The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල්ගේ අවතාරයෙන් මිදෙන්නේ කෙසේද? -මහේෂ් හපුගොඩ

T

The Leader Desk

May 16, 2021 • 4:51 AM

රනිල්ගේ අවතාරයෙන් මිදෙන්නේ කෙසේද? -මහේෂ් හපුගොඩ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේක ලියන්න මට වුවමනාවක්වත් උද්යෝගයක්වත් නැහැ. උවමනා නැහැ කියල ලියන්නේ නැතුව ඉන්නත් බැහැ.
  • ටාටා බස් වල.    ඒක තමයි ඇත්ත.
  • අදත් එහෙමම තමයි.    අපි මෙතැනින් එගොඩ වෙන්න ඕනි.
  • දේශපාලනේ කරන අය ඇත්තටම දේශපාලනේ කරන්න කියන එක.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
මම හිතන්නේ දැන් දෙතුන් පාරක් කරපු ප්‍රකාශ කිහිපයක් නෙත ගැටුන නිසා පුද්ගල අගතිය පැත්තකින් තියල මේ වචන දෙක කොටනවා කියල හිතුව. 
 
මම කවදාවත් නැවත රනිල් වික්‍රමසිංහ කියන දේවල් කියවන්න හෝ අහන්න හිතුවේ නැහැ. සම්පුර්ණයෙන් අමතක කරලා සැහැල්ලු සුසුමක් හෙලලා හිටියේ ඒ ඉතිහාසය යන්තම් ඉවරයි කියල.
 
 වළ දාල තිබුණට මේ හොල්මනට පණ එනවා. පණ ඇවිල්ල කතා කරන්න ගන්නවා. ඒ කියන කතා අපිත් රෝග ලක්ෂණයක් වගේ අහනවා. 
 
එතැනදී අපි ෆේල්. අපිට ගැළවෙන්න බැහැ. 
 
ලංකාවේ ලොකු ජයග්‍රහණයක් සිදු කරල පෙන්නන්න බැරි වෙච්ච කොළඹ මධ්‍යම පාන්තික අවතාරයක් අපේ මනසේ සැරි සරනවා. ඒ රනිල් වික්‍රමසිංහ කියල මට හිතෙනවා. 
 
ඒ අවතාරයට පණ දෙන්නේ අනෙකුත් ජීවමාන චරිත. ඒ චරිත 'ෆේල්' වෙන වාරයක් වාරයක් පාසා රනිල් අවතාරය පණ ලබනවා. පණ ලබල ඇවිදින්න ගන්නවා. දැන් ආයෙත් ඇවිදින කාලේ... 
  
ටෙස්ට් කරන එක වැඩි කරන්න කියල කොරෝනා ආව මුල් කාලෙම රනිල් කිව්වා. 
 
දැන් ඒක හරි කියල තැන තැන කට්ටිය කියනවා. 
 
ඔය චිනෙට ජපානෙට කතා කළොත් උදව්වක් ගන්න පුළුවන් කියල එදා කිව්වා.
 
 ඒකත් අද වෙමින් පවතිනවා. 
 
තල්ලු ස්ටාර්ට් ඉන්දියන් ඇම්බියුලන්ස් වල අගේට නැගල යනවා පණ බේරගන්න. තව ඒවා අළුතෙනුත් ගත්තා. 
 
එතකොටත් රනිල් මතක් වෙනවා.
 
1990 
 
අපේ පරම්පරාවේ පරිණාමයෙන් වැඩි ප්‍රමාණයක් ගත වුණේ ඉන්දියන් ලේලන්ඩ් බස් වල. ටාටා බස් වල. 
 
ඒක තමයි ඇත්ත. වියදමත් අඩුයි. 
 
අපි යථාර්තය අමතක කරලා අධි යථාර්තයක ජීවත් වෙනවා. 
 
ජර්මන් ෂෙපඩ්, පොමරේනියන්, ලැබ්රඩෝල වඩාගෙන උම්මා දුන්නට ඇත්තටම අපේ ගෙවල් දොරවල් චිරාත් කාලයක් රැකලා දුන්නේ අර ගමේ ඉන්න අපේ ගොඩේ බල්ලා නේද කියල ඔයාලට හිතෙන්නේ නැද්ද? 
 
