The Leader News
BREAKING
Top Ad
Opinion

යුගදනවි සම්බන්ධ විදේශ ආයෝජනය වැරදිද? -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

September 26, 2021 • 6:13 AM

යුගදනවි සම්බන්ධ විදේශ ආයෝජනය වැරදිද? -අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙරවළපිටියේ අක්කර 25ක පිහිටි යුගදනවි බලාගාරය මෙගවොට් 300ක ජනන හැකියාවෙන් යුක්තයි.
  • මෙය ඉදිකර තිබෙන්නේ HSBC හරහා ලබාගත් යූරෝ මිලියන 152 ක ණය මුදලක් භාවිතා කරමිනුයි.
  •   ඩොලර් මිලියන 250ක මිලකට අවුරුදු 15ක කාලයක් සඳහා යුගදනවි සමාගමේ කොටස්වලින් 40%ක් නිව් ෆෝට්‍රස් එනර්ජි නම් ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් සමාගමකට පවරා තිබෙනවා.
  • දිනකට එල්එන්ජී ගැලුන් මිලියන 1.2ක් පමණ සැපයීමට එමගින් ඔවුන්ට අවස්ථාව ලැබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අදියර දෙකකින් ඉදිකරන ලද මෙම බලාගාරය 2010 පෙබරවාරි මස සම්පූර්ණ කළා. මෙය ඉදිකර තිබෙන්නේ HSBC හරහා ලබාගත් යූරෝ මිලියන 152 ක ණය මුදලක් භාවිතා කරමිනුයි.
 
ඩොලර් මිලියන 250ක මිලකට අවුරුදු 15ක කාලයක් සඳහා යුගදනවි සමාගමේ කොටස්වලින් 40%ක් නිව් ෆෝට්‍රස් එනර්ජි නම් ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් සමාගමකට පවරා තිබෙනවා. මෙම බලගාරයට එල්එන්ජී සැපයීමේ අයිතිය ඒ අනුව එම සමාගමට පැවරෙනවා. දිනකට එල්එන්ජී ගැලුන් මිලියන 1.2ක් පමණ සැපයීමට එමගින් ඔවුන්ට අවස්ථාව ලැබෙනවා.
 
එල්එන්ජී හෙවත් ද්‍රව ස්වාභාවික වායු දහනයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම නොරොච්චෝලේ බලාගාරය වැනි ගල් අඟුරු බලාගාරවලින් විදුලිය නිපදවීමට වඩා පිරිසිදුයි. එල්එන්ජී බලාගාරවලින් නිකුත් කරනු ලබන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ගල් අඟුරුවලට සාපේක්ෂව 50%කින් පමණ අඩුයි. 
 
බලශක්ති නිෂ්පාදනයේ අනාගතය වන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සමග ජාලගත වීමේදීත්, අනාගත කාබන් රහිත බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය වීමේදීත් එල්එන්ජී බලාගාර අතිශය වැදගත් වෙනවා.
  
ශ්‍රී ලංකාව අලුතින් ගල් අඟුරු බලාගාර ඉදි නොකිරීමට තීරණය කර තිබෙනවා. ඒ නිසා කෙරවළපිටිය එල්එන්ජී බලාගාරය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්. එම බලාගාර පවත්වාගෙන යාමේදී අවශ්‍ය එල්එන්ජී හෙවත් ගෑස් සැපයුම ද ඉතා වැදගත්. එය ඇමරිකා එක්සත් ජනපද සමාගමක් විසින් ලබාගෙන තිබෙනවා. ඉතින් මොකද?
 
මේ සම්බන්ධ විරෝධය රටේ සම්පත් විදේශයන්ට විකුණන්නේය යන බොළඳ ආර්ථික ජාතිකවාදී පදනම්වලින් මතුකරන ඒවා මිස එතරම් තේරුමක් ඇති ඒවා නොවේ. 
 
එසේම, මේ ගිවිසුම රාත්‍රී කාලයේ අත්සන් කළේය යන්න ද තවත් බොළඳ කතාවක්. ශ්‍රී ලංකාවට රාත්‍රී කාලය ඇමරිකා එක්සත් ජනපදයට දිවා කාලයයි. 
 
