The Leader News
BREAKING
Top Ad
Opinion

හිස්ටිරියාව කියන්නේ අපූරු මනුෂ්‍ය සම්බන්දයක් - මහේෂ් හපුගොඩ

T

The Leader Desk

September 21, 2021 • 9:33 AM

හිස්ටිරියාව කියන්නේ අපූරු මනුෂ්‍ය සම්බන්දයක් - මහේෂ් හපුගොඩ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • @The Dangerous Method (2011)
  • ඒ තමයි හිස්ටිරියාව කියන්නේ තවත් එක්තරා අපූරු මනුෂ්‍ය සම්බන්දයක් බව.
  • අලුත් ආකාරයේ මනුෂ්‍ය සම්බන්දයක් බව.
  •   හිස්ටිරියාව සහ මනෝ විශ්ලේෂණය අතර මේ රෝගී සායනික සම්බන්දය කිසිදු ලෙසකින් වෙන් කරන්න බැහැ.    හිස්ටිරියා රෝගියෙකුට ප්‍රතිකාර කරන්න නම් තවත් හිස්ටිරියා තත්වයක් කෘතීම ලෙස නිර්මාණය කරන්න වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
  
ඇනා ඕ, ඩෝරා...ඒ අපූරු ගැහැණු. 
 
නූතන මනෝවිශ්ලේෂණයේ උප්පත්තිය වෙනුවෙන් තමන්ගේ ගර්භාෂය දුන්න අතීතයේ ඒ උන්නු ඒ හිස්ටරික ගැහැණු. අනෙකුත් සියලු ගැහැණු...
 
කිසිදා ලෙහාගන්න බැරි මොකක්දෝ දෙයක් වෙනුවෙන් ෆ්‍රොයිඩ්ගේ ළඟට ආපු ඒ ගැහැණු පැටළිලි සහගතව කිව්ව දේ මහා බලවත්ව ෆ්‍රොයිඩ් ගේ කණට ඇහුනා. 
 
ඒ හැමෝම කිව්වේ එක දෙයක්. ඒ තමයි හිස්ටිරියාව කියන්නේ තවත් එක්තරා අපූරු මනුෂ්‍ය සම්බන්දයක් බව. අලුත් ආකාරයේ මනුෂ්‍ය සම්බන්දයක් බව.
 
ෆ්‍රොයිඩ් මේ බලන්න...මම ඉන්නේ අපූරු සම්බන්දෙක නේද? 
 
ඔවුන්ගේ හඬ විසින් මනෝ විශ්ලේෂණයේ උප්පත්තියට මඟ කියා දුන්නා විතරක් නෙවෙයි එහි අනාගත න්‍යාය සහ භාවිතය කියන සියලු දේ තීරණය කළා. 
 
එම විෂය තුලත් ඉන් ඔබ්බෙහිත් සිදුවෙලා සියලු වෙනස් කම් සඳහා හිස්ටරිකයන් සහ ඔවුන්ගේ වේදනාව වෙනුවෙන් දුන් ප්‍රතිකාර බලපාල තියනවා.
 
හිස්ටිරියාව සහ මනෝ විශ්ලේෂණය අතර මේ රෝගී සායනික සම්බන්දය කිසිදු ලෙසකින් වෙන් කරන්න බැහැ. 
 
හිස්ටිරියා රෝගියෙකුට ප්‍රතිකාර කරන්න නම් තවත් හිස්ටිරියා තත්වයක් කෘතීම ලෙස නිර්මාණය කරන්න වෙනවා.
 
ඕනෑම නියුරෝසිකයෙක් ගත්තොත් ඒක යම් හිස්ටරික නියුරෝසික තත්වයක් වෙනුවෙන් නිර්මාණය වූ කෘතීම ප්‍රතිචාරයක්. 
 
ඉතින් සුවපත් කිරීම වෙනුවෙන් ම රෝගියා සහ විශ්ලේෂකයා අතර ඇතිවන මේ අලුත් 'මනුෂ්‍ය සම්බන්දය' හිස්ටිරියා රෝගියා සුව වීමත් එක්කම අතික්‍රමනය කරන්න වෙනවා. නැත්නම් රෝගියාට වඩා වෙදා අමාරුවේ වැටෙනවා. 
 
ඒ වෙනකොට රෝගියා ප්‍රතිකාර සඳහා යොමුකළ නියුරෝසික තත්වයත් මේ එක්ක ම සුව වෙන්න ඕනි. 
 
ඉතිං එදා ඉඳන් අද වෙනකම් හිස්ටිරියාව මනුෂ්‍ය සමාජයේ පැවතිලා තියනවා. හැබැයි අද ඒක තියෙන්නේ එක එක විදියට වෙස් වළාගෙන. සෘජුව නෙවෙයි. 
 
ෆ්‍රොයිඩ් ගේ කාලයේ තිබ්බ විදියට නොවුණත්, එතරම් සමාජයට නිරාවරණය නොවී නමුත් ඊට වඩා තීව්‍රර විදියට ඒක අප තුල පවතින්න පුළුවන්. 
 
එදා ඉඳන් අද දක්වා ගත්තොත් මනෝ විශ්ලේෂණයේ න්‍යාය කොතරම් නම් වෙනස් වෙලා තියනවද? ඒ කොච්චර වෙනස් වුනත් හිස්ටිරියාව වෙනුවෙන් මනෝ විශ්ලේෂණය දෙන නිර්වචනය අද දක්වාත් ලොකු වෙනසකට පත් වෙලා නැහැ. 
 
හිස්ටිරියා රෝගියා ගේ වේදනාව සහ ඒ වේදනාවේ ප්‍රභවය වෙනුවෙන් අදත් මනෝවිශ්ලේෂණය දෙන්නේ ඒ පැරණි නිර්වචනයම තමයි. 
 
හොඳට ඉතිහාසය ඇතුළට එබිලා බලන්න. එතකොට ඔයාලට පෙනෙයි රෝගය පටන් අරගෙන තියෙන්නේ ඊගෝවෙන් කියල. ඒ කියන්නේ අහම. 
 
අතෘප්තිමත් අහමක් (unsatisfied ego) ඒ හැම හිස්ටරික වේදනාවක් පස්සෙම තියනවා. ඔවුන් ඒ අතෘප්තිමත් අහම හිස්ටරිකකරණය කරනවා. 
 
සංයුක්ත යථාර්තයක් ඔවුන් විසින් ලිංගිකකරණය කරනවා. 
 
ඒක නිසයි ප්‍රතිකාරය ශෘංගාරකරණය කරන්න වෙලා තියෙන්නේ. 
 
අතෘප්තිමත් අහමකට ගැහැණු පිරිමි කියල වෙනසක් නැහැ...
 
(ජුවාන් ඩේවිඩ් නාසියෝ - Hysteria from Freud to Lacan) 
 
 
 
Mahesh Hapugoda(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 
 

THE LEADER TV 
 
ජාතිකවාදීන්ට අවසන් දැනුම්දීමක්! 
 
 
උන් උන්ම නිදොස් කොට නිදහස් 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...