The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

දිවයින හා ජාතිකත්වය - (මහාචාර්ය නලින් ද සිල්වා)

T

The Leader Desk

October 6, 2023 • 10:32 AM

දිවයින හා ජාතිකත්වය - (මහාචාර්ය නලින් ද සිල්වා) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එඩ්මන්ඩ් රණසිංහ මහතා ගැන ලියන්න හිතන් හිටියත් ඒ අතපසු වී ගියා.
  • ඒ අතර තමා එතුමාගේ අකීකරු පුත්‍රයා ලෙස හඳුන්වා ගන්නා මා මිත්‍ර හරිත් ගුණවර්ධනගේ ලිපියක් ද කියවන්න ලැබුණා.
  • මගේ මතකය අනුව ඔහු 1986 අග ජාතික චින්තනයක අවශ්‍යතාව ගැන ලිපියක් දිවයින පත්‍රයෙහි පළ කළා.
  • මා හිතන්නේ ඔහු එ අදහස ඒ ආසන්නයේ රත්නපුරයේ පැවති සම්මන්ත්‍රණයක දී ප්‍රකාශ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊයෙ පෙරේදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එතුමාට උපහාරයක් පිරිනමා ඇතැයි දැන ගන්න ලැබුණා. ඒ අතර තමා එතුමාගේ අකීකරු පුත්‍රයා ලෙස හඳුන්වා ගන්නා මා මිත්‍ර හරිත් ගුණවර්ධනගේ ලිපියක් ද කියවන්න ලැබුණා. මා කොළඹ මොටාවේ කතන්දර කියන කාලයේ හරිත් එහි සිසුවකු ව සිටියා. මා ඔහුගේ ගුරුවරයකු නම් නො වෙයි. 

මෙරට වත්මන් ජාතිකත්වය ගැන කතා කරන විට මගේ මතකයට එන ප්‍රධාන ම පුද්ගලයන් දෙදෙනා ගුණදාස අමරසේකර හා එඩ්මන්ඩ් රණසිංහයි. ඔවුන් දෙදෙනාම දැන් අනුවැනි විය පහු කරලා. ගුණදාස අමරසේකර විසින් ජාතිකත්වයට කරන ලද සේවය කවුරුත් පාහේ දන්නවා. මගේ මතකය අනුව ඔහු 1986 අග ජාතික චින්තනයක අවශ්‍යතාව ගැන ලිපියක් දිවයින පත්‍රයෙහි පළ කළා. මා හිතන්නේ ඔහු එ අදහස ඒ ආසන්නයේ රත්නපුරයේ පැවති සම්මන්ත්‍රණයක දී ප්‍රකාශ කළා. ඒ සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ පරාක්‍රම කොඩිතුවක්කු. 

එහි මටත් දේශනයක් නියම වී තිබුණා. මට මතක හැටියට මා බටහිර විද්‍යාව ගැන කතා කළා. මා එකල බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් ය යන මතය දැරුවේ නැහැ. එසේ වුණත් මට බටහිර විද්‍යාව පිළිබඳ ප්‍රශ්න තිබුණා. මා එකල දැරූ මතය අමරසේකරට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔහු බටහිර විද්‍යාව සම්බන්ධයෙන් දරන්නේ පේරාදෙණියේ අශෝක අමරතුංග දරණ අදහස් කියා මා හිතනවා. අමරසේකර තම නවතම කෘතිය මහගෙදර පුදා ඇත්තේ අමරතුංගට. 

