The Leader News
BREAKING
Top Ad
Opinion

රෝමියෝ සහ ජුලියට් : නතිං-කරණය... - මහේෂ හපුගොඩ

T

The Leader Desk

May 29, 2021 • 1:23 PM

 රෝමියෝ සහ ජුලියට් : නතිං-කරණය... - මහේෂ හපුගොඩ   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්ත්‍රියක් හැටියට වඩාත් ම රැඩිකල් ප්‍රකාශය කරන්නේ ශේක්ෂ්පියර්ගේ රෝමියෝ සහ ජුලියට් නාට්‍යයේ ජුලියට් කියල ලකාන් එක තැනක කියනවා.
  • ආදරය කියන අලුත් නමින් ආයෙත් අපි භෞතිස්ම ලබමු කියල.    මේක ස්ත්‍රියක් කරන වඩාත්ම හිස්ටරික ප්‍රකාශයක්.
  • ඒ ආදරය වෙනුවෙන්.    ඒ සංකේතනය ඇතුලේ 'නම' (name) කියන එක පට්ට කේන්ද්‍රීය යමක් කියල ජූලියට් ට තේරෙනවා.    ඇයට ඕනි හරියටම ඒ මාරක තැනට කෙළබෑවිලා යන්න ඇටෑක් එකක් දෙන්න.    ඒක විප්ලවීයයි...
  • ඒ සියල්ල ඉවර කරන්න ස්ත්‍රිය කරන හිස්ටරික උත්සාහය ඓතිහාසිකයක් හැටියට රැඩිකල්.                                 මැල්කම් X.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒ 'නම' කියන එකට සාපේක්ෂව. 
 
ආදරයේ ප්‍රමෝදය සොයමින් මෙලන්කොලිකව ඉහත මාලයේ ඉන්න ජුලියට් මෙහෙම දෙයක් කියනවා. 
 
'නමක් කියන්නේ මොකක්ද? රෝමියෝ, ඔයාගේ ඇස් වලට, මුහුණට, අත පය වලට නමක් කියල කියන්න බැහැ. මගේ පියා මට දුන්න නම මේක නම්, අපිට ආදරෙන් එකතු වෙන්න තියන එකම බාධාව ඒ නම නම්, මම කිසි දෙගිඩියාවක් නැතුව ඒ නම අත හරින්නම්' කියල. 
 
රෝමියෝ ඔයා ඔයාගේ නම අත් හරින්න. මම මගේ නම අත් හරින්නම්. මම ආදරය කියන නම ගන්නම්. ඔයත් ආදරය කියන අලුත් නම ගන්න. ආදරය කියන අලුත් නමින් ආයෙත් අපි භෞතිස්ම ලබමු කියල. 
 
මේක ස්ත්‍රියක් කරන වඩාත්ම හිස්ටරික ප්‍රකාශයක්. ඇයට ඕනි පවතින සංකේතීය සියල්ල විනාශ වෙනවා දකින්න. ඒ ආදරය වෙනුවෙන්. 
 
ඒ සංකේතනය ඇතුලේ 'නම' (name) කියන එක පට්ට කේන්ද්‍රීය යමක් කියල ජූලියට් ට තේරෙනවා. 
 
ඇයට ඕනි හරියටම ඒ මාරක තැනට කෙළබෑවිලා යන්න ඇටෑක් එකක් දෙන්න. 
 
ඒක විප්ලවීයයි...
 

51e7EOz3E6L. AC

Olivia Hussey in Romeo and Juliette
 
 
 
 
නමක් දෙන්නේ තාත්ත නැත්නම් අම්මා. ඒක එන්නේ පවුලෙන්. 
 
ඒක භෞතිස්ම ලබන්නේ දෙවියන් ඉස්සරහා. 
 
මෙතැනදී ජුලියට් කරන්නේ තාත්ත දුන්න පවුල් නාමය, දෙවියන් ඉදිරියේ භෞතීස්ම ලබපු ඒ පවුල් නාමය යන දෙකම එකවර ප්‍රතික්ෂේප කරලා (හෙගලියානු සුවිශේෂය) විශ්වීය නමක් කරා මාරු වෙන එක. 
 
කැපියුලේ (Capulet) සහ මොන්ටාග් (Montague) කියන පුරුෂ පවුල් නාම සුවිශේෂයන් (particular) වෙනුවට ජුලියට් තෝරන අලුත් නාමය වෙන්නේ 'ආදරය' කියන විශ්වීය ප්‍රවර්ගය (universal). 
 
මමත් ආදරය කියන අලුත් නම ගන්නම්. ඔයත් ආදරය කියන අලුත් නම ගන්න කියන එක තමයි ඒකෙ ජුලියටියානු අර්ථය. 
 
ඒ සඳහා ඇය ලැහැස්තියි පවතින සියල්ල අත්හරින්න. ආදරය ඉස්සරහා නතිං වෙන්න. ඒ සඳහා රෝමියෝත් 'නතිං-කරණය' කරන්න.
 
