The Leader News
BREAKING
Top Ad
Opinion

ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවය හා ජඩමාධ්‍ය වාර්තාකරණය -ලසන්ත රුහුණගේ

T

The Leader Desk

May 10, 2020 • 4:44 PM

 ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවය හා ජඩමාධ්‍ය වාර්තාකරණය -ලසන්ත රුහුණගේ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ පුද්ගලයන්ගේ 2020 වසරේ පළමු කාර්තුවට අදාළ ලේඛනය යටතේ ඇමෙරිකානු ෆෙඩරල් රෙජිස්ටරය මේ වන විට නිකුත් කර තිබේ. එහි ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ
  •   මෙහිදී සාකච්ඡාවට ගන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කළා යැයි සඳහන් ෆෙඩරල් රෙජිස්ටර් ලේඛනය පිළිබඳව ශ්‍රී  ලංකාවේ අධිපති මාධ්‍ය හෙවත් රාජපක්ෂවාදී මාධ්‍ය වාර්තා කළ ආකාරයය.
  • දෙරණ මෙන්ම අනෙකුත් රාජපක්ෂවාදී මාධ්‍යයන් අඩු වැඩි වශයෙන් මේ ආකාරයේ වාර්තාකරණයක් කරන්නට ඇති බවට සැකයක් නැත.
  • සත්‍ය හා නිවැරදිභාවය යන ජනමාධ්‍යයේ මූලික ප්‍රතිපදාව එම ජඩ මාධ්‍ය සුපුරුදු ලෙස බිඳදමා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
 
පුද්ගලයන් අතර ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය නන්දසේන රාජපක්ෂගේ නමද ඇතුළත්ය.
 
මේ ලේඛනය අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී  ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූයේ ඇමෙරිකා ශ්‍රී  ලංකා ද්විත්ව පුරවැසියෙකුද සිටියදීද යන්න, ඔහු ජනාධිපතිවරණයට නාමයෝජනා බාරදෙන විට ද්විත්ව පුරවැසියෙකු නොවන බවට බොරු ප්‍රකාශ කළාද යන්න, ඔහු තනි ශ්‍රී  ලංකා පුරවැසියෙකු ලෙස ශ්‍රී  ලංකා ගමන් බලපත්‍රයක් ලබාගැනීම, ආගමන විගමන පාලකවරයා ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමේ ඔහුගේ ලියකියවිලි බාරදුන්නාද හා ආගමන විගමන පාලකවරයා ඔහුගේ නම ද්විත්ව පුරවැසි නාමලේඛනනේ ඉවත් කළාද නැද්ද යන්න, උදය ගම්මන්පිල මහතා එවකදී ප්‍රකාශ කළ ගෝඨාභය රාජපක්ෂගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමේ 2019 වර්ෂයේ පළමු කාර්තුවට අදාල ලේඛනය මෙයද යන්න හා ඒ හා බැඳුණු අනෙකුත් කරුණු ගැන මෙහිදී සාකච්ඡා නොකෙරේ.
 
මෙහිදී සාකච්ඡාවට ගන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කළා යැයි සඳහන් ෆෙඩරල් රෙජිස්ටර් ලේඛනය පිළිබඳව ශ්‍රී  ලංකාවේ අධිපති මාධ්‍ය හෙවත් රාජපක්ෂවාදී මාධ්‍ය වාර්තා කළ ආකාරයය.
 
 දැන දැනම වැරදි කරුණු සමාජගත කිරීමේ ජඩ මාධ්‍යයේ ජඩ වාර්තාකරණයක් !
 
 

Screen Shot 2020 05 10 at 10.00.38 PM                                                  ''ගාමිණි සහ තේනුවර ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අභියෝගයට ලක් කළේ නැත''

දෙරණ රූපවාහිනිය එම පුවත වාර්තාකරන ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඇමෙරිකානු පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ හා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර නඩුවක්ද ගොනුකළ බව ප්‍රකාශ කරමින්ය. දෙරණ මෙන්ම අනෙකුත් රාජපක්ෂවාදී මාධ්‍යයන් අඩු වැඩි වශයෙන් මේ ආකාරයේ වාර්තාකරණයක් කරන්නට ඇති බවට සැකයක් නැත. ඊට රාජ්‍ය මාධ්‍යද අයත්ය.
 
ඇත්ත වශයෙන්ම සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩත්, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අභියෝගයට ලක් කළේ නැත. 
 
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරනු ලැබූ බව දැනුම් දී ඇති බව මේ පුවතට ගාමිණී වියන්ගොඩගේ චන්ද්‍රගුප්ත තේනුවරගේ අභියෝගය කිසිසේත්ම අදාළ වන්නේ නැත. එය දැන දැනම වැරදි කරුණු සමාජගත කිරීමේ රාජපක්ෂවාදී ජඩ මාධ්‍යයේ ජඩ වාර්තාකරණයක්ය. සත්‍ය හා නිවැරදිභාවය යන ජනමාධ්‍යයේ මූලික ප්‍රතිපදාව එම ජඩ මාධ්‍ය සුපුරුදු ලෙස බිඳදමා ඇත.
 
 ගාමිණී හා චන්ද්‍රගුප්ත අභියාචනාධිකරණයට ගියේ කුමක් සඳහාද?
 
 ගාමිණී වියන්ගොඩ හා චන්ද්‍රගුප්ත තේනුවර අභියාචනාධිකරණයට ගියේ කුමක් සඳහාද? ඔවුන් අභියෝග කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය පිළිබඳවය. ඔවුන්ගේ එම පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක්ද ඉදිරිපත් කරනු ලැබීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු එය ඉවත් කරනු ලැබීය.
 
 Gotabay 2020.06.10
 අභියාචනය අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ කරුණු ? 
 
 
ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අභියෝගයට ලක් කිරීමේ එම අභියාචනය අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ කරුණු මොනවාද? සැකවින් එය මෙසේය.
 
#  2005 වර්ෂයේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු දිවුරුම්දුන් සිකුරාදා දිනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී  ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා අයදුම්පතක් ඉදිරිපත් කිරීම (ඒ වනවිට ඔහු ඇමෙරිකානු පුරවැසියෙකු පමණය.) 
 
#  එම අයදුම්පතට ඊළඟට එළැඹෙන රජයේ වැඩකරන දිනය වන සඳුදා දිනයේදීම ආශ්චර්යවත් ලෙස අධිම අධි වේගයෙන් අනුමැතිය ලැබීම, 
 
#  අනුමැතිය ලබාදුන් ලේඛනයට ආගමන විගමන දෙපාර්තමේන්තුව අයත් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවට යනුවෙන් වෙනත් අයෙකු අත්සන් තබා තිබීම, 
 
#  එම දිනය වන විටත් අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් පත්කර නොතිබීම හා අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කර නොතිබීම, 
 
#  ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා කරන ලද ගෙවීම් 2014 වර්ෂයේදී කර තිබීම, 
 
#  එම මුදල් ගෙවීම 2005 වර්ෂයේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට මුදල් ගෙවූ ලේඛනයේ පූර්ණ අංකයක අනු අංකයක් ලෙස ඇතුළත් කර තිබීම (එම ලේඛනයේ ඇත්තේ පූර්ණ අංක පමණය. එකම අනු අංකය ගෝඨාභය රාජපක්ෂගේ අංකය පමණය. 
 
#  සරලව පැහැදිළි කළහොත් 745 යන නිවාස අංකයක අනු අංකය ලෙස 745/1 ලෙස සඳහන්වීම.) ආදි කරුණුය.
 
 
ඒ නිසා ගාමිණී වියන්ගොඩ හා චන්ද්‍රගුප්ත තේනුවර අභියෝග කළේ ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී  ලංකා පුරවැසිභාවය ලබාගැනීම සම්මත ක්‍රමවේදය අනුගමනය කරමින් සිදුකර ඇති එකක් නොවන නිසා ඔහුගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය නීත්‍යනුකූල එකක් නොවන බවට ප්‍රකාශයට පත්කරන ලෙසය. 
 
නොඑසේව ගෝඨාභය රාජපක්ෂගේ ඇමෙරිකානු පුරවැසිභාවය ප්‍රශ්න කිරීම හෝ අභියෝගයට ලක් කිරීම නොවේ.
 
මේ සත්‍යය මේ රටේ යටත්වැසියන් නොවන පුරවැසියන්ගේ දැනගැනීම සඳහා පමණය. මන්ද යටත්වැසියන්ට මේ කිසිවක් ගෝචර නොවන නිසාය.
 
( ලසන්ත රුහුණගේ )
 
[මෙම විශේෂ සටහන 2020 මැයි 20 දා  'අනිද්දා' ඊ පුවත්පතේ පලවූවකි.  anidda.lk)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවය හා ජඩමාධ්‍ය වාර්තාකරණය -ලසන්ත රුහුණගේ | The Leader