"දැන් ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායකටත් තර්ජනය කරනවා, පාස්කුදින ප්‍රහාරයේ 6 වන සංවත්සරය වන විට, ඒ සංහාරයට විසඳුමක් නොලැබුණොත් පාරට බහින බව කියමින්. ඒ නිසා තමයි මම මේ පොත ලිව්වේ."
- මහාචාර්ය'' රොහාන් ගුණරත්න (තමන්ගේ අලුත්ම පොත සහ එහි සිංහල පරිවර්තනය දක්වා සිටිමින් )
හයිඩ්පාක් - අද දෙරණ
''Malcolm Cardinal Ranjith is the most powerful man in Sri Lanka. Because he displaced the Sirisena regime, he displaced the Gotabaya Rajapaksa regime, he displaced the Ranil Wickremesinghe regime. And now he is threatening President AKD that he is going to go to the streets, if by the 6th anniversary of the Ester attacks, if there is no resolution to the Easter Sunday massacre. And that is the very reason I wrote this book.''
- Prof. Rohan Gunaratne
At Hydepark - Ada Derana
රොහාන් ගුණරත්න යනු පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වැදගත් කතිකාවක් ඇති වූ වහාම හෝ විමර්ශන අලුත් වටයකින් ඇරඹෙන වහාම හෝ කොහේදෝ සිට කඩාපාත් වී,
"...දැන් ඒක ගැන සියලුම විමර්ශන අහවරයි, තවත් විමර්ශනය කරන්න දෙයක් නෑ, මං ඔක්කොම කියෙව්වා, ඔක්කොම එක්ක කතාකළා, මං ඔක්කොම දන්නවා, කිසිම බුද්ධි අංශයක් මේකට සම්බන්ධ නෑ, දැන් ඔය ළමයි ගිහින් බුදියගන්න යැයි යැයි යැයි..."
...ගාමින් නහුතයක් වැල්වටාරම් දොඩවමින්, කිසියම් දේශපාලන වුවමනාවක් වෙනුවෙන් ඩෙඟානටන්නෙක් බව අපගේ නිරීක්ෂණය යි.

ඉහත කොටස අප උපුටාගත්තේ 'අද දෙරණ හයිඩ්පාක්' වැඩසටහන ඔහු සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවෙනි.
මේ ප්‍රකාශය ගැන කතෝලික සභාවට කියන්නට ඇත්තේ මොනවාද?
- රොහාන් ගුණරත්න යනු කුමක්ද?
- ඔහු නගන තර්කවල ඇති වලංගුභාවය කෙබඳුද?
- ඔහු අවතාරයක් මෙන් පාස්කුදින ප්‍රහාර විමර්ශන අස්සෙන් නිරන්තරයෙන් එබෙන්නේ ඇයි?
- රොහාන් ගුණරත්න එන්නේ මොකාටද?
(සටහන | සනත් බාලසුරිය)
මාධ්‍යවේදී
sanathbalas@gmail.com
උපුටා ගැනීම -
Sanath Balasooriya ගේ FB පිටුවෙන්...
2025 අප්‍රේල් 20



