The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

මීළඟ සතුරා ක්‍රිස්තියානිය ද?

T

The Leader Desk

May 20, 2023 • 7:01 AM

මීළඟ සතුරා ක්‍රිස්තියානිය ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට සමාජය පුරා දැඩි කතාබහට ලක්ව ඇති මාතෘකාවක් වන්නේ Paster Jeram
  • එහිදී ඔහු සිය අනුගාමිකයන් අමතා ප්‍රකාශ කරන්නේ බෞද්ධ, ඉස්ලාම්, ශිව යන ආගම් සියල්ලම ඉතා පහත් වන අතර ක්‍රිස්තියානිය ඉතා ඉහළ ආගමක් වන බවයි.
  • මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ප්‍රධාන යොමු කරන ලද අතර කඩිනමින් මේ පිළිබඳව පරීක්ෂණයක් කොට වහාම වාර්තාවක් ලබාදෙන ලෙස පවසන ලදී.
  • මෙම ජෙරම් ගේ ප්‍රකාශය සම්බන්ධව සර්ව ආගමික නායකයන් ඉතා අප්‍රසාදයට පත් වූ අතර ඒ සම්බන්ධයෙන් සිය අදහස් අදහස්ද ප්‍රකාශ කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):

නැමැති පූජකවරයා විසින් සිදුකරන ලද අපහාසාත්මක කතාව වේ.

එහිදී ඔහු සිය අනුගාමිකයන් අමතා ප්‍රකාශ කරන්නේ බෞද්ධ, ඉස්ලාම්, ශිව යන ආගම් සියල්ලම ඉතා පහත් වන අතර ක්‍රිස්තියානිය ඉතා ඉහළ ආගමක් වන බවයි.

එහිදී ඔහුගේ අනුගාමිකයන් නම් කතාව අසා ඉතා කුල්මත්ව ඔල්වරසන් දෙමින් අත්පුඩි ගසන ආකාරයක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් පැවතිණි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ප්‍රධාන යොමු කරන ලද අතර කඩිනමින් මේ පිළිබඳව පරීක්ෂණයක් කොට වහාම වාර්තාවක් ලබාදෙන ලෙස පවසන ලදී.

මෙම ජෙරම් ගේ ප්‍රකාශය සම්බන්ධව සර්ව ආගමික නායකයන් ඉතා අප්‍රසාදයට පත් වූ අතර ඒ සම්බන්ධයෙන් සිය අදහස් අදහස්ද ප්‍රකාශ කරන ලදී.

මෙහිදී ඉතා සුවිශේෂී කරුණක් වන්නේ මෙම සර්ව ආගමික නායකයන් අතර කාලයක් අතුරුදහන්ව සිටී ඥානසාර හිමියන්ද සිටීමයි. 

 මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ මෙම ජෙරම් විසින් සිදුකරන ලද ප්‍රකාශය සඳහා කතෝලික පූජකවරු සභාව වගකිව යුතු බවයි.  ජෙරම් වැනි පුද්ගලයන් පිළිබඳව ඉතා සෝදිසියෙන් සිටි බව සඳහන් කළ උන්වහන්සේ, ජෙරම් වැනි තවත් පුද්ගලයන් බොහෝ සිටින බව ද සඳහන් කළහ. මේ නිසා එවැනි පුද්ගලයන් සොයා වහා ම වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද පැවසුහ.

මීට අමතරව ඥානසාර හිමියන් විසින් සහරාන් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල සිටීමට සැලසුම් කර ඇති බව තමන් වහන්සේ මිට පෙර සඳහන් කරන ලද බවද සිහිපත් කළේය. සහරාන් ගේ බොහොම ප්‍රහාරයට වඩා වැඩි හානියක් සමාජයට සිදු කිරීමට ජෙරම් වැනි පුද්ගලයන් හට හැකියාවක් ඇති බවද පැවසුහ.

 

එල්ටීටීඊ සංවිධානය සමූලඝාතනය කොට වසර දාහතරක් සැපිරෙන මෙම මාසය තුළ ක්‍රිස්තියානිය පොදු සතුරා බවට පත් වීම අහම්බයක් නොවේ. මීට ප්‍රථමව සතුරා බවට පත් කරගෙන සිටියේ දෙමළ ජනතාව අතර අතර ඔවුන්ව සමූල ඝාතනය කිරීමෙන් සිංහලයාගේ තෘප්තිය සාක්ෂාත් කර කරගැනීමට බලාපොරොත්තු විය. පසුව 2019 වන විට සිංහලයාගේ තෘප්තිය නැති කරන බාහිර සාධකයක් බවට පත් කර ගත්තේ මෙරට ජීවත් වන ඉස්ලාම් ප්‍රජාවයි. සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඉස්ලාම් ප්‍රජාව විසින් සිදු කරනු ලබනවා යැයි කියන වහබ්වාදී ක්‍රියාවන් ඔස්සේ ලංකාවේ සිංහල බෞද්ධ උරුමය නැති කිරීමට උත්සාහ කරන බව ප්‍රකාශ කළේය.


සිංහලයකු වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කරගත් අතර එය මොට්ට සිංහලයා සැලකූ වේ තනි සිංහල රජෙක් පත්වූ බවයි.

2023 වන විට මෙරට ජනතාවගේ පොදු සතුරා බවට පත්වූයේ 2009 දී වීරත්වයෙන් සැලකූ රාජපක්ෂලා ය.

රාජපක්ෂලා බලයෙන් පහ කිරීම තුළින් තුළින් තමන්ට නැවත සිය තෘප්තිය ලබාගැනීමට හැකියාවක් ඇතැයි මෙරට සිංහලයා සිතු අතර රාජපක්ෂලා ඉතා කෘෘර අයුරින් බලයෙන් පහකට දමන ලදී.

මේ වන විට නැවත පොදු සතුරෙක් විදිහට සිංහල සහ විසින් තෝරාගෙන ඇත්තේ අන් කවරෙකුවත් නොව තනි සිංහල රජු පත් කිරීමට ඉතා වෙහෙස මහන්සි වූ මෙරට ජීවත්වන ක්‍රිස්තියානි ප්‍රජාවයි.



මෙයාකාරයෙන් ලංකා සමාජය තුළ කාලෙන් කාලෙට සතුරන් නිර්මාණය වන අතර ඔවුන් විනාශ කිරීමෙන් පරිපූර්ණත්වයට යාමට උත්සාහ කරන ජනතාවක් ද ජීවත් වෙයි. එහෙත් ලාංකිකයන් කිසිදු විටෙක උත්සාහ නොකරන්නෙ තමන් තුළ පවතින නිෂේධනය හඳුනා ගැනීමටයි. ඒ වෙනුවට කරන්නේ තම නිශේධනය බාහිර සතුරෙකුට යොමු කොට එම සතුරා විනාශ කිරීමෙන් තම ජීවිතයේ පරිපූර්ණත්වය ළඟා කර ගැනීමට උත්සාහ ගැනීම යි.




එබැවින් ජෙරම් නැමැති සතුරා විනාශ කිරීමෙන් අනතුරුව මීළඟ සතුරා බවට පත් වීමට සියලු දෙනාට හැකියාව ඇත. මීළඟ සතුරා ඔබ විය හැක.


(දේශපාලන සටහන -carbonnews.lk)


සබැඳි ලිපි :

 

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මීළඟ සතුරා ක්‍රිස්තියානිය ද? | The Leader