The Leader News
BREAKING
Top Ad
Opinion

මැරෙන්න කළින් අතුරුදහන් වෙමු….- මහේෂ් හපුගොඩ

T

The Leader Desk

May 11, 2021 • 6:15 AM

 මැරෙන්න කළින් අතුරුදහන් වෙමු….- මහේෂ් හපුගොඩ       

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘මරණය අත ළඟට පැමිණ ඇත. නමුත් මියයාම තේරුමක් නැති දෙයකි. මියයාම වෙනුවට අප පුරුදු විය යුත්තේ අතුරුදහන් විමට යි’. එහෙම කිව්වේ ජීන් බ්‍රෝදිලා.
  • දුර අමතක වුණා.    වෙළඳ දැන්වීම් වලින් අපහට විනෝද වන ලෙස දන්වා සිටියා.    අප කළේ එම අණට කීකරු වීම විතරයි.    මේ වනාහී විනෝදයේ අණට කීකරු වීමේ යුගය.
  •   තවදුරටත් රාජ්‍යයන් කියල ජාතියක් නැහැ….තියෙන්නේ සෙළවෙන මනසක් විතරක් වෙන්න ඇති.
  •   සියල්ල එසේ වෙද්දි එක්වරම පැන්ඩමිකය නැවතත් සුනාමියක් ලෙස අපේ ලෝකය වෙත කඩා පැන්න.    හැමෝටම දෙවියෝ අමතක වෙලා අරුන්දතී රෝයි මතක් වෙන්න ගත්ත.    දැන් අපි තොග ගණනේ පාරවල් අයින් වල ‘අයි.
අකුරු ප්‍රමාණය (Font Size):
සිංහල අලුත් අවුරුද්ද කිට්ටුව පසුගිය සති කිහිපයක කාලය ඇතුලේ වගේ ගත්තම අපේ ලෝකයේ වෛරසයක් තිබුණේ නැහැ. තිබුණේ විනෝදය විතරයි. 
 
සියල්ලෝ ම සතුටින් වීදි බැස උත්සව සිරි අතර හිර වුණා. 
 
කඩසාප්පු පිරී ඉතිරී ගියා. 
 
මාස්ක් අමතක උණා. දුර අමතක වුණා. 
 
වෙළඳ දැන්වීම් වලින් අපහට විනෝද වන ලෙස දන්වා සිටියා. 
 
අප කළේ එම අණට කීකරු වීම විතරයි. 
 
මේ වනාහී විනෝදයේ අණට කීකරු වීමේ යුගය. රජය කරන්නේ එයට පහසුකම් සැපයීම. 
 
ඒක මේ පාරත් හරියටම කළා.
 
තවදුරටත් රාජ්‍යයන් කියල ජාතියක් නැහැ….තියෙන්නේ සෙළවෙන මනසක් විතරක් වෙන්න ඇති.
 
යතාර්ථය නොපවතී කියල හිතාන අපි යතාර්ථය උඩ ඇවිද යමින් හිටියා.
 
නැහැ කියල හිතාන හිටියට වෛරසය නම් යතාර්ථය මේ සියලු තැන්වල පැවතුනා. 
 
හැබැයි අද දවස කියල කියන්නේ යතාර්ථය වැදගත් කියල හිතන යුගයක් නෙවෙයි. අධි-යතාර්ථයට වඩා වැඩි වැදගත්කමක් දෙන යුගයක්. 
 
මේක යථාර්ථයේ යුගය නෙවෙයි. යථාර්ථයේ ප්‍රතිබිම්බයේ යුගය (age of representation). උන්මාදයේ යුගය. 
 
ඉතින් අප යතාර්ථය අමතක කරල ප්‍රතිබිම්බ සමග වාසය කරන්න වඩාත් කැමති උණා. ‘මේ අවුරුදු කාලේ…සිනහ වෙයන් රාළේ…තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ…ලලල ලලල ලා…’
 
බොහෝ විට පරිස්සම් වීම ගැන අඛ්‍යාන පැවතුනත් ඒවා ආඛ්‍යාන පමණක් ම උණා. 
 
 fdc2242f3ddcda5cf1b7e75e555c7fc3
                පමුණුවේ ඉඳල ඔඩෙල් සාප්පුව දක්වා ‘විනෝද ආඥාව’ පැතිරිලා ගියා. 
 
 
පමුණුවේ ඉඳල ඔඩෙල් සාප්පුව දක්වා ‘විනෝද ආඥාව’ පැතිරිලා ගියා. 
 
ඒ විනෝද වෛරසය විසින් පැන්ඩමිකය මදකට අමතක කළා. 
 
