The Leader News
BREAKING
Top Ad
Opinion

යොහානියානු සින්තෝමය...- මහේෂ් හපුගොඩ

T

The Leader Desk

September 26, 2021 • 2:20 PM

යොහානියානු සින්තෝමය...- මහේෂ් හපුගොඩ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නෙවිල් ප්‍රනාන්දු සහ රුක්මණී දේවි ගේ 'මැණිකේ ඔබේ සිනාවේ' අහල ඊට ආසන්නයෙන් යන නමක් තියන ග්ලෝබල් හිට් එකක් වෙච්ච යොහානි ගේ 'මැණිකේ මගේ හිතේ' ඇහුවම මේ දෙක අතර අර්ථමය පරතරය
  • අද වෙනකොට ඒකෙ නිල වීඩියෝව නරඹල තියනවා සමස්තයක් විදියට බිලියන 4.1ක්.    අද වෙනකොට වෙනත් ගීත කිහිපයක් ඒක පහුකරලා ගිහිල්ලත් තියනවා.            ඒවත් ගොඩක් අර්ථයට වඩා ආකෘතික සිංදු.
  • මුකුත් දෙයක් ඒක ඇතුලේ නැහැ තමයි.
  • හැබැයි පස්සේ ඔයාල ඒක බලන්න බලන්න ඒකට කැමති වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
ග්‍රහණය කර ගත නොහැකි තරම්. 
 
නමුත් දෙවැන්න සඳහා බලපාල තියෙන්නේ අර්ථය ට (meaning or content) වඩා මම හිතන්නේ ආකෘතිය (form). එයිනුත් ඒ ආකෘතිය ඇතුළට අහඹු ආපතික දේවල් ගොඩක් අඩංගු වෙලා තියනවා. 
 
ඒවා අතර ඉන්දියාවේ ජනප්‍රිය අය කිහිප දෙනෙක් එයාලගේ ශෝෂල් මීඩියා වල මේ සිංදුව ශෙයා කිරීම වැදගත් වෙලා තියනවා. 
 
 

 
ඒ සිංදුව ග්ලෝබල් වෙනවා නම් වෙන්නේ ලංකාව හරහා නෙවෙයි ඉන්දියාව හරහා කියල මට හිතෙනවා. 
 
ඒ වුණාට සංගීතය වෙනුවෙන් ලංකාවේ කට්ට කාපු ගොඩක් අයට මේ යොහානි ලබන ගෝලීය කියන අවධානය ලැබුණේ නැහැ. 
 
ජනප්‍රිය අර්ථයෙන් ගත්තත් සී. ටී. ප්‍රනාන්දු, නෙවිල් ප්‍රනාන්දු, නිමල් මෙන්ඩිස්, ක්ලැරන්ස්, රූකාන්ත මේ ඔක්කොම ල යොහානි ඉස්සරහා ඉණට අත්දෙක තියාගෙන. 
 
මේ ඔක්කොම බටහිර සංගීතය එක්ක අත්හදා බැලීම් කරපු කට්ටිය. 
 
යොහානි මේ ලබන ප්‍රචාරය හමුවේ එයාල නිකම්ම ලෝකල් කට්ටිය උණා. අවම වශයෙන් චිත්‍රාල් පවා ලෝකල්ටත් වඩා ලෝකල්. 
 
කට්ට කාපු නිසාම යමෙකුට අවධානය දෙන්න ඕනි කියලත් නෙවෙයි මේ කියන්නේ. නමුත් මේ වෙන්නේ මොකක්ද කියල බලන එක හොඳයි නේද? 
 
මීට අවුරුදු පහක් හයකට කළින් මේ වගේ ම ග්ලෝබල් හිට් එකක් උණා කොරියන් රැප් ගායකයෙක් වෙච්ච PSY ගේ ගැන්ග්නම් ස්ටයිල් (Gangnam Style) කියන සිංදුව. අද වෙනකොට ඒකෙ නිල වීඩියෝව නරඹල තියනවා සමස්තයක් විදියට බිලියන 4.1ක්. 
 
අද වෙනකොට වෙනත් ගීත කිහිපයක් ඒක පහුකරලා ගිහිල්ලත් තියනවා. 
 
 
 

 
 
ඒවත් ගොඩක් අර්ථයට වඩා ආකෘතික සිංදු. ඒ කියන්නේ වීඩියෝ එකේ ඉන්න ගැහැණු කෙනා, හඬ, ඇඳුම, නර්තන ශෛලිය, ලොලීටාකරණය වගේ දේවල් ටිකක් තමයි හයිලයිට් වෙන්නේ.
 
