The Leader News
BREAKING
Top Ad
Opinion

ආණ්ඩුව කාගෙ වුනත් පාවිච්චි කරන්න වෙන්නෙ එක ම වට්ටෝරුව - Noize Radio විඩියෝවක්

T

The Leader Desk

April 15, 2025 • 1:27 PM

ආණ්ඩුව කාගෙ වුනත් පාවිච්චි කරන්න වෙන්නෙ එක ම වට්ටෝරුව - Noize Radio විඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇත්‍තටම මාලිමා අයවැයේ අලුත් දෙයක් ඇත්තෙම නැද්ද?
  • එම වැඩසටහනේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ධනනාත් ප්‍රනාන්දු පැවසුවේ රට දියුණු කිරීමට නම් නිෂ්පාදන භාණ්ඩ වැඩි කර ඒම භාණ්ඩ අලෙවි කළ යුතු බවයි.
  • ඒ සදහා මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති සාධනිය කරුණු තුනක් ද ඔහු ඉදිරිපත් කරනවා.
  • මෙම වැඩසටහන සමග එක් වූ දේශපාලන විද්‍යා විශ්ලේෂක අශෝක අභයගුණවර්ධන පැවසුවේ තමා පිළිගන්නේ තිරසර ආර්ථික සංවර්ධන මූලධර්මය බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇත්‍තටම මාලිමා අයවැයේ අලුත් දෙයක් ඇත්තෙම නැද්ද?

මාලිමාවේ රට හදන ප්‍රතිපත්ති මොනවාද? රට හදන්න පුද්ගලික අංශයට පුලුවන්ද? රටකට රට දියුණු කරන උපායමාර්ගික සැලැස්මක් අවශ්‍යද? ඒක හදන්න පුලුවන් කාටද?

මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහගේ වුව ද අනුර කුමාර දිසානායකගේ වුව ද රට ගොඩ ගැනීමට නම් භාවිත කළ යුත්තේ ඒක ම වට්ටෝරුවක් යැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ Noize Radio YouTube නාලිකාව ඉදිරිපත් කරන ''බයියෝ නෙවෙයි’’ වැඩසටහන සමග ඒක් වෙමින්.

එම වැඩසටහනේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ධනනාත් ප්‍රනාන්දු පැවසුවේ රට දියුණු කිරීමට නම් නිෂ්පාදන භාණ්ඩ වැඩි කර ඒම භාණ්ඩ අලෙවි කළ යුතු බවයි. ඒ සදහා මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති සාධනිය කරුණු තුනක් ද ඔහු ඉදිරිපත් කරනවා.

මෙම වැඩසටහන සමග එක් වූ දේශපාලන විද්‍යා විශ්ලේෂක අශෝක අභයගුණවර්ධන පැවසුවේ තමා පිළිගන්නේ තිරසර ආර්ථික සංවර්ධන මූලධර්මය බවයි. එහි ප්‍රමුඛ අංග දෙකක් ඇති බවත් එම අංග දෙකට අදාළ උපායමාර්ගික සැලැස්මක් ලංකාවට නොමැති බවත් ඔහු කියනවා.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ මාධ්‍යවේදිනී සිරිමලී ලියනගේ විසිනි.

(සටහන | ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...