 පවතින සියල්ල හිස් කරලා දාන්න. ශුන්‍ය බවට පත් කරන්න. ඒ සියල්ල ඉවර කරන්න ස්ත්‍රිය කරන හිස්ටරික උත්සාහය ඓතිහාසිකයක් හැටියට රැඩිකල්. 
 
 

malcolm x                           මැල්කම් X. (malcolm x)

 
 
අපි දන්නා ඉතිහාසය ඇතුලේ මේ ජුලියට් කියන දේ ප්‍රායෝගික විදියට දේශපාලනය ඇතුළට ගෙනාවේ මැල්කම් X. 
 
එයා X කියන නමක් නැති නම ගත්තා (no-name). මුලින් තිබ්බ මොකක් හරි එකක් දිහා ආයේ හැරිලා බැලුවේ නැහැ. 
 
ආදරය පුර්ණ ලෙස විකසිත කරන්න, පුර්ණ ප්‍රමෝදය වෙත යන්න, පුර්ණ ප්‍රමෝදය වෙත රෝමියෝ රැගෙන යන්න ජුලියට් ට තියන බාධාව 'නම' නම් එයා ආශාවේ වස්තු හේතුවෙන් ඒ නම ගලවන්න ලැහැස්තියි. 
 
 අත පය ඇස් ඉස් මස් ලේ වලින් නම උගුල්ලලා දාන්න ඇය ලැහැස්තියි. ඒ වෙනුවට ඒ ශරීර කොටස් වලට (organs) නමක් නැති හිස් බවක් (lack) එයා ගේනවා. 
 
එයා ඒ සියල්ලට පාර නාමයක් (trans-name) දෙනවා 'ආදරය' කියල. 
 
ඒ නමක් නැති ශරීර කොටස් ප්‍රමෝදයේ යාගය වෙනුවෙන් ඇය කැප කරනවා. 
 
 
 

lacan p                ජැක්විස්‌ ලකාන්

 
 
ලකාන් කියන 'ආශාවේ ප්‍රමෝද උල්ලාසය' (blissful euphoria of desire) වෙනුවෙන් ඒවා කැපකරනවා. ඒක කරන්න බැරි වෙච්ච තැන දෙවරක් නොසිතා මැරිලා යනවා. දෙගිඩියාවක් නැහැ. 
 
ආදරය කියන නව අනන්‍ය බව ඇතුලේ නැවත උත්පාද වෙන්න ඕනි නම් අපි එල්ලිලා ඉන්න පැරණි නාමකරණයන් ගොඩකින් අපිට නිදහස් වෙන්න වෙනවා. 
 
ඒක ජුලියට් සහ රෝමියෝ යන දෙදෙනාටම පොදුයි.
 
 අලුත් ලෝකයක් දකින්න ඕනි නම් ගැහැණු පිරිමි අපි ඔක්කොම එක තැනකදී රැඩිකල් ලෙස නතිං වෙන්න වෙනවා. ස්ථිර එක නමක එල්ලිලා ඉඳල වැඩක් වෙන්නේ නැහැ.
 
 යම් උත්කෘෂ්ට දෙයක් වෙනුවෙන් ගමන් කරනවා නම් අපි නැවත නැවත නාමකරණයන් ලබන්න ඕනි කියල ගිල් දෙලස් කියන්නේ ඒ හින්ද වෙන්න ඇති. 
 
දෙලස් කියන්නේ ඒ නමක් නැති නාමකරණය අතථ්‍ය දෙයක් කියල (virtual). ගමනක් ඇතුලේ කිසිවක් සථිර ලෙස අල්ලා ගන්න බැහැ.  
 
 
අරයා නතිං මෙයා නතිං නෙවෙයි. අපි ඔක්කොම එක වෙලාවක නතිං බ්‍රෝ...
 
 
 
මට නම් ඒ කෑල්ල ඇතුලේ පොඩි බෞද්ධ බවකුත් තියනවා. මොකද පාරමිතා පුරණ බෝධිසත්ව චරිතේ ඇතුලේ දන් දෙන්නෙත් මේ ශරීර කොටස් ම තමයි (organs). 
 
ඒ නිසා කොයියම් මොහොතක හෝ නතිං වෙන්න වුණොත් බය වෙන්න එපා. 
 
මේ ඔක්කොම කවර් වෙන්න ජිජැක් ගේ Organs without Bodies: On Deleuze and Consequences පොතයි දෙලස් ගේ Difference and Repetition පොතයි කියවන්න. 
 
චින්තකයින්ගේ නම් සහ පොත් වල නම් කිව්වට තරහ වෙන්න එපා. 
 
 
 
MHp12(මහේෂ් හපුගොඩ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
 
( Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්..)
THE LEADER TV 
 
මොරටුවෙන් කුරුණෑගලට - ජොනී අත්අඩංගුවට?
 

 
PB ස' ටත් වාතයක් වෙලා... පොට්සිටියට මාරුවක්!
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...