 
අර මිළ අධික වංශක්කාර බල්ලෝ දිනපතා ලෙඩ උනාට ගොඩේ බල්ලා ෆුල් චූන් එකේ ඉන්නවා හැමදාම. දෙන දෙයක් කාල. වෙන දෙයක් බලාගෙන. 
 
ඉන්දියන් වාහනත් ඒ වගේ. අපේ රට දුවන්නේ ලේලන්ඩ් උඩ... 
 
මේකෙන් කියවෙන්නේ නැහැ අපි හැමදාම ලේලන්ඩ් යුගයක ඉන්න ඕනි කියල. 
 
හැබැයි අපේ මුල ඒක තමයි. 
 
ජරං බරං ගාන ටාටා ලඩි වල නැගල තමයි අපි ඉස්කෝලේ ගියේ. අදත් එහෙමම තමයි. 
 
අපි මෙතැනින් එගොඩ වෙන්න ඕනි. ඒකෙ තර්කයක් නැහැ. හැබැයි මුල මතක තියෙන්නත් ඕනි.  
 
මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන මුලින් හිතන්න, පස්සේ ආර්ථිකය ගැන හිතන්න කියල ආයෙත් රනිල් කියනකොට ඒක අපිට වදිනවා. 
  
ඒක එහෙම කියවෙන්නේ එයා දේශපාලඥයෙක් නිසා. 
 
බොරුවට හරි දේශපාලඥයෝ කියන අය ජනතාව ජනතාව කියල මතුරනවා. ඒක වැදගත් නැහැ කියල කියන්න බැහැ මේ වගේ වෙලාවක.
 
 විශේෂයෙන් මේ වගේ මාරාන්තික වෙලාවක මිනිස්සුන්ට ඒක තදට වදිනවා. ඒක මිනිස්සුන්ට ධෛර්යයක්. 
 
මේකෙන් කියන්නේ රනිල් දිහා බලන්න කියල නෙවෙයි. දේශපාලනේ කරන අය ඇත්තටම දේශපාලනේ කරන්න කියන එක. මිනිස්සු ගැන ගැඹුරින් හිතන්න කියන එක.
 
 මිනිස්සු පිස්සු නටනවා තමයි. වගවීමක් නැහැ තමයි. ඉතිං එතෙන්ට තමයි දේශපාලනේ උවමනා කරන්නේ.
 
මිනිස්සු මැරිලා ආර්ථිකේ පවත්වා ගෙන ගියත් අර මියගියවුන් ගැන වරදකාරී බවෙන් අපිට ගොඩ එන්න සදාකාලෙටම බැරි වේවි. 
  
එක එක වෙලාවට මොන මොනවා කිව්වත් තමන්ගේ ජීවිත කාලේ ඇතුළේ ලස්සන ලොකු සුරංගනා කතාවක් ගොතන්න තරම් රනිල් දක්ෂ වුණේ නැහැ. 
 
තවත් ගොඩක් නෙගටිව් දේවල් තියනවා කියන්න. නමුත් ඒවා ගොඩක් ඔයාල දැනටමත් දන්නවා. ඒ නිසා දැනට ඇති. 
 
රනිල් ගේ අවතාරයෙන් ගැළවෙන්න නම් රනිල්ටත් වඩා රනිල් වෙන්න ඕනි කියල මම මීට කලින් ලියල තියනවා. 
 
ලෝකය පාලනය කරන්නේ කතාකාරයන්ය කියල සියවස් ගණනකට කළින් ප්ලේටෝ කියල තියනවා. Those who tell stories rule society (Plato).
 
 
 
Mahesh Hapugoda(මහේෂ් හපුගොඩ) 
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 

 


 

THE LEADER TV 
පොලිස් ඇමති උපදේශකගේ සිස්ටම් චේන්ජ් එන්නත් පෝලිමේදී මාට්ටු!
 

ITN හතර වරං ගැහිල්ලක් ! - විශේෂ හෙළිදරව්වක් 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...