The Leader News
BREAKING
Top Ad
Opinion

සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ගැන වක්‍ර කතා - ආචාර්ය ප්‍රදීප් වීරසිංහට මහාචාර්ය රොහාන් සමරජීව ගෙන් ප්‍රතිචාරයක්

T

The Leader Desk

September 19, 2021 • 9:23 AM

සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ගැන වක්‍ර කතා - ආචාර්ය ප්‍රදීප් වීරසිංහට මහාචාර්ය රොහාන් සමරජීව ගෙන් ප්‍රතිචාරයක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ('විකල්පය සොයා ගැනීම 'බලය' ප්‍රශ්න කිරීමෙන් පටන් ගනිමු' යන මැයෙන් ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ විසින් සම්පාදිත ලිපිය පිළිතුරකි )
  •   මගේ තර්කය වුයේ යෝජිත සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ප්‍රයෝගික නොවන බවය.
  • ජනතා සහභාගිත්වය වඩාත්ම වැදගත් විෂයයක් වන මැතිවරණ ක්‍රම සංශෝධනය උදාහරණයක් ලෙස ගෙන ඒ සම්බන්ධයෙන් ජන මත විචාරණ පැවැත්වීමේ අභියෝග මම සවිස්තරව පැහැදිලි කලෙමි.
  •  ඒ වෙනුවට ඇති විකල්පය කවරක්දැයි එයින් පැහැදිලි කෙරෙන්නේ ද?
අකුරු ප්‍රමාණය (Font Size):
 
සෘජුව තර්කයකට මුහුණ නොදී, වක්‍රව කතාව වෙන දිශාවකට ගෙන යාමේ උදාහරණයක් ලෙස හෝ ප්‍රදීප් වීරසිංහයන්ගේ අලුත්ම ලිපිය පාවිච්චි කල හැකිදැයි කල්පනා කලෙමි. 
 
නමුත් එම උපක්‍රමයේ සුමට භාවිතයක් එම ලිපිය පෙනෙන්නට නැත. වැඩේ හොඳට කලා නම් අහු නොවෙන්න කල යුතුය. මේකේ ඒ ගුණේවත් නැත.
 
මගේ තර්කය වුයේ යෝජිත සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ප්‍රයෝගික නොවන බවය. නිකම් කිව්වා නොවේ. ජනතා සහභාගිත්වය වඩාත්ම වැදගත් විෂයයක් වන මැතිවරණ ක්‍රම සංශෝධනය උදාහරණයක් ලෙස ගෙන ඒ සම්බන්ධයෙන් ජන මත විචාරණ පැවැත්වීමේ අභියෝග මම සවිස්තරව පැහැදිලි කලෙමි.
 
“මනාප ඡන්ද ක්‍රමයට කැමැති ද නැතිදැයි ජනමත විමසුමකින් ජනතාවගෙන් විමසිය හැකි වෙතත් එයින් ලැබෙන ප්‍රයෝජනය කුමක් ද?  ඒ වෙනුවට ඇති විකල්පය කවරක්දැයි එයින් පැහැදිලි කෙරෙන්නේ ද?  සමහර විට, ''මනාප ඡන්ද ක්‍රමය වෙනුවට දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කෙරෙන සංවෘත ලැයිස්තුවකින් එසේත් නැතිනම් කේවල ක්‍රමය හරහා සිදුවන ඡන්ද කොට්ඨාශ නියෝජනයක් ද සහිත දෙමුහුම් ක්‍රමයක් හඳුන්වා දිය යුතු ද'' වැනි සංකීර්ණ ප්‍රශ්නයක් ඇසිය හැක.  
 
එවැනි ප්‍රශ්නයක් නිවැරදිව වටහාගැනීමේ ශක්තිය ඡන්දදායකයින්ගෙන් බහුතරයකට තිබේ ද?  එවැනි ප්‍රශ්නයක් හරහා ජනතාවට හුරුපුරුදු මනාප ක්‍රමය තෝරාගැනීමේ අවස්ථාව ඉවත් කර නැති ද?  මෙම ප්‍රශ්නයට සෑහීමකට පත්විය හැකි පිළිතුරු ලැබුනේ යැයි සිතමු.  
 
එවිට, සංවෘත පක්ෂ ලැයිස්තුවක් සකස් කිරීම සඳහා කොන්දේසි  හෝ කේවල සහ සමානුපාත ක්‍රම ඒකාබද්ධ කරන යාන්ත්‍රණයන් සකස් කරගැනීම වැනි ඍජු ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිටත වන කාර්යයන් රාශියක් සිදු කළයුතු වන්නේ නොවේ ද? 
 
ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ තර්කයට අනුකූලව ක්‍රියාකිරීමට නම් අපට එක් ජනමත විමසුමක් නොව,  ඔව් නෑ පිළිතුරු  ලබාදෙන ජනමත විමසුම් මාලාවක් පවත්වන්නට සිදුවනු ඇත.  මෙය යථාර්ථවාදී නොවේ.  ජනමත විමසුම්වලට පිළිතුරුදෙමින් සිටිනවාට වඩා හරි හම්බ කරගැනීම, දූ දරුවන් හදා වඩා ගැනීම වැනි වෙනත් වැදගත් කටයුතු රාශියක් ඡන්දදායකයින් ජනතාව වන අපට තිබේ.  
 