 
කෙසේ වෙතත්, යුගදනවි බලාගාරයේ අලෙවි කරනු ලබන 40%ක කොටස්වල වටිනාකම ප්‍රමාණවත් ද යන්න පිළිබඳ ප්‍රශ්න කිරීම සාධාරණ එකක්. ඒ සඳහා මිලගණන් කැඳවූ ආකාරය ද ප්‍රශ්න සහගතයි. මෙවැනි ගනුදෙනුවලින් රාජපක්ෂලා කොමිස් ගසන්නට ඉඩතිබෙන බව අමුතුවෙන් කියන්නට දෙයක් නැත. 
 
  
එසේ නම්, ලාංකිකයන් කළ යුතුව තිබුණේ එවැනි හොර පවුලක් බලයට ගෙන නොඒමයි. ලාංකිකයන් ඔවුන් බලයට ගෙනාවේ තුනෙන් දෙකේ බලයකින් වෙද්දී කොමිස් නොගසන නායකත්වයක් බලාපොරොත්තු වීම මුග්ධකමක්. 
 
 
ශ්‍රී ලංකාව වැනි තෙල් නිපදනවන්නේ නැති, ශක්තිමත් ආර්ථිකයක් ද නැති, කුඩා රටක් බලශක්ති ක්ෂේත්‍රයේදී විදෙස් රටවල සමාගම් සමග හවුල් ව්‍යාපාර ආරම්භ කිරීම ඉතා සාමාන්‍ය තත්වයක්. අවුරුදු 15ක් වැනි කාලයකට බදුදීම යනු ආයෝජනයක් සම්බන්ධයෙන් ඉතා හොඳ තත්වයක්.
 
 ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ විදේශ ආයෝජන අත්‍යවශ්‍ය තත්වයකයි.
 
විශේෂයෙන් මේවාට විරුද්ධ වන රාජ්‍ය සේවක වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා වෙනත් සිවිල් සමාජ මධ්‍යම පන්තික කොටස්වලට වරප්‍රසාද ලැබෙන වර්තමාන ආර්ථික ක්‍රමයේ පැවැත්ම සඳහා එවැනි විදේශ ආයෝජන අත්‍යවශ්‍යයි.
 
ප්‍රශ්නය වන්නේ වත්මන් ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව බලයට පැමිණියේ දේශීය සම්පත් සුරකින බවටත්, කලින් රජය විසින් චීනයට බදුදුන් හම්බන්තොට වරාය වැනි දේපල යළි පවරාගන්නා බවටත් ශපථ කරමින් වීමයි. ඔය වැනි පොරොන්දු යල්පැනගිය ඒවායි. 
 
ලංකාව පවත්නා ආර්ථික යථාර්ථය තුළ ක්‍රියා කළ යුතුයි. රටට විදේශ ආයෝජන ලබාගත යුතුයි. එහිදී, චීනය මත රඳා නොපැවතී ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය, ඉන්දියාව වැනි සෙසු රටවල් වෙත සමීප වීම ද අතිශය වැදගත්. යුගදනවි බලාගාරය සම්බන්ධ ගනුදෙනුව වැදගත් වන්නේ එහෙයිනුයි.
 
 
කෙසේ වෙතත්, මෙවැනි ගනුදෙනු හැංගි හොරා කරනවා වෙනුවට විවෘතව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර, ජනතාවට දැනුම් දී සිදුකිරීම ආණ්ඩුවේ වගකීමක් බව ද පැවසිය යුතුයි. එහෙත්, රාජපක්ෂ පවුල බලයට ගෙනැවිත්, ඉන්පසු ඔබ එවැනි තත්වයක් බලාපොරොත්තු වෙනවාද?
 
  
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දීය-ජපන් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ මේ හා සමාන ආයෝජනයක් රාජපක්ෂ පවුලේ ජනප්‍රිය සාධකය වන මහින්ද රාජපක්ෂගේ මැදිහත්වීම මත පසුගිය වසරේ කඩාකප්පල් වුණා. 
 
එම ජැටියේ කොටස් 49%ක් ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට මේ අන්දමින්ම වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති විරුද්ධ වුණත්, එම වරායේ අයිතිය 100%ක්ම වරාය අධිකාරිය වෙත තබාගැනීමෙන් ලැබූ කිසිදු ප්‍රගතියක් නම් වාර්තා වන්නේ නැහැ.
 
 
189986842 10159202379724326 4268289096394136324 n(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා විචාරක හා මාධ්‍යවේදී

 

THE LEADER TV 

 
ඇමෙරිකන් පාලනයට???   
 

 
 
කෙහෙළිය - ජයසුමන මරා ගනී !
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...