The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල් : පැරදුණත් දිණුම් ලාංකික දේශපාලනයේ නාකියා... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

June 13, 2024 • 7:07 AM

රනිල් : පැරදුණත් දිණුම් ලාංකික දේශපාලනයේ නාකියා... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චන්දෙ තිබ්බේ නැත්නම් ඒක තමයි යූඇන්පියේ අවසානය කියන එක.
  • ඒ වගේම රනිල් විරෝධීන් ඒවාගෙන් සෑහෙන ආතල් එකක් ගන්න බවකුත් පේනවා.
  • දුටුගැමුණු රජ්ජුරුවෝ මැරුණේ රුවන්වැලි සෑය දිහා බලාගෙන කියල සඳහන් වෙනවා.
  • එහෙම උනානම් අපිට පොරොත්තු වෙන්න තිබ්බ කාලය පෝය තුනේ ඉඳන් පෝය විසිහයක් දක්වා දික්වෙන්න තිබ්බ. දැන් කතාව තමයි ජනාධිපතිගේ ධූරකාලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ චන්දෙන් අඩුකළා සේම ඒක තව අවුරුද්දකින් වැඩි කරන්නත් ඒ තර්කයම පාවිච්චි කරන්න පුළුවන් නේද කියන ඒක.
අකුරු ප්‍රමාණය (Font Size):

චන්දෙ තිබ්බේ නැත්නම් ඒක තමයි යූඇන්පියේ අවසානය කියන එක. ජනමත විචාරණයකට ගියොත් බලාගන්න පුළුවන්, අපි රනිල්ට හොඳ පාඩමක් උගන්වනවා, වගේ පාරම්බාන වාක්‍යවලින් හැමදාම හැම මාධ්‍ය සාකච්චාවක්ම පිරිල ඉතිරිලා යනවා. ඒ වගේම රනිල් විරෝධීන් ඒවාගෙන් සෑහෙන ආතල් එකක් ගන්න බවකුත් පේනවා. රැඩිකල් බව උතුරනවා. විව්ස් වැඩි වෙනවා. 

සාමාන්‍යයෙන් මිනිසා අවසානය ගැන ෆැන්ටසි වලට ආශාකරනවා (end fantasy). අපි මැරෙන හැටි ගැන උණත් අපිට ෆැන්ටසි එකක් තියනවා. උදාහරණයක් හැටියට ඉස්සර පරම්පරාව කිව්වේ සිරිමහා බෝධිය වැඳ පුදාගෙනවත් මැරෙන්න ඕනි කියල. දුටුගැමුණු රජ්ජුරුවෝ මැරුණේ රුවන්වැලි සෑය දිහා බලාගෙන කියල සඳහන් වෙනවා. ඒ අපේ අවසානය ගැන තියන යම් ෆැන්ටසි එකක්. ඒක සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙන්න පුළුවන්. සමහරු මක්කම ගිහිල්ල මැරෙනවා. ඒ පැත්ත බලාගෙන මැරෙනවා. ඒ වගේ එක් එක් විදි තියනවා. 

ඒ විදියට දැන් තියන එක පරාජිත ෆැන්ටසි එකක් තමයි රනිල් මැරෙනකල් ඉන්න එක. ඒ කියන්නේ දේශපාලන තලයේ භෞතිකව එයාව පරද්දන්න බැරි වෙනකොට, නැත්නම් රනිල් එක් එක් විදියට ඉත්තෝ අදිනකොට සහ අපිට ඒ ඒ විදියට වැඩ කරන්න වෙනකොට අපි හිතින් මවාගන්නවා ''අනේ මූ මැරිලවත් යන්නේ නැහැනේ'' කියල. සමහර විට පහුවෙන හැම පෝයක් ගානෙම මේ ෆැන්ටසි එක අපිට එනවා. නමුත් එහෙම හිතෙන්නේ අපි පරාජිත නිසා. මේ නාකි දේශපාලඥයා එක්ක ගේම් එක අපිට තවමත් ගහන්න බැරි නිසා. කෙක්කෙන් හරි කොක්කෙන් හරි රනිල් ගේම තවමත් ගහමින් ඉන්න නිසා. 

අපි එයා මැරෙනකල් පෝය ගණන් කරනවා. එයා දිගටම එයාගේ වැඩේ කරගෙන යනවා. 