gunadasa
කෙසේ වෙතත් එකල මගේ මත හා අමරසේකර දැරූ මත අතර විශාල භේදයක් තිබුණේ නැහැ. එහෙත් මා මාක්ස්වාදයෙන් ඒ වන විටත් මිදී තිබුණා. මා හිතන්නේ අමරසේර මාක්ස්වාදී භෞතිකවාදී ජාතිකවාදියකු කියා. මා විඥානවාදියකුවත් භෞතිකවාදියකුවත් නොවන සසර ගැන විශ්වාස කරන බෞද්ධයෙක්. අප රත්නපුරයට ගියේ අමරසේකරගේ රියෙන්. එය පැදවූයේ ඔහුගේ පුත් සුමේධ. අමරසේකර මැතිණියත් අප සමග ගියා. ආපසු එන ගමන් අප රත්නපුරේ සමන් දේවාලයට ද ගියා. අමරසේකර එහි ගිය පළමු වතාව එ බවයි කියැවුණේ. මා හිතන්නේ භෞතිකවාදියකු වූ ඔහුට තිබුණේ යමක් දැන ගැනීමේ අවශ්‍යතාව පමණක් කියා.    

අමරසේකර මා මෙන් නොව එදත් අදත් සමාජය විසින් පිළිගැණුනු බුද්ධිමතුන් අතර දැවැන්තයෙක්. මට මතකයි වරක් වික්ටර් අයිවන් අසා තිබුණා අමරසේකර නම් රට පිළිගත් සාහිත්‍යධරයෙක් නලින් ද සිල්වා කියන්නෙ කවුද කියා. මා හා අමරසේකර අතර ඇති වෙනස අවශෝෂණය හා ආරෝපණය අතර වූවක්. අමරසේකරට අවශ්‍ය බටහිර දැනුමට ජාතිකත්වයක් ජාතික චින්තනයක් ආරෝපණය කරන්න. මට අවශ්‍ය බටහිර දැනුම් ආධිපත්‍යයට යට නොවී බටහිර හා වෙනත් දැනුම් සිංහල බෞද්ධ දැනුම් පද්ධතියට අවශෝෂණය කරන්න. ඒ කෙසේ වෙතත් ජාතිකත්වය වෙනුවෙන් අමරසේකර කළ සේවය ඇගයිය යුතුයි. 

එඩ්මන්ඩ් රණසිංහ මා දැන ගත්තේ දිවයින මාර්ගයන් වුවත් ඔහු මා ගැනත් මා ඔහු ගැනත් දැන හිටියා. රනිල්ගේ පියා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ විසින් ලේක්හවුසියට බඳවා ගනු ලැබූ ඔහු අසූවේ මුල සිළුමිණ කතෘ ධුරය දැරුවා. මා 1980 මාර්තුවේ නව සමසමාජ පක්‍ෂයෙන් අස්වූයේ මාක්ස්වාදය විද්‍යාත්මක ද යන දීර්ඝ ලිපියක් ලියා. නව සමසමාජ පක්‍ෂය එය තම සඟරාවේ පළ කෙළේ ශාන්ත ද අල්විස්ගේ පිළිතුරක් සමග. මා නව සමසමාජ පක්‍ෂයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් ව සිටි අවධියේ සිට දැන සිටි ත්‍රිත්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු වූ අජිත් සමරනායක අසූව වන විට ඔබ්සර්වර් පත්‍රයේ වැඩ කළා. ඔහූ මගේ ලිපිය සඳහන් සඟරාව එකල ඔබ්සර්වර් පත්‍රයේ ගාමිණී වීරකෝන්ට දී තියෙනවා. ශාන්ත තෝමස් විදුහලේ ආදි ශිෂ්‍යයකු වූ ගාමිණි මා සමග කොළඹ මොටාවේ සිසුවකු ව සිටියා. ඔහු දක්‍ෂිණාංශිකයෙක්. ගාමිණි මගේ ලිපිය එඩ්මන්ඩ් රණසිංහට දී තියෙනවා. එඩ්මන්ඩ් රණසිංහ එම ලිපිය සිළුමිණ පත්‍රයේ පළ කිරීමට ගාමිණි සුමනසේකරට දී තියෙනවා. උගතුන් සහ පළල් සමාජය එදාවත් අදවත් මා නොපිළිගත්තත් මගේ ලිපියට ප්‍රසිද්ධියක් දුන්නේ එඩ්මන්ඩ් රණසිංහ.