පූජාවක් පවත්වන පරිද්දෙන් හෝ මෙසේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයට සහභාගිවීමට අපට සිදුවුවහොත් එය අපට නොසෑහෙන කරදරයක් වනු ඇත. වගකිවයුතු පුරවැසියන් ලෙස හැසිරෙමින් අප විසින් තීරණ ගතයුතු යැයි කියන රජයේ ප්‍රතිපත්ති සියල්ලක්ම වටහාගන්නට උත්සාහ දරන්නට ගියහොත් අපේ ජීවිතවල වෙනත් කිසිම දෙයක් කරන්නට කාලයක් ඉතිරි නොවනු ඇත.”
 
  
මෙම ස්ථාවරය සාවද්‍ය බව ඔප්පුකිරීමට වීරසිංහයන් කිසිදු උත්සාහයක් ගන්නේ නැත. මෙයට ප්‍රතිචාරයක් ලෙස, තව මාසයක් ඇතුලත, සෘජු උත්තරයක් නොදෙන්නේ නම් අපට නිගමනය කරන්නට සිදු වන්නේ ඔහු නිරුත්තර බවය. ඔහුට බැරි බවය. ප්‍රතිවාදියාගේ කටේ ඔහු නොකිවූ වචන දැමීම බාල විවාද උපක්‍රමයකි.
 
 
මම කිව්වේ “මේ සඳහා පවතින හොඳම විකල්පය නම් මනාව ක්‍රියාත්මක වන නිලධාරි තන්ත්‍රයකින් සහ එම විෂයයන් සම්බන්ධයෙන් උනන්දුවක් සහ දැනුමක් ඇති විශේෂ කණ්ඩායම්වලට අදහස් ප්‍රකාශකිරීමට ඉඩ සලසන අදහස් විමසීමේ සැසිවලින් ශක්තිමත් කරන ලද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයකි” යන්නයි.  
 
වීරසිංහ අනුවාදනය මෙයයි: “මහාචාර්ය සමරජීවගේ අදහස වී තිබුනේ විශේෂඥයන් විසින් පැහැදිලි ප්‍රතිපත්ති මත ආණ්ඩුකරණ ක්‍රියාවලිය  මෙහෙයවීම තුළින් පවතින අර්බුදයට විසඳුම් සොයා ගත හැකි බවයි.”
 
මගේ නිර්දේශයේ අද රටේ ආණ්ඩුකරණය කරන විදිහේ හොඳ බවක් ගැන යමක් අඩංගු වුනා යයි මට නම් නොපෙනේ. මගේ අදහස් ප්‍රකාශ කිරීමේ දුර්වලතා තිබේදැයි මම මෙනෙහි කරන්නම්. 
 
එත් මම කල්පනා කලේ මේ කොටස හැලුවේ ඇයිද කියායි: “මනාව ක්‍රියාත්මක වන නිලධාරි තන්ත්‍රයකින් සහ එම විෂයයන් සම්බන්ධයෙන් උනන්දුවක් සහ දැනුමක් ඇති විශේෂ කණ්ඩායම්වලට අදහස් ප්‍රකාශකිරීමට ඉඩ සලසන අදහස් විමසීමේ සැසි.” මෙවන් නිලධාරී තන්ත්‍රයක් අප රටේ නැති බව කවුරුත් දනිති. මෙවන් අදහස් විමසීමේ ක්‍රියාදාමයන් අද අප රටේ ක්‍රියාත්මක නොවන බව කවුරුත් පාහේ දනිති. පාහේ කියා දැමුවේ මේ ලිපි පෙළ කියවීමෙන් ලබා ගත් අවබෝධය නිසාය.  
 
ඉතින් එහෙම තිබියදී, නිදහසෙන් පසු රට කිරීමට යොදා ගත් සවුත්තු ක්‍රමවේදය මගේ ඇඟට හේත්තු කිරීම සාධාරණද? 
 
රටට කෙලවීමට ප්‍රධාන හේතුව ලාභ ජනප්‍රියත්වය දිනා ගැනීම පිණිස කලින් කල නිර්ප්‍රභූන් වෙනුවෙන් කතා කිරීමට ඉදිරිපත්වු ප්‍රභූන් හෝ ප්‍රභූත්වය ආරුඪ කර ගැනීමට වෙහෙසුණු අතරමැදියන්ය. 
 
ඉහත කරුණ මෙනෙහි කරන ලෙස ඉල්ලා සිටින අතර, තර්කයකට සෘජුව පිළිතුරු දීම සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍ය අංගයක් බවද තේරුම් ගත යුතු බව වීරසිංහයන්ට කරුණාවෙන් මතක් කර දෙමි.
 
 
 
Rohan Samarajiva LIRNEasia 1x1(මහාචාර්ය රොහාන් සමරජීව)
#ආචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ
 
 
 
 
 
 
කියවන්න - හදාරන්න 
 
 
 
 
 

THE LEADER TV 
 
බේබද්දෝද රාජ්‍ය ඇමතියෝය. 
 
 
සන්නා මහ රෑ ‌හෙළිකළ යු-ටියුබ් ගණිකාවෝ...!
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...