 



ඊයේ පෙරේදා ටවුමට ආපු කතාව තමයි ජනමත විචාරණේ ගැන කතාව. හැමෝම ඒකට බණින්න ගත්ත. අවුරුදු දෙකක් තමයි දික්කරන්න ගියේ. එහෙම උනානම් අපිට පොරොත්තු වෙන්න තිබ්බ කාලය පෝය තුනේ ඉඳන් පෝය විසිහයක් දක්වා දික්වෙන්න තිබ්බ. 

දැන් කතාව තමයි ජනාධිපතිගේ ධූරකාලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ චන්දෙන් අඩුකළා සේම ඒක තව අවුරුද්දකින් වැඩි කරන්නත් ඒ තර්කයම පාවිච්චි කරන්න පුළුවන් නේද කියන ඒක. ඒකටත් සෑහෙන්න ඉඩක් තියනවා. එහෙම උනොත් පෝය කාලය පහළොවක් වෙනවා. ඒ විදියටම ඕනිනම් තව අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් ධූරකාලය දික්කරන්නත් පුළුවන් වෙයි. එතකොට පෝය කාලය අනන්තයක් වෙනවා. හයිපතිටිකලි මේ ඕනෑම දෙයක් සිද්දවෙන්න පුළුවන්. 

පුංචි ඡන්දයේ දින නියමය දෙසැම්බරයේ !

 

ඒ වගේම මේකේ තියන අනික් දේ තමයි එන ඕනෑම චන්දයකට පරදින්න හරි රනිල් ඉදිරිපත් වෙන්න උනත් පුළුවන් වීම. ඒක සමුරායි වැඩක්. ගොඩක් අය දැන් දැන් අහන දෙයක් තමයි ඕනිනම් වැඩිම රනිල් චන්ද ලක්ෂ දහයක් ගනී. ඒ දහය ගන්න ඉල්ලන්නේ ඇයි කියන එක.

මට හිතෙන්නේ මෙහෙම දෙයක්. ගිය මැතිවරණෙදී චන්ද ලක්ෂයක් දෙකක් ගත්ත කෙනෙක් තමයි අද ලක්ෂ දහයක් ගනී කියල අපි හිතන්නේ. තව පහක් ගියාම එයා හතළිහක් පනහක් ගනී. ඒ එක පැත්තක්.

අනික අපි දන්නේ නැහැ මැතිවරණයක අන්තිම මොහොතේ මිනිස්සු මොනවගේ තීරණයක් ගනීද කියල. සමහර විට රටේ මිනිස්සු මේ නාකියා දිගටම තියාගන්න උනත් පුළුවන්.

 

රට අරාජික කරන්න ඉඩ දෙන්නෙ නෑ' - ජනපති අවධාරණය කරයි

ඒ සියල්ල කෙසේ වෙතත් රනිල් චන්දෙන් පරාජය උනත් ඇත්තටම දේශපාලනය ඇතුලේ දිනුම්. ඒ තමයි එයාගේ 'වැල්පාළමේ ව්‍යාපෘතිය'. කවුරු බලයට ආවත් එයා දැන් අරන්යන වැල්පාළමේ වැඩේ තවදුරටත් කරන්න ඕනි කියල හැමෝම එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් පිළිගනිමින් තියනවා. ඒ වැඩේ ඉස්සරහට යනවා කවුරු ආවත්. ඒ නිසා ව්‍යාපෘතියක් ලෙස රනිල් පැරදුණත් දිනුම්.

ඒ වැල් පාළමේ ව්‍යාපෘතිය එයා කරගෙන යන විදියට අළුතෙන් ආපු කෙනෙකුට කරන්න බැරිඋණොත් ආයේ එයාට එන්න කියන්න වෙන්නේ වැඳවැටිලා...
ඒත් පොර දිනුම්. 

('නාකියා' කියල යෙදුවේ ටවුමේ කතාව නිසා. ඔක්කොම නාකි එලවපු - අනෙකා නැති - තරුණයෝ විතරක් කටකපල ඉන්න පාර්ලිමේන්තුවක තරුණයින්ට මාර පාළුවක් දැනෙයි). 
 

බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

සබැඳි ලිපි :

'නාකියෝ සෙට් එක එලවන්නම ඕනි' – රංගන ශිල්පිනි මනෝජා ප්‍රනාන්දු 

 

ඔබගේ නාකි අනෙකා කවු ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල් : පැරදුණත් දිණුම් ලාංකික දේශපාලනයේ නාකියා... - (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader