The Leader News
BREAKING
Top Ad
Opinion

#මංගලයෝජනා : අර්බුදය ජය ගත යුත්තේ කෙසේද? - වික්ටර් අයිවන්

T

The Leader Desk

October 12, 2021 • 10:42 AM

#මංගලයෝජනා : අර්බුදය ජය ගත යුත්තේ කෙසේද? - වික්ටර් අයිවන් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව මුහුණදී සිටින අර්බුදය ජයගැනීම සඳහා නිවැරදි ප්‍රවේශයක් සොයා ගැනීමේදී මෙවැනි අර්බුදයක් ඇතිවූයේ ඇයි ද කියන ප්‍රශ්නයට මෙන්ම, මේ
  • එහි ප්‍රමානය ලංකාව මෙතෙක් මුහුණ්දී තිබෙන සියලු අරබුද එකට ගත් විට ඊටත් වඩා විශාල අර්බුදයක් ලෙසද සැලකි හැකිය.
  •   රටක් මෙවැනි බිහිසුනු තත්වයකට පත්වන්නේ අවුරුදු 5 ක් 10 ක් වැනි කෙටි කාලයක් තුළ සිදුවූ වැරදි නිසා නොව ඒ රට එකදිගට අවුරුදු 30 ක් 40 ක් වැනි දීර්ග කාලයක් මුග්ද භාවය රජකරන තත්වයක තිබුනේ නම් පමනය.
  •   මේ අර්බුදය ජය ගැනීම සදහා කෙබදු ප්‍රවේශයක් අවශ්‍යද යන ප්‍රස්නය මංගල සමරවීර ජීවතුන් අතර සිටියදී අප අතර විශේෂ වශයෙන් සාකච්චාවට ලක්වු ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):
අර්බුදය ජය ගත යුත්තේ කෙසේද යන ප්‍රශ්නයට ද නිවැරදි  පිලිතුරක් සොයා ගත යුතු බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසයි.
 
දේශපාලන විශ්ලේෂකයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන වික්ටර් අයිවන් එම කාරණය සඳහන් කර සිටියේ,  NEXTV නාලිකාව විසින් ඊයේ (11) මෙහෙයවූ විශේෂ වැඩසටහනකට එක්වෙමිනි. 
 
එහිදී ඔහු සිය කරුණු ගෙනහැර දැක්වුයේ, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදය ජයගැනීම සම්බන්ධයෙන් මංගල සමරවීර ජිවතුන් අතර සිටියදී පසුගිය මාස කිහිපයේ සිදුකල සාකච්ජා පදනම් කරගනිමිනි. 
 
  
සැබෑ දේශප්‍රේමියෝ (#TRUEPATRIOTLK) මතවාදය හරහා යහපත් රටක් ගොඩනැගීමේ මුලික අරමුණ පෙරදැරිව ඒ වෙනුවෙන් වූ 'රැඩිකල් මැදමාවත' (Radical Center) අදහස ඉදිරිපත් කිරීමට පෙර මංගල සමරවීර, ප්‍රවීන දේශපාලන විශේලේෂකයකු හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන වික්ටර් අයිවන් හා ඔහුගේ 'පුනරුදය' සංවිධානය සමග ද සාකච්ජා වට කිහිපයක්ම පවත්වා තිබිණ. 
 
 
මංගල සමරවීර සමග සිදුකල සාකච්ජාවලදී අවදාරණය කෙරුණ කාරණා සිහිපත් කරමින් වික්ටර් අයිවන් තවදුරටත් මෙසේ සඳහන් කළේය. 
 
''ලංකාව දැන් මුහුන දී තිබෙන්නේ ලංකාව නූතන යුගයට පිවිසීමෙන් පසු මුහුණ දෙන ලොකුම අර්බුදයට ලෙස සැලකිය හැකිය. එහි ප්‍රමානය ලංකාව මෙතෙක් මුහුණ්දී තිබෙන සියලු අරබුද එකට ගත් විට ඊටත් වඩා විශාල අර්බුදයක් ලෙසද සැලකි හැකිය.
 
රටක් මෙවැනි බිහිසුනු තත්වයකට පත්වන්නේ අවුරුදු 5 ක් 10 ක් වැනි කෙටි කාලයක් තුළ සිදුවූ වැරදි නිසා නොව ඒ රට එකදිගට අවුරුදු 30 ක් 40 ක් වැනි දීර්ග කාලයක් මුග්ද භාවය රජකරන තත්වයක තිබුනේ නම් පමනය.
 
මේ අර්බුදය ජය ගැනීම සදහා කෙබදු ප්‍රවේශයක් අවශ්‍යද යන ප්‍රස්නය මංගල සමරවීර ජීවතුන් අතර සිටියදී අප අතර විශේෂ වශයෙන් සාකච්චාවට ලක්වු ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය.
 
අර්බුදය ජයගැනීම සදහා නිවැරදි ප්‍රවේශයක් සොයා ගැනීමේදී මෙවැනි අර්බුදයක් ඇතිවූයේ ඇයි කියන ප්‍රස්නයට අපි නිවරදි පිලිතුරක් සොයා ගත යුතුයි. ඒ සමග මේ අර්බුදය ජය ගත යුත්තේ කෙසේද යන ප්‍රස්නයටත් නිවැරදි  පිලිතුරක් සොයා ගත යුතුයි.''
 
 
 
ශ්‍රී ලාංකීය සමාජ පරිවර්තනයක් සඳහා හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත්කර ඇති න්‍යාය පත්‍රය පෙරට ගෙනයාමට තමා ද ඇපකැප වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පවසයි. 
 
තම පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් බහුතරයකගේ මතය ද එය බව අවදාරණය කර සිටින මන්ත්‍රීවරයා, වෙනත් දේශපාලන පක්ෂවල තරුණ ක්‍රියාකාරී ද ඒ පිළිබඳව සුබවාදී ස්ථාවරයක සිටිනබව කියා සිටියි.
 
 
 
 
කියවන්න - සංවාදයට ලක්කරන්න 
 
 
 
 
  

 

THE LEADER TV 
 
ජනපති - ශවේන්ද්‍ර කොටවන මෙහෙයුමක් ! 
 
 
ලොකු අනතුරක් අත ළග?
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...