The Leader News
BREAKING
Top Ad
Opinion

ලංකාව හැරයාම තරුණයින්ගේ වරදක් ද? - ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ (වීඩියෝ)

T

The Leader Desk

September 19, 2021 • 6:59 AM

ලංකාව හැරයාම තරුණයින්ගේ වරදක් ද? - ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ රටේ ඉන්න බහුතරයක් කියන දෙයක් තමයි "අපේ රට වැඩක් නැති රටක්" කියන එක.
  •   ඇත්තටම එහෙම වෙන්න කරුණු ගණනාවක් තියෙනවා.
  •   නමුත් ඇත්තටම ඒක වචන වලින් එහාට ප්‍රායෝගිකව සිද්ධවෙලා තියෙනව ද?
  •     මේ මගේ රට කියලා  පපුවට ගසා ගන්නා ඇතැම් දේශපාලකයින් කරලා තියෙන්නෙත් මේ රටේ මිනිස්සු බෙදා වෙන් කිරීම.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඇත්තටම වැඩක් නැති රටක්, වැඩක් ඇති රටක් කරන්නේ කොහොමද?
 
ඊට කලින්  වැඩක් නැති රටක් උනේ වුනේ කොහොමද කියන එක පොඩ්ඩක් හොයලා බලන්න ඕන.
 
ඇත්තටම එහෙම වෙන්න කරුණු ගණනාවක් තියෙනවා.
 
ඒ අතර ප්‍රධාන කරුණක් තමයි හැම පුරවැසියෙකුටම එක සමානව නොසැලකීම.
 
නිදහස ලබා ගත්ත දවසේ ඉඳලා අපි කියන කතාවක් තමයි අපි එක සමානව සලකමු කියන එක.. එක මවකගේ දරුවෝ කියලා ගීත වලිනුත් කියනවා. උදේ දවල් රෑ බණ පිරිත් වලින් එකමුතුකම ගැන කියනවා.
 
නමුත් ඇත්තටම ඒක වචන වලින් එහාට ප්‍රායෝගිකව සිද්ධවෙලා තියෙනව ද?
 
 
මේ මගේ රට කියලා  පපුවට ගසා ගන්නා ඇතැම් දේශපාලකයින් කරලා තියෙන්නෙත් මේ රටේ මිනිස්සු බෙදා වෙන් කිරීම.
 
අන්න ඒ නිසා ඉතිහාසයේ ඉඳලා මේ දක්වා රටට ආදරය කරපු විශාල පිරිසක් මේ රටෙන් යන්න ගිහින් තියෙනවා.
 
අපේ රටට අවංකව ආදරේ කරපු, ඉතාම සුන්දර මිනිස්සු කොටසක් තමයි මේ රටේ හිටපු  බර්ගර් මිනිස්සු. ඒ අයගෙන් විශාල පිරිසක්  මේ රට දාලා ගියා. මොකද ඒ අය දැනගත්තා, මෙ රටේ කොටස්කරුවන් විදියට තැනක් ඒ අයට ලැබෙන්නේ නෑ කියලා.
 
ඊට පස්සේ
 
මේ රට වෙනුවෙන් ලොකු කාර්යභාරයක් කරපු දෙමළ මිනිස්සු මේ රට දාලා ගියා. ඊට පස්සේ වගේම මුස්ලිම්  අයටත් එහෙම වුණා. ඒ විතරක් නෙවේ,
 
ජාතිවාදය ආගම්වාදය වර්ගවාදය ප්‍රතික්ෂේප කරලා, ලස්සන රටක් ගැන සුබ සිහින දැකපු බොහෝ සිංහල මිනිස්සුන්ටත් මේ රට දාල යන්න වුණා.
 
ඉදිරියටත් ඒ වගේ මිනිස්සු මේ රට දාලා යන්න බලාගෙන ඉන්නවා.
 
උගත් මිනිස්සු, දක්ෂ මිනිස්සු, පිටකොන්දක් තියෙන මිනිස්සු, වැරද්දට විරුද්ධ මිනිස්සු, මේ රට වැඩක් නැති රටක් කියලා හිතලා, රට දාලා යන්න ගියාම මේ රටට මොකද වෙන්නේ ?.
 
 
කිසිම මනුස්සයෙක් උපතින්, බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් වෙන්නේ නෑ., බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් වෙන්නේ ක්‍රියාවෙන් කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ බුදු වදනේ සැබෑ තේරුම තමයි මිනිස්සු සියලු දෙනාම එක.
 
සියල්ලෝම සමානයි කියන එක.
 
 
ඒත්, බුදුදහම සුරක්ෂිත මේ අපේ රටේ මිනිස්සු කොටස් විදිහට වෙන් වෙනවා.
 
ඇත්තටම වචන වලට සීමා වෙච්ච කතා, ප්‍රායෝගික කළ යුතුයි. මේ රට ඇතුළේ හැම මනුස්සයෙක්ම එක සමාන බව ඒ මිනිස්සුන්ගෙ හිත්වලට අවංකවම දැනෙන දවසට මේ රට වඩාත් යහපත් වෙයි.
 
එහෙම යහපත් වුණාම මේ රටේ මිනිස්සුන්ට තමන් ගැනම ආඩම්බරයක්, අභිමානයක් ඇතිවෙයි.
 
එහෙම වුණාට පස්සේ තමයි මේ රට වැඩක් ඇති රටක් බවට පත්කරන්න පුලුවන්.
 
ඒ වෙනුවෙන් සෑම කෙනෙකුටම විශාල වගකීමක් තියෙනවා. 
 
විශේෂයෙන්ම පූජක පක්ෂයට, ගුරුවරුන්ට,  උගතුන්ට, මාධ්‍යට ඒ වෙනුවෙන්  විශාල වැඩ කොටසක් තියෙනවා.
 
ඔවුන් ඒ වගකීම සාර්ථකව ඉටුකළොත් මේ රට වැඩක් ඇති රටක් කරන්න අපිට පුලුවන්.
 
 
මුඩු බිමක් වෙනුවට මේ රට කෙම් බිමක් කරන්න හීනයක් තියෙනවානම්, අපි හැමෝම විවිධත්වයට ගරු කරන්නත් එකට එක්ව ජීවත් වෙන්නත් පුරුදු වෙන්න ඕනා.
 
 
 
 
 
WhatsApp Image 2021 07 16 at 11.10.12 AM(ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ) 
දේශපාලන හා සමාජ විශ්ලේෂක සහ ක්‍රියාකාරික 
ලේක්හවුස් හිටපු සභාපති
 
 
 
 
 
 
කියවන්න 
 
 
 
 
 
 
 
 
 
 
 
 

THE LEADER TV 
 
බේබද්දෝද රාජ්‍ය ඇමතියෝය. 
 
 
සන්නා මහ රෑ ‌හෙළිකළ යු-ටියුබ් ගණිකාවෝ...!
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...