The Leader News
BREAKING
Top Ad
Opinion

බිග්මැච් සහ නලින් ද සිල්වාගේ සංස්කෘතික තිගැස්ම - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

March 6, 2024 • 5:59 AM

බිග්මැච් සහ නලින් ද සිල්වාගේ සංස්කෘතික තිගැස්ම - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වත්ත පුරා දුවමින් කෑ කෝ ගසමින් ඔවුන්ගේ “රෝයල් සංස්කෘතිය” මෙවරත් විදහා පාන ආකාරය දකින විට මට මතක් වූයේ ජනාධිපති මන්දීරයට ඔය ආකාරයෙන්ම කඩා පැන ඩෙඟා නැටූ අරගලකාරයන් ය.
  • පානදුරේ බෞද්ධ පාසලක උගෙනුම ලැබූ නලින් ද සිල්වා පුංචි දරුවා පසුව කොළඹ රෝයල් කොලිජියට නිරාවරණය වීම ඔහුට දැඩි සංස්කෘතික තිගැස්මක් ඇති කරවන්නට ඇත.
  • යම්තම් එම රෝයල් සංස්කෘතියට අනුගත වීමෙන් පසුව එංගලන්තයේ විශ්වවිද්‍යාලයට ඇතුළු වීමත් සමග දෙවන වරටත් ඔහුට දැඩි සංස්කෘතික තිගැස්මක් ඇති වන්නට ඇත.
  • උදාහරණයක් ලෙස එංගලන්තයට යන ලාංකිකයාට මුලින්ම එම අත්දැකීම මධු සමයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

වත්ත පුරා දුවමින් කෑ කෝ ගසමින් ඔවුන්ගේ “රෝයල් සංස්කෘතිය” මෙවරත් විදහා පාන ආකාරය දකින විට මට මතක් වූයේ ජනාධිපති මන්දීරයට ඔය ආකාරයෙන්ම කඩා පැන ඩෙඟා නැටූ අරගලකාරයන් ය. ඕස්ට්‍රේලියාවේ සිට ගුවන් යානයක් පුරවාගෙන කොඩි වන වන පැමිණි ද සිල්වාගේ පාසලේ උගත් බුද්ධිමත් ඕස්ට්‍රේලියානු ලාංකික පිරිමින්ගේ ඒ ජාතික මෙහෙවර දකින විට මට මතක් වූයේ කෝච්චි පුරවාගෙන කොඩි වන වන කොළඹ පැමිණි අරගලකාරයන් ය.

 

image 0b24fbdbe7
පෙර කල නම් මෙවැනි අවලම් වැඩ හෙලා දුටුවත් ඊනියා අරගලයෙන් පසුව එවැනි හරසුන් වැඩ කිරීමට මා වෙහෙසෙන්නේ නැත. මෙවැනි ක්‍රියාවලින් නැවත නැවත ඔප්පු වෙන්නේ කොළඹ රෝයල් කොලිජියේ කොල්ලා තුළ පවතින දැඩි ලිංගික ආතතිය යි. එම කොල්ලන්ගේ ආතතිය මේ ආකාරයට නිදහස් කර හැරීමට අප ඉඩ දිය යුතුය. නැත්නම් වෙන්නේ ඔවුන් ටික ගෝල්ෆේස් එකේ අරගල කරමින් රාජ්‍ය ආරක්ෂාව බිඳිමින් එම ආතතිය පිට කර හැරීමයි. කොළඹ පාසල්වල කොල්ලන් ගෝඨාභය සමග තරහා වීමට ප්‍රධාන හේතුවක් වූයේ “බිග්මැච්” නමින් හඳුන්වන ඔවුන්ගේ වාර්ෂික “ලිංගික ආතති හරණ” සම්ප්‍රදාය කෝවිඩ් සමයේ වැළැක්වීමයි. වසංගත එකක් නොව දහයක් පැමිණියත් බිග්මැච් වැනි ලාංකේය සංස්කෘතික චාරිත්‍ර නැවැත්වීම දේශපාලනිකව අවාසිදායක ය.

 



මෙම කාරණයෙහි ලා මා වඩාත් උනන්දු වන්නේ ඒ හරහා මතුවන නලින් ද සිල්වාගේ “සංස්කෘතික තිගැස්ම” (Culture Shock) පිළිබඳව ද සාකච්ඡා කළ හැකි නිසාය. පානදුරේ බෞද්ධ පාසලක උගෙනුම ලැබූ නලින් ද සිල්වා පුංචි දරුවා පසුව කොළඹ රෝයල් කොලිජියට නිරාවරණය වීම ඔහුට දැඩි සංස්කෘතික තිගැස්මක් ඇති කරවන්නට ඇත. යම්තම් එම රෝයල් සංස්කෘතියට අනුගත වීමෙන් පසුව එංගලන්තයේ විශ්වවිද්‍යාලයට ඇතුළු වීමත් සමග දෙවන වරටත් ඔහුට දැඩි සංස්කෘතික තිගැස්මක් ඇති වන්නට ඇත. ද සිල්වාගේ ඊනියා ජාතික චින්තනය සැකසෙන්නේ මෙම සංස්කෘතික තිගැස්මවල් හරහා ය. ඔහුගේ බටහිර ආධිපත්‍ය විරෝධය සහ එයට අවස්ථාවාදීව අනුගත වීම තුළින් අපට පැහැදිලි වන්නේ එම සංස්කෘතික තිගැස්මේ පශ්චාත් එල ය.

