The Leader News
BREAKING
Top Ad
Opinion

මැයි දිනයේ අපි හැමෝම දන්න, හංගන කතාව - දීප්ති කුමාර ගුණරත්න

T

The Leader Desk

May 1, 2021 • 7:36 AM

මැයි දිනයේ අපි හැමෝම දන්න, හංගන කතාව - දීප්ති කුමාර ගුණරත්න 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ ප්‍රථම වතාවට අපි මැයි දිනය සමරන්නේ අලුත් සන්දර්භයක සිට ය.
  • දේශපාලනය යළි කරන්න අවශ්‍ය නම් අපි මිනිසුන් හැටියට යළි කතා කරන ‘සමාජ බන්ධනයට’ ඇතුළු වෙන්න වෙනවා.
  •     අද අපි ‘මැයි දිනය’ සමරන්නේ, එහි මියගිය බව වටහාගෙන ය.
  • අපට අලුත් විඥාණයක් සහිත වුවත් එයට තවම සමාජ දේහයක් නැත.
අකුරු ප්‍රමාණය (Font Size):
චිකාගෝ කතාව හැමෝම දන්නවා. නමුත් අපි හැමෝම දන්න, හංගන කතාවක් තියෙනවා. 
 
අද ලෝකය පුරා පැතිර ගොස් තිබෙන්නේ පරිභෝජන සමාජයකි. අද දවසේ වැඩ කරන ජනතාව, නිර්ධනයන්, පීඩිතයන් යන මේ මොන නාම විශේෂණය පාවිච්චි කළත් මේ සියලු දෙනා අද භක්තිමත් පාරිභෝජකයන් ය. 
 
මේ පරිභෝජනය කෙතරම් අන්තවාදී ද කිවහොත් ‘ශ්‍රමය’ යන අදහස දැන් වියැකෙමින් තිබෙනවා.
 
 
මෙවැනි පරිභෝජන සමාජයක දී සුවිශේෂ සුසමාදර්ශී විතැන්වීමක් – Paradigm shift- A paradigm shift is a major change in the concepts and practices of how something works or is accomplished – වෙලා තිබෙනවා. අද මේ පරිභෝජන සමාජයේ ජීවත්වන මිනිස්සු ‘ධනවාදය’ සලකන්නේ විමුක්තිකාමී ආදර්ශයක් හැටියට මිසක් විනාශකාරී සමාජ-ක්‍රමයක් හැටියට නොවේ. අද ලංකාවේ පවතින දේශපාලන සංවිධාන කීයක් මේ විතැන්වීම වටහාගෙන තිබෙනවා ද?
 
 
  ‘ආශාවේ දර්ශනවාදය’ යන නමින් බටහිර දී නාමකරණය වන අදහස ඇතුලේ තියෙන්නේ, පාරිභෝගික භාණ්ඩ අර්චනය කියන්නෙම විමුක්ති දේවධර්මයක් කියන එකයි. 
 
අද දවසේ මැයි දිනය හරයාත්මකව අවබෝධ කරගන්නවා කියන්නේ, ‘ධනවාදය’ විමුක්තියක් කියලා නිර්ධනයන්ම හිතන යුගයක දී ප්‍රතිලෝම සත්‍යය එනම්, සමාජවාදී හිරගෙයක් කියලා පීඩිතයන්ම හිතන එකයි. 
 
ස්වයං තීරණය සහ සීන්තෝමයන් (මානසික රෝග ලක්ෂණය චරිතයක් බවට පරිවර්තනය කරගෙන ඉන් විනෝද වීම) රජ කරන Facebook යථාර්ථයක දී විමුක්තිය කියන අදහස යළි නිර්වචනය කරන්න වෙලා තිබෙනවා.
 
 
මිනිසාගේ ‘සත්තාව’ යනු, කතා කරන විට හමු වන දෙයකි. සමාජ ජාලා කියන්නේ ‘ලිවීමයි'[writing]. ලියන විට සත්තාව මිය යනවා. දේශපාලනය යළි කරන්න අවශ්‍ය නම් අපි මිනිසුන් හැටියට යළි කතා කරන ‘සමාජ බන්ධනයට’ ඇතුළු වෙන්න වෙනවා. ‘කතිකාව’ කියන්නේ මේ බන්ධනයට යි.
 
 
අද අපි ‘මැයි දිනය’ සමරන්නේ, එහි මියගිය බව වටහාගෙන ය. අපට අලුත් විඥාණයක් සහිත වුවත් එයට තවම සමාජ දේහයක් නැත. ඒ අර්ථයෙන්, අපේ මැයි දිනය සොම්බි මැයි දිනයකි..
 
 
 FRANCE - JUNE 01:  Jean-Francois Lyotard, Philosopher in France in June, 1994.  (Photo by Louis MONIER/Gamma-Rapho via Getty Images)
 
FRANCE – JUNE 01: Jean-Francois Lyotard, Philosopher in France in June, 1994. (Photo by Louis MONIER/Gamma-Rapho via Getty Images)
 
 
 
 
මීට අවුරුදු 25 කට පමණ පෙර, අපි ජීන් ප්‍රාංශුවා ලියෝතා නම් ප්‍රංශ චින්තකයා හරහා මෙහෙම කිව්වා. “ශිෂ්‍ය දේශපාලනයට අවශ්‍ය දැනුම වෙළදපොලක් කරන්න”. 
 
දැන් ඒක වෙලා තියෙනවා. ”අද අපි ධනවාදයට ආශා කරනවා. ඉස්සර අපි ධනවාදයට වෛර කළා”. 
 
මැයි දිනයේ හරයාත්මක වෙනස තිබෙන්නේ, ආශාව එහි නිෂ්ඨාව නම් වූ වේදනාව තුළට තල්ලු කිරීම තුළ ය. 
 
 
Deepthii 2021(දීප්ති කුමාර ගුණරත්න)
සමබිම පක්ෂයේ නායක.
 
 
 
 
 
 
 
 
 
###############

 

 

THE LEADER TV 
 

 

සුදේවලා කිංස්ලා දාගත්ත කියලා ගොඩදාගන්න පුලුවන් වෙයිද 'ස' ?

 

ගැබිණි අම්මලාට වැඩි අවදානමක්! විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්! 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මැයි දිනයේ අපි හැමෝම දන්න, හංගන කතාව - දීප්ති කුමාර ගුණරත්න | The Leader