රටේ නීතියට අනුව කටයුතු කරනවාද ? නැද්ද ? - එඩ්මන්ඩ් රණසිංහ උපහාර උළෙලේදී  ජනාධිපති අසයි
ඒ ලිපිය පළ කිරීමත් සමග ම මෙන් එඩ්මන්ඩ් රණසිංහ දයාසේන ගුණසිංහ ගාමිණී සුමනසේකර සිළුමිණෙන් දිවයිනටත් ගාමිණී වීරකෝන් අජිත් සමරනායක ඔබ්සර්වර් පත්‍රයෙන් දි අයිලන්ඩ් පුවත්පතටත් ගියා. ඒ මාධ්‍ය ජාලයෙහි කළමනාකාරීත්වය දැරුවේ ජේම්ස් ද ලැනරෝල් මහතා. ඔහුත් එඩ්මන්ඩ් රණසිංහත් ජාතිකවාදීන්. එඩ්මන්ඩ් රණසිංහ කලක් සියරට පත්‍රයේ ද කතෘ ධුරය දරා තියෙනවා. අප නොහිතනවාට ජාතිකවාදීන් ඉන්නේ ඊනියා ප්‍රගතිශීලින් අතර පමණක් නො වේ. එඩ්මන්ඩ් රණසිංහ ඉතාමත් ඉහළ ගණයේ ජාතිකවාදියෙක්.

ඔහුගේ මෙහෙයවීම යටතේ දිවයින ජාතිකත්වයෙ පුවත්පත බවට පත් වුණා. ජාතික චින්තනය පිළිබඳ සංවාදයක් ඉරිදා දිවයිනේ මෙන් ම බදාදා අතිරේකයෙහි ද ඇති වුණා. අද ජාතිකත්වය පිළිබඳ යම් ශක්තිමත් මතවාදයක් රටේ ඇත්නම් එහි ගෞරවය එඩ්මන්ඩ් රණසිංහට හිමි විය යුතුයි. මට ඔහු අවුරුදු ගණනකින් හමු වී නැහැ. මා හිතන්නේ ඔහු අද රට පත් වී ඇති තත්වය ගැන කණගාටුවෙන් ඉන්නෙ කියා. ජාතිකත්වය පරාජය වී නැති බව ඔහු දන්නවා. එහෙත් රට ගමන් කරන අත ගැන ඔහුට පැහැදීමක් තියෙන්නෙ බැහැ.  

දිවයින නොතිබුණත් මෙරට ශක්තිමත් ජාතිකත්වයක් තියෙනවා. එය නැති කරන්න බටහිරටවත් ඉන්දියාවටවත් බැහැ. ඔවුන්ට කළ හැක්කේ ජාතිකත්ව නායකයන් ඉවත් කිරීම පමණයි. එහෙත් දිවයින හේතු කොටගෙන ජාතිකත්වයට ශක්තිමත් මතවාදයක් තියෙනවා. ඒ පිළිබඳ ගෞරවය එඩ්මන්ඩ් රණසිංහටත් ගුණදාස අමරසේකරටත් හිමි විය යුතුයි.  

Nalin De Silva 2 250x250(මහාචාර්ය නලින් ද සිල්වා)

(උපුටා ගැනීම - කාලය ෆේස්බුක් පිටුවෙන් ..)

ලේඛකයාගේ වෙනත් ලිපි :

ජර්මන් මාධ්‍යවේදියා, චැනල් 4 හා රනිල් - (මහාචාර්ය නලින් ද සිල්වා) 

 

සබැඳි ලිපි :

මම ඔහුගේ හිතුවක්කාර පුත්‍රයා වෙමි!


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දිවයින හා ජාතිකත්වය - (මහාචාර්ය නලින් ද සිල්වා) | The Leader