වී තිබේ.
ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට ඇත්තේ නාම මාත්‍රික බලයක් පමනය. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන තත්වය තුල හා පාර්ලිමේන්තු මැතිවරනය පැවැත්විය හැකි දිනයක් නොපෙන තත්වයක් තුල හා ජනාධිපතිවරයා ව්‍යවස්ථාව අනුව තාවකාලිකව පරන පාර්ලිමේන්තුව නොකැඳවන තත්වයක් තුල ව්‍යවස්ථාවෙන් ලබාදී නැති විධායක බලය අනීතික ලෙස තමන් වෙත හිමි කරගෙන තිබෙන බව පෙනේ.
එම තත්වය අර්බුදය පාලනය කිරීමට තිබෙන හැකියාව දුර්වල කොට අර්බුදය උග්‍රකිරීමට හේතුවන සාදකයක් ලෙස ක්‍රියා කරමින් තිබෙන්නේ යැයි කිව හැකිය.
මෙවැනි අර්බුදයකදී රටට අවශ්‍ය වන්නේ නීතියට පටහැනි වග උත්තර කීමට බැදීමක් නැති ඒක පුද්ගල පාලනයක් නොව නීතියට අනුකූලව ක්‍රියා කරන විනිවිදබාවය සහිත ජනතාවට වගකියන ප්‍රජාතන්ත්‍රවාදී සමූහ පාලනයකි.
ව්‍යවස්ථානුකුල නොවන පාලනයකට හෝ හමුදා පාලනයකට නූතන ලෝකයේ ඉඩක් ඇත්තේම නැතිබව කිවයුතුය.
(ප්‍රවීන දේශපාලන විචාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී )
(ජායාරුප හා පෙළ අවධානය අපෙන් – සංස්කාරක)
'ජනාධිපතිගේ ප්‍රතිරූපය ගොඩනගා තිබෙන්නේ සැබෑ රනින්ද ව්‍යාජ රනින්ද යන්න උරගා බැලෙන මොහොතක්' -වික්ටර් අයිවන්
T
The Leader Desk
April 28, 2020 • 9:37 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- දැන් ලංකාව මුහුන දී තිබෙනුයේ ලංකාවේ නූතන ඉතිහාස යේ මීට පෙර අන් කවරදාකවත් මුහුන දී නැති ඉතාමත් දැවැනත සංකීර්ණ හා තීරනාත්මක අර්බුදයකට ය. වසංගතය කඩා වැටෙන්නට පෙරත් ලංකාවේ රාජ්‍යය,
- එම උරගා බැලීමෙන් සමත් වන පුද්ගලයින් හා ආයතන ක්‍රම මහජන පිලිගැනීමට හේතු වනු ඇති අතර එසේ නොවන සියල්ල ඉතිහාසයේ කුනු කූඩයට එකතු වීමට නියමිතය.
- වසංගතය සමග එකට ගැට ගැසුනු ලංකාවේ අර්බුදය ද ඉහත සදහන් පුද්ගලයින් හා ආයතන ක්‍රම ඒ සමාන ආකාරයකින්ම තියුනු උරගා බැලීමකට ලක්කෙරෙනු ඇත.
- නිලතල දරන පුද්ගලයින් අතුරෙන් වැඩිම උරගා බැලීමකට ලක්වනු ඇත්තේ ලංකාවේ වාර්තමාන දේශපාලනයේ චන්ද්‍රයා බවට පත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