ලංකාවේ නූතන ජාති(ක)(ත්ව)වාදය යනු මෙම සංස්කෘතික තිගැස්ම අසවසා ගැනීමට එයට ලක්වූවන් විසින් නිර්මාණය කරගත් දුර්වල මනෝභාවයක් පමණී. සංස්කෘතික තිගැස්මට ලක්වන පුද්ගලයා අදියර කිහිපයක් පසු කරයි. උදාහරණයක් ලෙස එංගලන්තයට යන ලාංකිකයාට මුලින්ම එම අත්දැකීම මධු සමයකි. ඒ අරුමෝසම් පිටසක්වළ සිය සංඥාවට ගන්නා ලාංකිකයා ටික කලක් එය ආස්වාද කරයි. නමුත් වැඩි කල් යන්නට මත්තෙන් එම ආගන්තුක සංස්කෘතිය තුළ එම ලාංකිකයා භංගත්වයට පත් වේ. උස මහත සුද්දන් සහ ඔවුන්ගේ කුලීන සමාජය තුළ කුතුහලයට ලක්වන සත්ත්වයෙකු බවට පත් වන මිටි කළු ලාංකිකයා එම සංස්කෘතියට අනුගත වීමට අනුකම්පා සහගත උත්සාහයක් දරයි. අවසානයේ එම පිටස්තර සංස්කෘතියට ඔහු යටත් වේ.

නලින් ද සිල්වා එයට කෙතරම් තදින් යටත් වූවාද කියතොත් ඔහු එය ගෝලීය “ආධිපත්‍යයක්” තරමටම උසස් කරයි. ඔහුගේ ජාතික චින්තනයේ පදනම එම පිටස්තර සංස්කෘතික ආධිපත්‍යය මිස ස්වදේශික යථාර්ථයක් නොවේ. ඔහුගේ ඊනියා ජාතිකත්වය කරපින්නාගෙන යන බහුතරය ජීවත් වන්නේ ද ලංකාවේ නොවේ. ඔවුන්ද ඉහත සංස්කෘතික තිගැස්මට ලක්වූවන්ය. ද සිල්වාගේ ජාතික චින්තනය ඔවුන්ට මහත් අස්වැසිල්ලකි.

 

රනිල්-ගෝඨා අශුද්ධ සංධානය'ට එරෙහි ජවිපෙ ගේමට බසී !


කාන්තා පාසලකට බලහත්කාරයෙන් කඩා වදින රෝයල් කොලිජියේ කොල්ලන් සහ ජනතා විමුක්ති පෙරමුණේ තරුණයා අතර ද වෙනසක් නොමැත. ජවිපෙ යථාවාදීම නිදර්ශනය වන ලාල්කාන්ත විසින් තමන් ආණ්ඩු බලය ගත් පසු උඩුකය නිරුවත් ගැහැණුන් පාර දිගේ නටවන බවට කරන ප්‍රකාශය තුළ ඇත්තේද ඒ ලිංගික ආතතියම ය. රෝයල් කොලිජියේ වැඩිපුර ඉන්නේ ද සිල්වා මෙන් පිටතින් පැමිණි කොල්ලන් ය. 21 වන සියවසේ ඩිජිටල් තාක්ෂණික යුගයක ජීවත් වුවත් ඔවුන් මනසින් ප්‍රාථමික ය. සංස්කෘතික තිගැස්මට ලක්වන එම දහසකුත් ලාල්කාන්තලා විසින් නිර්මාණය කර ගෙන ඇති අස්වැසිල්ල බිග්මැච් එක ය. මේවාට විරුද්ධ වීමෙන් ඵලක් නැත. මේවා පිළිබඳව මේ ආකාරයෙන් නුවණින් විමසා පැත්තකට කළ යුතුය. ධර්මය ඔබට මග වේවා!

#ඩිස්කේඅම්මටඩිස්කේඩිස්කාඩි


(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 මාර්තු 5 

සබැඳි ලිපි :

ජම්බුව සහ නලින් ද සිල්වාගේ බම්බුව - (එරන්ද ගිනිගේ)
 

බැසිල් රෝහණ සහ නලින් ද සිල්වාගේ ජාතිකත්ව මීටරය - (එරන්ද ගිනිගේ)

සංසන්දන අගතිය හෙවත් නලින් ද සිල්වාගේ ජාතිකවාදය - (එරන්ද ගිනිගේ)

බුදුදහම සහ නලින් ද සිල්වාගේ මායාවාදය - (එරන්ද ගිනිගේ)

සරල රේඛාව සහ නලින් ද සිල්වාගේ මෝල් ගහ - (එරන්ද ගිනිගේ)

පරිණාමවාදය සහ නලින් ද සිල්වාගේ කිකිළිය (එරන්ද ගිනිගේ)

මහා පිපිරුම සහ නලින් ද සිල්වාගේ මැවීම - (එරන්ද ගිනිගේ)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...