විනෝද පැන්ඩමිකය ඉස්සරහට ආව. සංඥා ආධිපත්‍ය රජ කරන්න ගත්ත (hegemony of the sign). සංඥා අධි-නිෂ්පාදනය අතර අපි තෝන්තු උණා. 
 
‘අපි තමයි හොඳටම කළේ’. හැමෝම කිව්වා. 
 
ඒ කියන්නේ අපි තමයි හොඳටම සංඥා ප්‍රතිනිෂ්පාදනය කළේ කියන එක.
 
 හැබැයි සංඥා වලට බැහැ වෛරස පාලනය කරන්න.
 
සියල්ල එසේ වෙද්දි එක්වරම පැන්ඩමිකය නැවතත් සුනාමියක් ලෙස අපේ ලෝකය වෙත කඩා පැන්න. 
 
හැමෝටම දෙවියෝ අමතක වෙලා අරුන්දතී රෝයි මතක් වෙන්න ගත්ත. 
 
දැන් අපි තොග ගණනේ පාරවල් අයින් වල ‘අයි. සී. යූ. බෙඩ්’ කියල ජාතියක් හදනවා යක්ක පුතුන් සඳහා. 
 
එන ඕනෑම වැක්සීනයක් ගහන තත්වයට දැන් අපි හිත හදාගෙන ඉන්නවා.
 
 එකක් මදිනම් දෙකක් ගහන්න කියලත් සමහරු කියනවා. 
 
දෙකක් නැත්නම් තුනක්…තුනක් නැත්නම් හතරක්… 
 
හැබැයි ගහන්න කියල එකක්වත් නැහැ…
 
සියල්ල අධි යතාර්ථයක් වගේ වෙලා.
 
හදිස්සිය කොච්චරද කියනවා නම් ෆයිසර් එක ගහල ඒ උඩටම ස්පුට්නික් එකත් ගහනවා. 
 
තවත් හොඳයි කියල හිතෙනවා නම් සයිනෝෆෑම් එකත් ගහනවා. 
 
ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි ඩෝස් එක ආවම ඒකත් ගහනවා…
 
මරණයෙන් බේරෙන්න ඕනෑම දෙයක් ගහනවා. ගහගෙන ගහගෙන යනවා.
 
හැබැයි ඔය ගොඩක් අය ජීවත් වෙන්න හැදුවට මේ වෙන කොටත් එයාල මැරිලා ඉවරයි. 
 
 
 Jean Baudrillard
                      Jean Baudrillard 
 
 
ටී. වී. එක ඉස්සරහ ඉඳ ගත්තම ඒක විසින් මිනිස්සු වේළලා මරල දානවා කියල බ්‍රෝදිලා කියනවා. ඉතිං එයාගේ යෝජනාව තමයි ඊට කලින් මැරිලා යන එක.
 
ඇත්තටම බ්‍රෝදිලා කියන දේ හරි. මේ වගේ අධි-යතාර්ථ ලෝකෙක ඉන්නවට වඩා හොඳයි ඉතාම වසඟකාරී විදියට මේ ලෝකෙන් අතුරුදහන් වෙන එක.
 
‘මම මරණය වෙනුවට අතුරුදහන් වීම කියල අදහස් කරන්නේ මේ වගේ දෙයක්. නිකම්ම අන්තිම දවස වෙනකල් ඉඳල වේලිලා කිසිවක් කියාගන්න බැරුව මැරෙන්නේ නැතුව යමක් කියන්න පුළුවන් වෙලාවේ ඒක කියල අතුරුදහන් වෙන එක. ඒ කියන්නේ මරණයට පෙර මියයන එක. සංකේතීය මරණය. නීට්ෂයානු මරණය.
 
කට්ටිය කෑ ගැහුවට මේ තියෙන්නේ ධනවාදය ධනවාදය කියල මේ තියෙන්නේ අධි-යතාර්ථය. අධි-යතාර්ථයේ හෙජමොනිය’ (ජීන් බ්‍රෝදිලා).
 
 
1441238 10201803407901417 1786301966 n(මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
 
(මහේෂ් හපුගොඩ ගේ FB පිටුවෙන්...)
 
###############
 
 
 
 

                                          THE LEADER TV 

 
 
ලංකාවත් ඉන්දියාවේ තත්වයට පත් වුණොත් මොකද කරන්නෙ?
 

 

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ඉහළයාමේ අවදානමක් - වොෂින්ටයෙන් අනාවැකියක් !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මැරෙන්න කළින් අතුරුදහන් වෙමු….- මහේෂ් හපුගොඩ | The Leader