 ගොඩක් විදෙස් භාෂා වලින් තියන ඒ සිංදුවල සන්දර්භමය අර්ථය දන්නේ දෙයියෝ තමයි. ඒවා සන්දර්භ වලින් උගුල්ලලා අරගෙන තමයි ගෝලීය වෙන්නේ. ඒකත් යම් දෙයක් තමයි. 
 
පොඩි පොඩි වැඩ කෑලි ටිකක් එක්ක යම් යම් හදිසි -ආපතික දේවල් (contingent events) කරන්න පුළුවන් කියන එක යොහානි ගේ මේ සිංදුව ඔප්පු කළා. ඒකත් පාඩමක්. 
 
ඉරිසියා කරනවා, කුහක වෙනවා වෙනුවට මම යෝජනා කරන්නේ එයිනුත් යමක් ඉගෙන ගමු කියල. 
 
ලෝකයේ තිබ්බ සිංදු එක්ක ගැන්ග්නම් සිංදුව සතේකට වැඩක් නැහැ තමයි. මුකුත් දෙයක් ඒක ඇතුලේ නැහැ තමයි. නමුත් ගොඩක් අය ඒක බැලුවේ ඒ නැති දේ නිසාමයි. 
 
නැති දේ මොකක්ද කියල හොයල බලන එකත් මේ යුගයේ නැරඹුමක් තමයි. 'නැහැයි කියල මේ නරඹන දෙය' (object a) මොකක්ද කියන එකම තවත් එක නැරඹුම් වාරයක් වෙනවා. 
 
ගැන්ග්නම් ස්ටයිල් ඉංග්‍රීසි නොවන ලෝකයේ ඒ විදියට ගේම ගහනකොට බටහිර ආත්මය සහ එහි අරගලය වෙනුවෙන් උගුර යටින් කෑ ගහපු ගන්ස් ඇන්ඩ් රෝසස් ල (Guns and Roses), යූ ටූ ල (U2), රෝලින් ස්ටෝන්ස් ල (The Rolling Stones), ලින්කින් පාක් ල (Linking Park) ඉණට අත්දෙක තියාන. 
 
මුලින් ඔයාල ගැන්ග්නම් සිංදුවට අකමැති තමයි. හැබැයි පස්සේ ඔයාල ඒක බලන්න බලන්න ඒකට කැමති වෙනවා. ඒ කියන්නේ සයිකෝ වෙනවා. සයිකෝ කියන්නේ දෘෂ්ටිවාදය ඔයා ඇතුලේ වැඩ කරන්න අරන් තියනවා කියන එක. 
 
කොකා කෝලා ඇතුලේ මුකුත් නැහැ තමයි. හැබැයි නැත්තේ මොකක්ද කියල හොයන්න හදන තැනම ඔයා ඒ වස්තුව විසින් හදන දෘෂ්ටිවාදය ට අහුවෙනවා. ඒ වස්තුව කියන්නෙම දෘෂ්ටිවාදයේ උත්කෘෂ්ට වස්තුව.   
 
අයියෝ මේ සිංදුව කොච්චර අවුල් ද...බලන්න ඕනි ආයෙත් අහල. බලමු තවත් පාරක් අහල මට තේරෙන්නේ නැති දෙයක්වත් ඒක ඇතුලේ ඇත්ද කියල. තව පොඩ්ඩක් අහමුද.. තව මොනවා හරි ඇති... 
 
මේ විදියට 'නැති දේ' හොයන්න ඔබ මේ සිංදුව දහ දොලොස් පාරක් අහනවා නිසැකයි. 'තියනවා කියන නැති දේ' තමයි අපි හොයන දේ. සියළු සම්බන්දතා ඇතුලේ අපි හොයන්නෙත් මේකම තමයි. 
 
යමක් ඇතුලේ ඝණීභවනය වෙලා තියනවා කියල අපි හිතන විනෝදයේ සංස්ලේෂණයට (condensed happiness) තමයි සින්තෝමය කියන්නේ. මේක කෙළවරක් නැති සෙවීමක්. කෙළවරක් නැහැ කියල සෙවීම නතර වෙන්නෙත් නැහැ. 
 
අපත් නොදන්නා අප වෙනුවෙන් ඝනීභවනය වූ විනෝදයක් (condensed jouissance) කොහේ හෝ ඇතැයි කියල ඒක හොයන එක නම් මේ සම්ම ජාතියේ නැති වෙන්නේ නැහැ. ඒ තාක් විනෝදයේ සින්තෝමය නැති වෙන්නෙත් නැහැ. 
 
 
ඒ නිසා ඔහොම යමු යොහානි. මේ ඔයාලගේ වෙලාව...
 
 
 

 
MH2021 1(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 

THE LEADER TV 

 
ඇමෙරිකන් පාලනයට???   
 

 
 
කෙහෙළිය - ජයසුමන මරා ගනී !
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...