The Leader News
BREAKING
Top Ad
Opinion

දුප්පත් අනුර සහ පෝසත් හරිනි | |එරන්ද ගිනිගේ

T

The Leader Desk

April 13, 2025 • 4:36 PM

දුප්පත් අනුර සහ පෝසත් හරිනි |  |එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිර්මාල් ඉහත ප්‍රකාශය කරන්නේ නලින් හේවගේ සහ සමන්ත විද්‍යාරත්න වැන්නවුන් හුවා දක්වමින්.
  • මාලිමාවට ඡන්දය දුන් එම ඊනියා ප්‍රභූන්ට දැන් හේවගේ වැන්නවුන්ගේ ප්‍රකාශ ලැජ්ජාවට හේතුවක් වී තිබේ.
  • එබැවින් නිර්මාල් මේ කියන්නේ, ඒවා හුදෙක් ජවිපෙ මෝඩයන් විසින් කරන ප්‍රකාශ බව ය.
  • එයින් ඔහු නොකියා කියන්නේ ජවිපෙ නොවන මාලිමාවුන් එසේ නොවන බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):
නිර්මාල් ඉහත ප්‍රකාශය කරන්නේ නලින් හේවගේ සහ සමන්ත විද්‍යාරත්න වැන්නවුන් හුවා දක්වමින්. ඔහු සරලව කියන්නේ ජවිපෙ ඉන්නේ සහ ජවිපෙ ආමන්ත්‍රණය කරන්නේ නූගත් මෝඩ අශිෂ්ටයින් කියා ය. මේ මොහොතේ ඔහු එහෙම කියන්නේ ඇයි?
 

 මේ වන විට නිර්මාල් වැන්නවුන්ට ඔහු ලොල් කරන කොළඹ ධනේශ්වර ප්‍රභූ තන්ත්‍රයේ ඇනුම් බැනුම් ඇසීමට සිදු වී තිබේ. මාලිමාවට ඡන්දය දුන් එම ඊනියා ප්‍රභූන්ට දැන් හේවගේ වැන්නවුන්ගේ ප්‍රකාශ ලැජ්ජාවට හේතුවක් වී තිබේ. එම ලැජ්ජාව පිට කරන්නේ නිර්මාල් වැනි සිය බූට් ලොවින්නන්ට දොස් කීමෙනි. එබැවින් නිර්මාල් මේ කියන්නේ, ඒවා හුදෙක් ජවිපෙ මෝඩයන් විසින් කරන ප්‍රකාශ බව ය. එයින් ඔහු නොකියා කියන්නේ ජවිපෙ නොවන මාලිමාවුන් එසේ නොවන බව ය. නමුත් එය සත්‍යයක් ද?

රෝයල් ආනන්දේ පමණක් නොව, CIS Asian ආදියෙන් උගෙන උපාධියක් හදාරා කොළඹ ආයතනයක විධායක ශ්‍රේණියේ වැඩ කරන එකා පවා ‘රාජපක්ෂලා උගන්ඩාවට ඩොලර් ගෙන ගිය’ නිලන්තිගේ මෝඩ කථාව විශ්වාස නොකළේ ද? කළේ ය. බ්‍රිජට් බිෂොප් මියුසියස් ගිය කොළඹ ළමාතැනීලා එකයි බිංදු පනහක් විතර ලියූ ඉලක්කමක් සහිත බැනරයක් ඔසවා ගෙන රාජපක්ෂලා ඒ සා මුදලක් සොරා කෑ බව නොකීවේ ද? කීවේ ය. හේවගේලා අද කියන සෑම කථාවක් ම එදා ඔය කොළඹ ප්‍රභූන් විශ්වාස නොකළේ ද? කළේ ය. එසේ නම් නිර්මාල්ගේ ප්‍රකාශය ජවිපෙ කාඩරයාට පමණක් නොව, මාලිමාවට ඡන්දය දුන් සෑම එකෙකුට ම අදාළ විය යුතු නොවේ ද? ඒ අනුව මාලිමාවට ඡන්දය දුන්නේ බුද්ධියෙන් හීන අසංස්කෘතික දුප්පතුන් ය.

සුනිල් වටගල විසින් දිලිත් ජයවීරගේ වත්කම් ප්‍රශ්න කළ ආකාරයෙන් ම නිර්මාල් දේවසිරිගේ දුවත් ධම්මික පෙරේරාගේ කොළඹ නිවසේ ඡායාරූපයක් ෆේස්බුක් දමා එම වත්කම් ප්‍රශ්න කරමින් අරගලකරුවන් එහි කැඳවූයේ නැති ද? ඒ අනුව වටගල සහ දේවසිරිගේ දුව අතර ඇත්තේ සමාන දුප්පත්කමක් නොවේ ද? සමාන අශිෂ්ටත්වයක් නොවේ ද? එබැවින් නිර්මාල්ට දැන් එමින් තිබෙන චෝදනාව ඒ සා පහසුවෙන් ජවිපෙ පිට තබා ගැලවිය නොහැකි ය. මාලිමාවට ඡන්දය දුන් සෑම අයෙකුට ම මේ ආණ්ඩුවේ මෝඩකම්වලින් ගැලවිය නොහැකි ය. Nice try though, නිර්මාල්…

අනෙක් පැත්තෙන් නිර්මාල් පහර ගසන්නේ අනුර කුමාරට ය. නිර්මාල් කියන “ජවිපෙ දුප්පතා” යනු අනුර ය. එයට සාපේක්ෂව “මාලිමාවේ පෝසතා” හරිනි ය. එම බාල සංස්කෘතික විභේදනයට මා එකඟ නැතත් නිර්මාල් කියන්නේ එයයි. තඹුත්තේගම අනුරට සාපේක්ෂව කොළඹ හරිනි අදහස්මය වශයෙන් පෝසත් බව ය. සංස්කෘතිකව උසස් බව ය. එය ද වැරදිය. හරිනිගේ උද්දච්ච කථා සහ ලක්මාලිගේ කථා අතර වෙනසක් තිබේ ද? නැත. මාලිමාව සහ ජවිපෙ අතර බුද්ධිමය ඉරක් ඇඳීමට කිසිදු තාර්කික හේතුවක් නොමැත.

තවත් පැත්තකින් ගත්තොත් නිර්මාල් මේ කරන ප්‍රතිගාමී පන්තිමය බෙදීම ඔහුගේ ජීවිතය පුරා විඳවන කුල අවුල පිළිබිඹු කරයි. තම කුලයේ එකාට ගරහමින් උසස් කුලයේ පැසසුම් ලැබීම නිර්මාල්ට තාවකාලික අස්වැසිල්ලකි. නමුත් එහි වඩාත් උත්ප්‍රාසය වන්නේ ඒ හරහා ඔහු තමා වටා සිටින විදර්ශන සහ තවත් එවැනි අන්තේවාසිකයන් ටිකත් ඉතා කෲර ලෙස ඉහත පාච්චල්කරණයට ලක් කිරීම යි. ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

උපුටා ගැනීම : ගිනිහුළ
2025 අප්‍රේල් 13
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...