The Leader News
BREAKING
Top Ad
Opinion

පණිවිඩය යනු කිංස්ලි ම ය... - මහේෂ් හපුගොඩ

T

The Leader Desk

April 30, 2021 • 12:57 PM

පණිවිඩය යනු කිංස්ලි ම ය... - මහේෂ් හපුගොඩ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මම හිතන්නේ නැහැ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක හැටියට අලුත් පත්වීමක් ලබපු සිරසේ කිංස්ලි රත්නායක අළුතෙන් පණිවිඩයක් දුන්න කියල අපිට.
  • ඉන්නේ කිංස්ලි.    බලපල්ලා..මේ පොළොවේ 'සිරස' කියල එකක් බිහිවුණා.
  • ඒ නිමල් ලක්ෂපතිආරච්චිගේ පණිවිඩය.    ඔව්..බලපල්ලා...ඒ සිරස ඇතුලේ කිංස්ලි කියල කෙනෙක් බිහිවුණා.
  • ඉදිරියටත් දෙනු ඇත්තේ එපමණයි.    කටහඬ කියන්නේ වසඟයක් වගේ දෙයක්.    ගැහැණු කටහඬ විතරක් නෙවෙයි පුරුෂ කටහඬ වුණත් වසඟකාරීයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
 මෙතන අලුතෙන් පණිවිඩයක් කියල දෙයක්වත් පරණ පණිවිඩය කියල දෙයක්වත් නැහැ. 
 
පණිවිඩයක් තියෙන්න නම් අන්තර්ගතයක් (content) තියන්න ඕනිනේ.
 
 කිංස්ලි ලා අතින් පරණ පණිවිඩයක් කියල දෙයක්වත් අලුත් පණිවිඩයක් කියල දෙයක්වත් සන්නිවේදනය වෙලා නැහැ.
 
 හැබැයි බලන් ඉන්න අපි හිතනවා ආ.. දැන් පරණ කිංස්ලි වෙනුවට අලුත් කිංස්ලි කෙනෙක් ඇවිල්ල කියල. 
 
එහෙම නැත්නම් පරණ එක්කෙනා වෙනස් වෙලා කියල...
 
එදත් පණිවිඩයක් කියල දෙයක් තිබ්බේ නැහැ. හිටියේ කිංස්ලි. 
 
දැනුත් පණිවිඩයක් කියල දෙයක් නැහැ. ඉන්නේ කිංස්ලි. 
 
බලපල්ලා..මේ පොළොවේ 'සිරස' කියල එකක් බිහිවුණා. ඒ නිමල් ලක්ෂපතිආරච්චිගේ පණිවිඩය. 
 
ඔව්..බලපල්ලා...ඒ සිරස ඇතුලේ කිංස්ලි කියල කෙනෙක් බිහිවුණා. ඒ කිංස්ලි ගේ පණිවිඩය. 
 
අනික් අයගේ පණිවිඩත් මෙයින් ගොඩක් වෙනස් වුණේ නැහැ. 
 
මොකක් හරි අන්තර්ගතයේ වෙනසක් වෙලා තියනවා නම් කියන්න පුළුවන් අන්න පණිවිඩයේ වෙනසක් තියනවා කියල. 
 
නමුත් එයා එදත් අදත් පණිවිඩයක් දුන්නේ නැහැ.
 
 කියපු දෙයක මහලොකු අන්තර්ගතයක් තිබ්බේ නැහැ. 
 
දුන්නේ කටහඬ විතරයි. ඉදිරියටත් දෙනු ඇත්තේ එපමණයි. 
 
කටහඬ කියන්නේ වසඟයක් වගේ දෙයක්. 
 
ගැහැණු කටහඬ විතරක් නෙවෙයි පුරුෂ කටහඬ වුණත් වසඟකාරීයි.
 
 මේ 'හඬ' නම් වසඟයෙන් ගැළවෙන්න ඕනිනම් අපි සදාකාලික බිහිරන් වෙන්න ඕනි. 
 
කන් බිහිරි උනාට පස්සේ එනවා සදාකාලික නිශ්ශබ්ද බවක්. 
 
මේ ඉහත අන්තර්ගතය නිෂ්ක්‍රීය කිරීම (neutralizing content) ඇතුලේ බ්‍රෝදීලා හඳුනා ගන්නවා මෙහෙම දෙයක්. 
 
'ඔව්..අන්තර්ගතයක් නැතුවත් මාධ්‍යයකට පවතින්න පුළුවන්. 
 
අන්තර්ගතයක් නැතිවීම කියන්නේ ම පවතින්න පුළුවන් එක සාර්ථක ආකෘතියක්. 
 
ඒ කියන්නේ යමක් පවතින ආකෘතිය කියන්නෙම අන්තර්ගතයක් නැතිවීම. 
 
හිස්කම. ඒක ප්‍රයෝජ්‍ය වටිනාකමක් තියන ආකෘතියක් (form of use-value). 
 
ඕනෑම කෙනෙකුට ඒ හිස්කම ප්‍රයෝජනයට ගන්න පුළුවන්'. 
 
හිස්කම දරාගන්න බැරුව ඇතුලෙන් ම පුපුරලා යනකල් එවන් මාධ්‍ය තරු ක්ෂිරපථ මන්දාකිණිය දිගේ ඇදිලා යයි... 
 
 
''Medium is the message''
Image @Sound of Metal
 179029960 10222860326711227 6587030025136319477 n 
 
Mahesh Hapugoda(මහේෂ් හපුගොඩ)
දේශපාලන හා සමාජ විශේලේෂක 
 
(මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 


 

THE LEADER TV 
 

 

ගැබිණි අම්මලාට වැඩි අවදානමක්! විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්! 

 

 

කොවිඩ් නිසා දැන් සිද්දවෙන්නේ මිනී මැරුම්?
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...